IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


රේගුවේ තෑගි සෙල්ලම අතේ මාට්ටු

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආනයනය කළ රුපියල් කෝටි 1149ක් වටිනා දොඹකර යන්ත්‍ර තිස් හයකට රේගු සටහන් ඉදිරිපත් නො කිරීමේ චෝදනාව යටතේ රුපියල් කෝටි 158 ක දඩ මුදලක් පනවා ඉන් කෝටි හැත්තෑ නමයකට වැඩි මුදලක් ඇතැම් රේගු නිලධාරීන් ත්‍යාග මුදල් ලෙස ලබා ගැනීමට දැරූ උත්සාහයක් පිළිබඳව තොරතුරු හෙළිවී ඇතැයි රජයේ ගිණුම් පිළිබද පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) පවසයි.

මේ සිද්ධිය සිදුවී ඇතැයි පැවසෙන්නේ 2011වර්ෂයේදීය.

මෙම ගැටලුව විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් කමිටුවක් පත්කෙරුණු බවත් කමිටුවේ නිර්දේශ මත එම දණ්ඩන මුදල අඩු කළ බවත් රේගු ප්‍රධානීන් කෝපා කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.

එසේම මෙය ආයතන දෙකක ගැටලුවක් හෙයින් එය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇතැයිද එම ප්‍රධානීන් වැඩිදුරටත් පවසා ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධානින් ඉදිරි දිනක නැවත කැඳවීමට රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත .

 



අදහස් (15)

රේගුවේ තෑගි සෙල්ලම අතේ මාට්ටු

Raveendra Thursday, 28 October 2021 07:05 AM

මේ නිලධාරින් යනු පුදුම කාලකන්ණි හැත්තක් නොවේද....නුඹලාට අහිංසක මහජනතාවගේ සාපය නිතැතින්ම ලැබෙන බැවින් එවන් සාපයකින් බේරීමට තොපි වගේ කාලකන්ණින්ට කිසිසේත්ම නොහැකිබව සදහන් කරන්නෙමු. මහජන සාපය ඉතාමත්ම භයානක බව අතීතය දේශපාලුවන්ට මෙන්ම මහජන මුදල් හොරාකන පර බල්ලන්ට හොදින් කියාදී ඇති බවත් සදහන් කරන්නෙමු.

:       4       135

පැරකුම්Thursday, 28 October 2021 11:57 AM

අහල තියනවනේ ගුරා හිටගෙන කරනකොට ගෝලයො දුව දුව කරනවලු. මහ උන් දෙන ආදර්ශය අන්තිමයාටම යනව. සාපය අනිවාර්යයෙන්ම වදින්නෙ උන්ගෙ දරු පරපුරට

:       4       27

යෝගා Thursday, 28 October 2021 07:13 AM

ඇත්තටම හොඳින් විමසා බැලුවොත් දේශපාලුවන්ටත් වඩා ලොකුම හොරු රජයේ ඉහළ නිලධාරීන්.

:       2       94

wca Thursday, 28 October 2021 07:36 AM

සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇත

:       0       39

Bandara Thursday, 28 October 2021 08:40 AM

මෙවන් දූෂිත රාජ්‍යයක් තවත් මේ ලොව තිබේද? ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත්, හරහටත් ආදී වශයෙන් සමාජයේ සෑම ස්ථරයකම වංචාව, දූෂණය, අල්ලස ආදිය මුල් බැහැලා ඉවරයි. පිරිසිඳු ගණුදෙනු වෙන්නේ නැති තරමටම රාජ්‍ය සේවය, සමාජය සහ ව්‍යාපාර ලෝකය පිරිහිලා අවසන්.

:       0       60

SL Thursday, 28 October 2021 09:12 AM

ලංකාවේ මිනිස්සු කප්පම් ,පගා වලට පුරුදු කරන ප්‍රමුඛතම ආයතනය තමයි රේගුව. ඊට අමතරව රටේ සාධාරණ වෙළඳාමක් කරන මිනිස්සුන්ට තියෙන ලොකුම හෙනය රේගුවේ ඉන්න හොරු. මේ මිනිස්සු හොරට හම්බ කරලා ,ඒවායින් තමන්ගේ දු දරුවන් නඩත්තු කරන එක ගැන කිසියම්ම හෝ විලි ලැජ්ජාවක් නැති මිනිස්සු කොටාශයක්. සහ ඉන් රටට වන අගතිය ඉතා විශාලයි ඒකටත් හරියන්න රටේ මහා මනුස්සය (2010-2015) ගිහින් " ඔයාලට ඉතින් යැවුවත් ගොඩ ඇල්ලුවත් ගොඩ " කතාවක් කියල රේගුවේ හොරකම් ටික අනුමත කරලා ආව.

:       1       63

Hafeel Thursday, 28 October 2021 09:18 AM

රට දියුණු කල හැකි බව දසමයක් හෝ විශ්වාස කල හැකිද? දිනපතා කොහේ හෝ රජයේ ආයතනයකින් දුෂණ වංචා හැලි වමින් පවතිනවා. හැලි නොවූ කොච්චර ආයත ඇති? දුෂණ වංචා නැති ආයතනයක් සොයන්නම බැරි තැනට පත් වෙලා. රටේ තරුණ තරුණියන් රට හැර යාම මිස දැනට නම් විකල්පයක් පෙන්න නැහැ.

:       0       33

nagahananda Thursday, 28 October 2021 11:29 AM

රේගුවේ මිනිසුන්ගේ වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැ.

:       0       20

Nuwan Thursday, 28 October 2021 11:50 AM

පොඩි මිනිහෙක් දුක් විඳලා ගේන පොඩි දෙයක් අල්ලා ගෙන සතේට බදු ගහන අය, ලොක්කෝ කන්ටේනර් පිටින් ගේන දේවල් ගැන හූම් නැහැ

:       0       15

kamal Thursday, 28 October 2021 12:09 PM

රේගු නිලධාරීන්ද රේගුව තුල බොහෝ වංචා වන් සිදු කරන අතර ,සේවට වාර්තා කිරීමේදී හා පිටව යාමේදී සේවකයින් රැගෙන එන හා රැගෙන යන දේවල් පිළිබඳව හොඳින් සොයා බැලීමට කටයුතු කරන්න

:       1       8

පිටිගල මිලානෝ Thursday, 28 October 2021 02:32 PM

රේගු නිලධාරීන්ගේ දරුවන් සහ ලංගම නෑයන්ගේ වත්කම් පරීක්ශා කරන්න. දේශීය සහ විදේශීය වත්කම්.

:       0       11

රටවැසියා Thursday, 28 October 2021 06:45 PM

එක රටක්... එක නීතියක්... බලකායේ විමසුමට යොමුවේවා..!!!

:       1       5

chandima Thursday, 28 October 2021 08:07 PM

මේක අමුතු දෙයක් නෙමෙයි. ලංකාවට කන්ටේනර් වල බඩු එවන හැමෝටම පාහේ අත්විඳීමට වෙන දෙයක්. විශේෂයෙන්ම ජපන් රටේ කොරියාවේ ඉඳලා බඩු එවන කට්ටියට ඒ ගණුදෙණු වෙන්නේ වාප්පු ලිපිකරුවන් හරහා... ගණුදෙණු වෙන්නේ වාප්පු ලිපිකරුවන් හරහා නිසා වැඩේ කවදාවත් අහුවෙන්නේ නැහැ...

:       0       7

dasun Friday, 29 October 2021 05:40 PM

ශ්‍රී ලංකා යුද හමුදාවේද මේ ආකාරයට කොවිඩ් නිරෝධායනය සඳහා තෝරාගත් හෝටල් වලින් 30%ක් අත්පිට කොමිස් ඉල්ලපු කතාවක් මා හට හෝටල් හිමියකු පවසන ලදී...

:       0       0

sharm warn Monday, 01 November 2021 09:31 AM

පාර්ලිමේන්තුවේ ඉන්න නීති විරෝධී පත්වීම්ලත් මන්තී කියාගන්නා අය එළිපිට ගහන ගැහිලි එක්ක මේවා මොනවද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 2134 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 408 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 700 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1061 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 184 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 652 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 731 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site