(සිතුම් චතුරංග)
මුලතිව් තන්නිමුරිප්පු වැව් රක්ෂිතයේ පුරාවිද්‍යා ස්ථානයක තිබූ ඉපැරණි ගල්කණු ගලවා රැගෙනයමින් සිටි හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයකු ඇතුළු පුද්ගලයන් නවදෙනකු අත්අඩංගුවටගත් බව ඔඞ්ඩුසුඩාන් පොලිසිය කියයි.
වැව් රක්ෂිතයේ පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට සූදානම් සිටින පිරිසක් සම්බන්ධයෙන් පොලිසිය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකල වැටලීමකදී පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගල්කණු දෙකක් රැගෙනයමින් සිටියදී අදාල පිරිස අත්අඩංගුවටගෙන ඇතැයිද පොලිසිය පැවසීය.
සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයා පොදුජන පෙරමුණේ වවුනියාව දිස්ත‍්‍රික් සංවිධායකවරයා වන අතර ඔහු උතුරු පළාත් සභාව නියෝජනය කළ මන්ත‍්‍රීවරයකු වන බවත් ඔහුගේ නම හා සිදුකළ සේවාවන් යොදා වවුනියාව ප‍්‍රදේශයේ ඵලකයක් නිර්මාණය කිරීම සoහා රැගෙන යන බවද පොලිසිය සඳහන් කළේය.
සැකකරුවන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක්,ලොරි රථයක් හා කුඩා දොඹකර ලොරි රථයක් අත්අඩංගුවටගත් බවත් මෝටර් රථයේ රාජ්‍ය ලාංජනය සහිතව උතුරු පළාත් සභා මන්ත‍්‍රී ලෙස පුවරුවක්ද ප‍්‍රදර්ශනය කරමින් තිබූ බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ සැකකරුවන් කිසියම් ප‍්‍රදේශයක නිදන් හාරා පුරාවිද්‍යා ගල්කණු ලබාගෙන තිබේද යන්න විමර්ශන සිදුකරන බවත් පොලිසිය පැවසීය.
සැකකරුවන් විසින් රැුගෙනයමින් තිබූ පෞරාණික ගල්කණුවල හස්ථී පා සලකුණූ නිරූපනය වන බවත් ඒම ගල්කණු අඩි පහත් , හයත් අතර ප‍්‍රමාණයේ ඒවා බවත් පැවසේ. අත්අඩංගුවටගත් සැකකරුවන් වවුනියාව , නොච්චියාගම , අනුරාධපුර, මහරම්භකුලම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රජකාලෙ ගල්කුණු ගල් කරන්න ගිය හිටපු පළාත් මන්ත්‍රි අල්ලයි
Daisy achchi Tuesday, 22 February 2022 04:10 PM
පොහොට්ටුවේ අයගෙන් ගලක්වත් බේරගන්න බෑනේ...!
අගුපිලගේ Tuesday, 22 February 2022 04:58 PM
නිධන් වස්තු හා පුරාවස්තු තියෙන තැන්වල නයි ඉන්නවා කියනවා ශබ්දයක් කරගෙන එනවා කියනවා... දැන් නයිහාමි කොයි?
kapila Tuesday, 22 February 2022 06:37 PM
මැදමූලනින් එන කෝල් එකෙන් මේ අය නිදොස් කොට නිදහස්...!
Bandara Tuesday, 22 February 2022 06:39 PM
අපේ හාමුදුරුවනේ, මේ මන්ත්‍රී තුමාටත් පිරිත් නූලක් බැන්දා නම් පින්...!
siri Wednesday, 23 February 2022 04:19 AM
දැක්කද? වාහනයේ ඉස්සරහින්ම ලොකුවට ගහල තියෙන්නේ " ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි " කියලා. ඔයවගේ කෙප්ප ගහලා 69 ලක්ෂයක්ම නොවැම්බර්වරුන් රවට්ටපු කණ්ඩායමක්නේ මේ. ඉතින් තමන්ගේ පුච්චානම කොටන්න පෞරාණික ගල්කණු ගලවලා උස්සගෙන යනඑක මහ කජ්ජක්ද? මසුරන් හොයාගන්න, දැන් කාටත් අමතක අර සිංදුවේ කිරි ගහට ඇන්නා වගේ කීවේ සීගිරියට, කුරුටු ගී වලට, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට, දළදා වහන්සේට වෙන්න පුළුවන් හරියැ...
sam Wednesday, 23 February 2022 07:54 AM
සෞභාග්‍යයේ දැක්ම බේරේ... මම තමයි හරියටම කළේ.. මම තමයි රිවස් කළේ... මම තමයි ඉතිහාසයේ හොඳටම අසමත් වුණු හාදයා.. මට මුකුත්ම තේරෙන්නේ නැහැ. මම හිතන් ඉන්නේ මහදැන මුත්තා කියලා... ඒ වුණාට මම විතරයි දන්නේ මම හීනමානයෙන් පෙළෙනවා කියලා...
kamal Wednesday, 23 February 2022 10:28 AM
පළාත් සභාවෙන් ලංකාවට වූ සේවයට තවත් උදාහරණයක්... සුබපැතුම්...! සසර වසන තුරු...! නිවන් දකින තුරු...!!
Jay Wednesday, 23 February 2022 11:47 AM
සැකකරුවන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක්... මේක වැගන් ආර් එකක්නේ..!
MaheshWednesday, 23 February 2022 12:59 PM
2022 වෙලත් ඕවා තාම ලංකාවට සුඛෝපභෝගි තමයි. හිතාගන්න පුළුවන්නේ රට කොතැනද ඉන්නේ කියලා...
RaveendraWednesday, 23 February 2022 01:25 PM
ඔව් ඔව් ඉතින් මේ මලකටුත් දැන් "සුඛෝපභෝගී මෝටර් රථනේ...
Bunny Preena Wednesday, 23 February 2022 12:24 PM
මොන ජඩ වැඩක් කරලා හරි සල්ලි හම්බ කරන්න බලාගෙන තමයි වැඩි පිරිසක් දේශපාලනයට එන්නේ...මේවා කවදා නතර වෙයිද?
sharm warn Wednesday, 23 February 2022 12:48 PM
පොදු පෙරමුණේ සහ පොහොට්ටුවේ ඉන්න තරමක් හීනමානයෙන් පෙළෙන මානසික රෝගීන් කියලා මේකෙන් ඔප්පු වෙනවා. ගිලෙන බෝට්ටුව ලෑලි ගලවලා ගිනි ගොඩක් ගහගෙන මාලු පුච්චන් කන ජාතියේ පජාතයෝ නේ... මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?
Raveendra Wednesday, 23 February 2022 01:23 PM
හොරකමට පුරුදු පුහුණු වෙන බල්ලන් මෙසේ හොරාකන්නේ නම් හොරකමට කප්ගහපු "පට්ටියේ පට්ට හොරු 226දෙනා" කොහොම හොරා කනවා ඇද්ද...? හැබැයි කාලකන්නි 226ම සුද්ධෝදනලා... අනේ මම අවංකයි අනිත් 225 තමයි හොරු... පට්ටියේ මීහරකුන් හැම එකාම කියන්නේ ඔය බයිලාවමනේ...