IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


රාජකාරියට බාධා කළොත් වැඩ වරදි

 

(යොහාන් භාසුර)

ඉන්ධන බෙදාහැරීමට බාධා කරන සහ සෙසු සේවකයන්ගේ වැඩවලට බාධා කරන හෝ අත්‍යාවශ්‍ය සේවා නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කරන ඛනිජ තෙල් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ සේවකයන්ට එරෙහිව අවශ්‍ය ඕනෑම නීතිමය පියවරක් ගන්නා ලෙස උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

එම සේවකයන්ගේ රැකියා අවසන් කිරීම සළකා බැලීමට අවශ්‍ය විනය පියවර ගන්නා ලෙස ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ථයේ සභාපතිවරයාට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

 



අදහස් (12)

රාජකාරියට බාධා කළොත් වැඩ වරදි

Mahesh Tuesday, 28 March 2023 09:13 PM

හොඳ පියවරක් ! තර්ජන ගර්ජනවලට බයේ, ඡන්ද නැතිවෙනවට බයේ ගත්ත සමහර තීන්දු තීරණ නිසා තමයි රටට මෙහෙම වුනේ..

:       4       20

මැක්ස් Tuesday, 28 March 2023 09:20 PM

කොන්ද පණ ඇති එක් ඇමැතවරයකු හෝ සිටීම ගැන සතුටු වෙමු.

:       4       20

විජිත් Wednesday, 29 March 2023 12:21 AM

කාංචන,තමුසෙට මතකද සිපෙට්කෝ එකේ ලාංචනය ? අර මිනිහෙක් හෙලිවැල්ලෙන් ගිනි පන්දමක් අරගෙන දුවන්නේ. දවසක තමුසෙටත් අන්න ඒ වගේ අමු හෙළුවෙන් දුවන්න සිදුවුනොත් මමනම් පුදුම වෙන්නේ නැහැ.තමුසෙට නොපෙනුනත් ඇත්තටම තමුසෙ අදටත් ඉන්නේ හෙළුවෙන් !!! රාජපක්ෂලාගේ තෙල් කොම්පැනි නීතිගත කරන්න තමුසෙට කියක් ලැබුනාද ? හැබැයි ඔය ජරාව ඔක්කොම වමාරන්න වෙන දවස වැඩි ඈත නැහැ.

:       25       6

ජිවන Wednesday, 29 March 2023 05:51 AM

සෑම රාජ ආයතනයකටම මෙම නිතිය ගෙනයායුතුය

:       4       20

LGPJ Wednesday, 29 March 2023 06:47 AM

ඔක්කොටොම කලින්, තහනම් කරන්න. ඕනෑම ආකාරයක අල්ලස්!!!!!!! .

:       0       0

අරවින්ද මොනරවිල Wednesday, 29 March 2023 06:58 AM

මේ මෝඩ මුග්ධ ඇමතියා හිතාගෙන ඉන්නේ රාජ්‍ය දේපොල යනු උගේ පෞද්ගලික බූදලයක් ලෙසයි. මේ ජනතාවට අයිති දේපොල මීහරකෝ, තොපිට හිතුනු හිතුනු ආකාරයට එක එකාට විකුණලා කොමිස් කුට්ට් ගිලලා මේ රටේ සම්පත් විජාතිකකරණයට ලක්කරලා රට විනාශ කරන තුරු රටේ බහුතරය නිවටයන් සේ බලා සිටිය යුතුයි කියලා මේ කාලකණ්නී තිරිසන්නු හිතාගෙන ඉන්නවා ඇත්තේ.

:       24       6

තිළිණ Wednesday, 29 March 2023 11:16 AM

අම්මෝ අම්මෝ ටිපර් වෙලා නේද ? ජනතාවට අයිති දේපළ තමයි මනුස්සයෝ මේ වෘත්තීය සමිති කියාගන්නා එවුන් හිතුණු හිතුණු විදිහට වර්ජන කර කර විනාශ කලේ.. මිල වැඩි කිරීමෙන් මෙහෙයුම් ලාභයක් ආවා කියලා පෙන්නලා ඔක්කොම අය පහුගිය දෙසැම්බර් මාසේ බෝනස් ගත්තේ.. අදටත් බිලියන ගනනක් ණය තියෙද්දි තමයි බෝනස් පඩි වැඩි කිරීම් ඔක්කොම කරගෙන මහජනතාවගේ මුදල් මුන්ගේ සැප වෙනුවෙන් ගෙව්වේ..ඇති නේද හොඳටම..කවුරුහරි මේක කරලා අනිවාර්යයෙන් පුද්ගලික අංශයට දෙන්න ඕනේ..රටින් ගෙනත් බෙදාහරින තෙල් ටිකට පොඩි සේවක ප්‍රමාණයක් ඇති

:       5       21

රසිකThursday, 30 March 2023 05:20 PM

මහත්තයෝ ටිපර් වෙලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි ඔයා. රාජ්‍ය දේපල විකුණන සලිලි වලින්. පිටරට ණයවලින් අඩුවට දෙන අල, ළූණු ගිලගිල රතිඤ්ඤා එහෙමත් දාලා රාජපක්ෂලා තෙල් සංස්ථාව අරන් යනකන් බලන් ඉන්න කීබෝඩ් වීරයෙක් වුණු පලියට නොදන්නා දේවල් කියවන්න එපා මහත්තයෝ. මේක තෙල් සංස්ථාවට විතරක් අදාල ප්‍රශ්නයක් නෙවෙයි, රටටම බලපාන ප්‍රශ්නයක්...

:       0       0

සාර්කැස්ටික් Wednesday, 29 March 2023 07:25 AM

ඒසී කාමරයකට වී ට්වීටර් පණිවුඩ බෙදා හැරීම අද විලාසිතාවක් වෙලා. V8, බෙන්ස් වල යන උබලාටයි, ඉන්දියන් ලොරි බස් වල දාඩිය පෙරාගෙන යන මිනිස්සුන්ටයි තියෙන්නේ දෙවිදියක ප්‍රශ්න...

:       22       6

Nimal Wednesday, 29 March 2023 09:56 AM

එතකොට හොරකන් කරන ඇමතිලට, පර්ලිමෙන්තු කරයුතු වලට බාදා කරන ඇමතිල, මහ බැංකු හොරුන්ට, කොමිස් කාරයින්ට, කප්පම් කාරයින්ට, ඩොලර් සංචිත හින්දපු අයට මොකද කරන්නෙ?

:       13       9

Chris Wednesday, 29 March 2023 12:30 PM

ශ්‍රී ලන්කන් එයාර් ලයින්, තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි ආයතනවල දූෂණ ඉහ වහා ගොසිනි. ඒ ආයතනවල පවතින ආකාර්යක්ෂම පාලනය නිසා ඒවා දිගින් දිගටම පාඩු ලබයි. අවසානයේ ඒ පාඩුවල බරට කරදිය යුත්තේ රටේ සමස්ත ජනතාවය.

:       0       0

Rata Perata Wednesday, 29 March 2023 02:31 PM

ඔය සද්ද හොරකම් කරන, කුඩු බිස්නස් කරන තමුන්ගෙ උන්තියටත් දානවකො බලන්න පුලුවන් නම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 557 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 115 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 273 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 318 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 389 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 692 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 416 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 916 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site