IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


රෝගය සුවකරගන්න ගිහින් ජීවිතය අහිමි වෙයි

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මදුරන්කුලිය මුක්කුතොඩුවාව  ප්‍රදේශයෙ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජලනය හා දැඩි ශ්වසන ආබාධයකට ලක්වී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලීසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මුන්දලම විල්පොත පදිංචි කළුමරක්කලගේ රේණුකා ඉන්ද්‍රකාන්ති නැමති දෙදරු මවකි.

ඇය වසර 35 කට ආසන්න කාලයක් මැද පෙරදීග රටවල ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් සිට ඇති බවත් අවසන් වරට එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙ ඩුබායි නගරයෙ සේවය කරමින් සිට ඇති බව ඥාතින් පවසති.

එසේ සේවය කරමින් සිට සති කිපයකට පෙර මෙරටට පැමිණි මෙම කාන්තාව යම් මානසික අපහසුතාවයකින් සිටිම නිසා එය සුව කරගැනීමට එම ස්ථානයට ගොස් ඇතැයි ඥාතීහු කියති.

එහිදී  ජල බෝතල් කිපයක් පානය කිරීමට දි ඇති අතර  පසුව යම් රෝගී තත්වයකින් රෝහල්ගත කිරීමෙන් අනතුව ඇය මියගොස් ඇතැයි පොලීසිය කියයි.



අදහස් (7)

රෝගය සුවකරගන්න ගිහින් ජීවිතය අහිමි වෙයි

Achini Wednesday, 24 April 2024 07:22 PM

ජෙරම් ගාවට නොවෙයිද ගියේ? 

:       2       15

ජගත් ලියනගේ Wednesday, 24 April 2024 07:47 PM

ලංකාවේ මිනිස්සු තරම්, මිථ්‍යා මත විශ්වාස කරන මිනිස්සු, මේ ලෝකයේ වෙන කොහේවත්ම නැතුව ඇති...

:       1       37

Nihal Wednesday, 24 April 2024 08:39 PM

අපේ කෂ්ටිය බටහිර ඉබ්බෝ දාලා වහලා පාලුවට ගිය දේව ස්ථාන ඇරගෙන ලෙඩ සුව කරනවා,රැකියා සොයලා දෙනවා,වැඩිම ප්‍රචාරය වර්ක් පර්මිට් ලබාදීමයි ආත්ම ශක්තිය නැති නූගත් මිනිස්සුන් දක්කනවා නියමෙට

:       0       4

වීරසිංහ Wednesday, 24 April 2024 08:43 PM

යාඥා කිරීමෙන් ලෙඩ සුවකරන යෙහෝවාගේ සාක්ෂි කරුවන්. මෙයලා රෝහල් වලට ඇවිත් සනීප වෙන්න ලඟයි වගේ අයට පත්‍රිකා බෙදලා කියනවා "සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ නාමයෙන් අපිට ඔබව යාඥා කිරීමෙන් සුව කල හැකියි. අපේ පල්ලියට එන්න." කියලා. පස්සේ කියනවා "අපේ ආගම තමයි හරි ඒකට බැදෙන්න" කියලා. මේ මෑතකදි යාපනය රෝහලෙත් පත්‍රිකා බෙදුවා.

:       0       1

Kumar Wednesday, 24 April 2024 08:49 PM

එක්සත් ජනපදයේ තරුණ කාන්තාවක්. තරඟයකදී විශාල ජල පරිමාවක් පානය කර මිය ගියේය. ඊට පස්සේ එහෙම තරග තහනම් කළා. ශ්‍රී ලංකාවේ අවාසනාවන්ත කාන්තාව අධික ලෙස ජලය පානය කිරීමට සැලැස්වූවා යැයි මම සිතමි.

:       0       1

මිලින්ද Thursday, 25 April 2024 06:20 AM

වරින්වර රටේ මෙවැනි දේවල් වරින්වර අහන්න ලැබෙනවා. එහෙම වෙලාවට හදිසි මරණ පරීක්ෂක කෙනෙකුවත් මෙහෙම ආයතන ගැන තීරණයක් ගන්න කියලා නියම කරන්නෙ නැහැ. කොහොම වුනත් රජයේ අවධානයට මේ මිනීමැරුම් ගැන යොමුවේවා .එලෙස යොමු වී මේවා තුරන්කිරීමට හා ලංකාව තුල ක්‍රියාත්මක කිරීම තහනම් කලහැකි පනතක් සම්මත වේවා මෙහෙම දේවල් ගැන ටෙලිනාට්‍ය හා චිත්‍රපටි සකසා ජනතාව මිත්‍යාවෙන් මුදාගැනීමට කලාකරුවන්ට හැකිවේවා

:       0       0

Jayamanna Thursday, 25 April 2024 10:52 AM

අනේ මෙහෙම නුගත් මැටි මෝල් මිනිස්සු... විශ්වාසය පස්සේ ගිහින් අපරාදේ ජිවිතය නැති කරගන්නවා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 102 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 438 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 95 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 476 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 301 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 866 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25116 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site