(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
රාජගිරියේ නිවසක තනිව ජීවත්වූ වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල සිරකොට ඝාතනය කර නිවසේ තිබූ මුදල් පැහැරගෙන ගිය බව කියන සැකකරුවකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් බව එම ඒකකය පැවසීය.
මෙම අපරාධය වූ නිවස ආසන්නයේ වෙනත් නිවසක තිබූ ආරක්ෂක කැමරා දත්ත ඔස්සේ සිදු කළ පරීක්ෂණයකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 70 වියැති සිරිමා ගොපල්ලව නැමැති අවිවාහක වයෝවෘද්ධ කාන්තාවකි ඇගේ සහෝදර සහෝදරියන් විදේශගතව සිටින බව පොලිසිය පවසයි.
සැකකරු මීට පෙරද මෙවැනිම ආකාරයෙන් අතුරුගිරිය පොලිස් වසමේ අයි. ජෝතිපාල මාවත, අතුරුගිරිය වයස අවුරුදු පනස් එකක් වූ කාන්තාවක් ඝාතනය කර ගෙල බැඳි රන් මාලය කොල්ල කා පලාගිය පුද්ගලයකු බවට අනාවරණය වීමෙන් පසු අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වසර හතරකට වැඩි කාලයක් බන්ධනාගාර ගතව සිට මීට මාස දෙකකට පමණ ඉහතදී ඇප මත නිදහස්ව පැමිණ සිටි පුද්ගලයකු බවත් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව ද නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පැවසීය.
සැකකරු 53 වැනි වියේ පසුවන කොරතොට, කඩුවෙල පදිංචිව පුද්ගලයකු බව ද පොලිසිය කියයි.
(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාජගිරියේ කත ඝාතනය කළ කුඩ්ඩා අල්ලයි
Raveendra Monday, 27 September 2021 11:11 AM
කුඩු වෙළදාමේ යෙදෙන සියලුම සුපින්වත් වෙළදුන්ට මෙන්ම ආනයනය කරන දේශපාලුවන්, මෙන්ම ආනයනකරුවන්ගේ පින්වත් සංගමයට මේ සියලු පිං අනුමෝදම් වෙත්වා....
Laankikakaya Monday, 27 September 2021 11:29 AM
මීට කලිනුත් කාන්තාවක් මරලා අවුරුදු 4 යි හිරේ ගිහින් තියෙන්නේ.මිනිහා අවුරුදු 4 ඩිග්රි එකකුත් කරලා එන්න ඇති හිරේ ඉද්දි .හරි මාන්දමිකයි
fairoos Monday, 27 September 2021 12:27 PM
මේකයි ලංකාවේ තත්වේ... එදාම එල්ලුම් ගහට එවලා තිබ්බා නම් මේ අපරාදය වෙන්නේ නැහැ අද...
පැරකුම්Monday, 27 September 2021 02:33 PM
කිසිසේත්ම සමාජ ගතකල හැකි පුද්ගලයෙක් නොවේ. එල්ලන්න බැරි නම් ජීවිතාන්තය දක්වා සිරගත කළයුතුයි. මහා පරිමාණ කුඩ්ඩන් පාලනය කළොත් මේ වසංගතයේ නිමාවක් දැකිය හැක. එහෙත් මෙතෙක් පැවති කිසිඳු රජයක් ඊට නිසි පියවර නොගන්නේ කුඩු ව්‍යාපාරයට රාජ්‍ය අනුග්‍රහය ඇති නිසාද?