(විමුක්ති එස් රුද්‍රිගු)
කේට් කුමරිය නැවතත් කිසිම දිනක රාජකීය වැඩකටයුතුවලට සහභාගී නොවීමට ඉඩ තිබෙන බව යූ.එස් වීක්ලි සඟරාව පසුගියදා වාර්තා කළේය.
කේට් කුමරිය මෙම වසර තුළදී කිසිම මහජන උත්සවයකට සහභාගී නොවනු ඇතැයි පසුගිය සතියේ වාර්තා වූ බවද යූ.එස් වීක්ලි සඟරාව සඳහන් කළේය.
පිළිකා රෝගයට ගොදුරුවීම හේතුවෙන් කේට් කුමරිය පසුගිය මාර්තු මාසයේ සිට රාජකීය වැඩකටයුතු වලින් ඉවත්වී ප්‍රතිකාර ගැනීම ආරම්භ කළාය.
ප්‍රතිකාර ලබා ගැනීම ආරම්භ කිරීමත් සමඟ කේට් කුමරිය සුවවෙමින් පවතින බවත් ප්‍රතිකාර අවසන් කිරීමෙන් පසුව ඇය වගකීම කුමක් විය යුතුද යන්න පිළිබඳව රාජකීය කණ්ඩායමක් ඇස්තමේන්තු කරමින් සිටින බවත් යූ.එස් වීක්ලි සඟරාව වාර්තා කළේය.
එම කණ්ඩායම ගන්නා තීරණය මත කේට් කුමරියගේ වගකීම් තීරණය වනු ඇති බවත් ඒ හේතුවෙන් කේට් කුමරිය නැවතත් කිසිම දිනක රාජකීය වැඩකටයුතුවලට සහභාගී නොවීමට ඉඩ තිබෙන බවත් යූ.එස් වීක්ලි සඟරාව සඳහන් කළේය.
පිළිකා රෝගයෙන් පීඩා වින්දත් කේට් කුමරිය මවකගෙන් විය යුතු යුතුකම් නොපිරිහෙළා ඉටු කරන බව එම සඟරාව වාර්තා කළේය.
නැවත රෝගාතුර විය හැකි බැවින් 42 හැවිරිදි කේට් කුමරිය රාජකීය වැඩකටයුතුවලින් ඈත්කර තැබීමට එම කණ්ඩායම සළකා බලමින් සිටින බව යූ.එස් වීක්ලි සඟරාව ප්‍රකාශ කළේය.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රාජකීය වැඩවලින් කේට් ඉවත් වෙයි?