(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රාජකාරී සඳහා ලබා දී තිබූ පිස්තෝලය පොලිසියේ ඉදිරිපිට පිහිටා ඇති බුදු මැදුර තුළ සඟවා එම අවිය අස්ථානගත වූ බවට පැමිණිලි කළ පොලිස් කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිඔය පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් හෙළිවූ තොරතුරු මත ඔහු විසින්ම බුදු මැදුරේ සඟවා තබන ලද එම පිස්තෝල අවියද සොයාගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
පසුගිය තිස්එක් වෙනිදා වැලිඔය පොලිස් ස්ථානයේ දිවා කාලයේ උප සේවයේ යොදවා සිටි රාජකාරී සඳහා නිකුත් කර තිබූ පිස්තෝලය අස්ථානගත වී ඇති බවට පොලිස් ස්ථානාධිපතිවරයාට පැමිණිලි කර තිබිණි.
පොලිස් ස්ථානාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ බලයක් වශයෙන් ඔහු විසින්ම සඟවා තිබූ එම අවිය සොයා ගැනීමට හැකි විණි යැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
සැකකාර කොස්තාපල්වරයා මෙම පිස්තෝලය පිටස්තර අයෙකුට විකිණීම සඳහා රැගෙන යනතුරු බුදු මැදුරේ සඟවා තබන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි.
මෙම කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට විනය පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රාජකාරි අවිය සඟවා බොරු පැමිණිලි කළ පීසී අත්අඩංගුවට
නිහාල් Sunday, 02 June 2024 12:23 PM
නිදොස් කොට නිදහස් කරන්න. මේ වගේ දූෂිත අය තමයි පොලිසියට ඕන.
උඩුවගේ නිහාල් Sunday, 02 June 2024 05:11 PM
ඕවා ඉතිං පොලිසියේ සාමාන්‍ය දේවල්නේ. ඔය අහිංසකයට පාඩුවේ ඉන්න දෙන්න.