IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


රාජකාරි පාසලේ දරුවන්ට ටියුෂන් කළ ගුරුවරු 51 ක් පාසලෙන් දොට්ට

(ජේ .ඒ .එල්. ජයසිංහ)

මධ්‍යමපලාත් ආණ්ඩුකාරවරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැනි අයුරින් දරු දැරියන්ගෙන් මුදල් අයකර අමතර පංති පැවැත්වීම නිසා මධ්‍යම පලාතේ  පාසැල්වල සේවයේ නියුතු ගුරුවර ගුරුවරියන් 51 දෙනෙකු  ඔවුන් සේවය කළ පාසැල්වලින් වෙනත් පාසැල් වලට ස්ථාන මාරු කර යැවීමට මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පියවර ගෙන තිබෙි.

මෙලෙස ස්ථාන මාරු කිරීමට ලක් කර ඇත්තේ මහනුවර අධ්‍යාපන කලාපය,හඟුරන්කෙත අධ්‍යාපන කලාපය, හැටන් කලාපය,වලපනේ කලාපය යන අධ්‍යාපන කලාප වලට අයත් විදුහල්වල ගුරුවර ගුරුවරියන් බව මේ සම්බන්දව විමසු අවස්ථාවෙි පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මෙිනක හේරත් මහතා කීය.

මෙම ගුරුවරුන් ළමුන්ගෙන් මුදල් අයකර තමන්ගේ පංතිවල ඉගෙනුම ලබන දරුවන්ට අමතර පංති පවත්වා උගන්වා ඇති බව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශණ නිලධාරින් සිදුකල විමර්ශණ වලදී අනාවරණය වී තිබෙන බවත් ඔවුන් උසස් පෙළ,සාමාන්‍ය පෙළ සහ ප්‍රාථමික පංතිවල ඉගෙනුම ලබන දරුවන්ගෙන් මෙලෙසමුදල් අයකර  අමතර පංති වල උගන්වා ඇති බවත් පලාත් අමාත්‍යාංශ ලේකම් වරයා පැවසීය.

මෙම ගුරුවර ගුරුවරියන්ට එරෙහිව විනය පරීක්ෂණද පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකමි වරයා කීය.



අදහස් (11)

රාජකාරි පාසලේ දරුවන්ට ටියුෂන් කළ ගුරුවරු 51 ක් පාසලෙන් දොට්ට

Mangala Thursday, 18 January 2024 09:55 AM

මද්‍යම පලාතෙ විතරක් නෙවෙයි, හැමතැනම මෙක සිද්ද වෙනව.

:       8       99

saman Thursday, 18 January 2024 11:21 AM

මාතර රහුලෙත් ඉන්නව බටහිර සංගීත ගුරුවරියක්. ඔක්කොම ලමයි එයාගෙ ටියුශන් යන්න ඔන. නත්නම් ඒ ලමයි වෙන විශයක් තොරගන්න ඔන.

:       6       41

ajithThursday, 18 January 2024 07:18 PM

මේ අදහසට අන්ලයික් කර ඇත්තේ ඔය කියන සංගීත ගුරුවරිය විය යුතුයි.

:       1       7

Chamila Fernando Thursday, 18 January 2024 11:36 AM

සෑම පළාතකටම මේ නීතිය ක්‍රියාත්මක කල යුතුයි

:       6       73

Rata Perata Thursday, 18 January 2024 12:50 PM

ඉතා විශිෂ්ටයි .වයඹ පළාත් සභාවට ප්‍රණාමය .ඒ පළාතේ දෙමව්පියන්ට මොන තරම් අස්වැසිල්ලක් ඇද්ද ?නිකන් පුස් ඇමතියෙක් ඉන්නවා රටේ ,මේ වගේ දෙයක්වත් ක්‍රියාත්මක කරගන්න බෑ

:       6       44

නිහාල් Thursday, 18 January 2024 02:02 PM

කව්ද මේ thumb down කරපු එවුන්.

:       9       33

ලසන්ත Thursday, 18 January 2024 05:01 PM

"රට පෙරට" මගේ නම් ප්‍රණාමය උතුරු පළාත් සභාවට!

:       0       1

Pradeep Kumara Thursday, 18 January 2024 06:02 PM

ටියුෂන් හොරු මිසක් වෙන කවුද?

:       1       6

විපරමා Thursday, 18 January 2024 06:59 PM

කොළඹ නගරයේ සමහර පාසල්වල ගුරුවරු ගුරුවරියන් කියලා නිකම්ද? රට පුරාවටම ඔය වගේ අය ඕනෑතරම් ඉන්නවා...!

:       1       7

pakeer Thursday, 18 January 2024 08:59 PM

අකමැති අයව හොයන්න NIB එකට දෙන්න. එතැනින් තව අයව හොයාගන්න පුළුවන්...

:       0       1

Dileepa Thursday, 18 January 2024 11:03 PM

රාජකාරි වෙලාවේදී පෞද්ගලික රෝහල්වල සේවය කරන දොස්තරවරුනුන් අස්කරනවාද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 585 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 251 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 883 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 3875 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 1927 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1079 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 714 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2007 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site