IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


‘‘රේගු දඩ නොගෙවා අධිකරණයට යාම නිසා කෝටි 6300ක් රජයට අහිමි වෙලා‘‘

(යොහාන් භාසුර)

නීති විරෝධී ලෙස භාණ්ඩ ආනයනය හා අපනයනය කරන පිරිස් රේගුව මගින් අත්අඩංගුවට ගෙන නියම කරන දඩමුදල් නොගෙවා අධිකරණයේ නඩු පැවරීම නිසා රජයට ලැබිය යුතු රුපියල් කෝටි 6300 කට අධික ආදායමක් අහිමිවී ඇතැයි රේගු දෙපාර්තමේන්තුව පවසයි.

ඉකුත් වසර පහකට අධික කාලයක් තිස්සේ මෙසේ පැනවූ දඩමුදල් එම පිරිස් නොගෙවීම මීට හේතුව බව ද රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.

මෙම රුපියල් කෝටි 6300 ට අදාල ඇතැම් නඩු වසර පහකට පමණ පෙර ගොනු කළ ඒවා බවත් බොහෝ නීති විරෝධී භාණ්ඩ ආනයන සහ අපනයනකරුවන් රේගු දඩ මුදල් ගෙවීම මඟ හැරීමට අධිකරණය යොදාගැනීම පුරුද්දක් කරගෙන ඇති බවත් එම නිලධාරියා පැවසීය.

රේගු විභාගය අවසානයේ දඩ නියම කිරීමෙන් පසුව ඔවුන් අභියාචනාධිකරණයේ නඩු පවරණ බවත් එම නඩු දිගින් දිගටම කල්යෑමෙන් රජයට ආදායම් ප්‍රමාද වන බවත් එම නිලධාරියා පැවසීය.

එම නිලධාරියා පැවසුවේ නීති විරෝධීව කසළ තේ අපනයනය කිරීම්, බීඩි කොළ ආනයනය කිරීම යන සිද්ධිවලට පැනවූ දඩ මුදල් පමණක් රුපියල් කෝටි 10 කට ආසනන් මුදලක් හිරවී ඇති බවත් මෙම තත්වයට විසඳුමක් ලබාගැනීමට රජය මැදිහත් විය යුතු බවත්ය.

කසළ තේ නීති විරෝධී ලෙස අපනයන කිරීමට උත්සාහක කිරීමේ සිද්ධි කීපයකට ලක්‍ෂ ගණනක දඩ මුදල් නියමවී අභියාචනාධිකරණයට රිට් පෙත්සම් ගොනුකර ඇති පුද්ගලයෙක් පසුගියදා නැවත කසළ තේ අපනයන කිරීමට කළ උත්සාහකදී අත්අඩංගුවට පත්වූ බවත් වැරදිකරුවන්ට දඩුවම් ලබාදීමට සහ රජයට ආදායම් ලබාගැනීමට කටයුතු කිරීම වඩාත් වැඳගත් බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

 



අදහස් (3)

‘‘රේගු දඩ නොගෙවා අධිකරණයට යාම නිසා කෝටි 6300ක් රජයට අහිමි වෙලා‘‘

himal Tuesday, 22 June 2021 08:48 AM

ඉතින් මහත්තයෝ, රේගුව කියන දේ පිළිගන්නේ නැත්නම් අධිකරණයට යන එක වැරදියි කියලද කියන්නේ...? මේ මහත්තයා එයාට ඉඩම් ප්‍රශ්නයක් ආවොත් නඩු යන්නේ නැතුව අනෙක් පැත්ත කියන විදිහට දීලා දානවද?

:       0       0

කිරිපුතා Tuesday, 22 June 2021 11:10 AM

සුපුරුදු ලෙස නඩු කල් දමදමා සිටීම යම්යම් අයට ආදායම් මාර්ගයක් වුණද රටකට හානියකි. එවැනි දේ කවදා නම් නතර වේවිද? සිහිනයක්ම පමණි...

:       0       0

Jonty from Australia Tuesday, 22 June 2021 02:54 PM

හරියට නීතිය කියාත්මක නොවීම ගැන තමයි පුදුමෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 576 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 61 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 271 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 1308 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 365 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා
2025 අප්‍රේල් මස 25 344 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 805 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 532 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site