IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


රාජගිරියේ තදබදයෙන් දහස් ගාණක් අමාරුවේ

(සුජිත් හේවාජුලිගේ) 

රාජගිරිය හන්දිය ප්‍රදේශයේ  ( ගුවන් පාලම ආශ්‍රිතව)  දිනපතා උදේ වරුවේ ඇතිවන අධික රථවාහන  තදබදය හේතුවෙන් කාර්යාල සේවක සේවිකාවෝ දැඩි   දුෂ්කරතාවයන්ට  පත්වෙති.

කාලයක පටන් පවතින මෙම තදබදයට  කිසිදු විසඳුමක් ලැබී නැතැයි එම සේවික සේවිකාවෝ පෙන්වා දෙති.

අධික තදබදය හේතුවෙන් විශේෂයෙන්ම උදය වරුවේදී  රාජගිරිය ප්‍රධාන මාර්ගයට නාවල සහ  අනෙකුත් ප්‍රදේශවලින් (අතුරු මාර්ගවලින්)    පිවිසෙන ජනතාවට පැය ගණන් රස්තියාදු වීමට සිදුවී  ඇතැයි  පෙන්වා දෙන එම සේවක සේවිකාවෝ  මේ තදබදය  හේතුවෙන් නියමිත වේලාවට රැකියාවන්ට යෑමට නොහැකිවීමෙන් විවිධ අපහසුතාවන්ට මුහුණ දෙන බවද  ප්‍රකාශ කරති.

පාර්ලිමේන්තුව ඇතුළු රජයේ ආයතන රැසක්  ඒ අවට පිහිටා ඇති හෙයින්  කාර්යාල සේවක සේවිකාවන්  දහස් සංඛ්‍යාත පිරිසක්  අතුරු මාර්ගවලින්  රාජගිරිය  ප්‍රධාන මාර්ගයට පිවිසෙන බවද  පැවසේ.

ගුවන් පාලමක්  තිබුණ ද ප්‍රදේශයේ  තදබදය කාලයක සිට දිගටම පවතින හෙයින් මේ සඳහා වහාම විසඳුමක් දෙන්නැයි  ප්‍රදේශයේ ජනතාව රජයෙන් සහ  පොලිස් ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරති.

මේ සම්බන්ධයෙන් අප පොලිස් රථ වාහන මූලස්ථානය බාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  උදය වරුවේ එම ප්‍රදේශයේ යම් රථ වාහන තදබදයක් පවතින  බව පිළිගන්නා බවයි.

එම තදබදය වැළැක්වීමට තමා වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් මැතිවරණයෙන් පසුව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

මැතිවරණ රාජකාරි  හේතුවෙන් පොලිස් නිලධාරින් ප්‍රමාණවත් පරිදි රථවාහන රාජකාරියේ යෙදවීමට නොහැකිවී  තිබෙන බවද  නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.



අදහස් (11)

රාජගිරියේ තදබදයෙන් දහස් ගාණක් අමාරුවේ

dileepa1986 Wednesday, 13 November 2024 03:20 PM

කවදාවත් ඉස්සරහට රථවාහන තදබද අඩුවන්නේ නෑත. වැඩි වනවා මිස. ඕකට ගන්න පුලුවන් එකම ක්‍රියාමාර්ගය පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමයි. බස්රථ සදහා ප්‍රමුඛතා මංතීරුවක් ලබාදීම. කිසිදු බස් රථයකට කොට කොට යාම තහනම් කිරීම. නවත්වාගෙන සිටිම තහනම් කිරීම. එම ක්‍රියාවන් අධීක්ෂණය සදහා සිවිල් නිලධාරින් යොදවා එම නීති කඩකරන බස් රථවලට උපරිම දඩකොලයක් එම අවස්ථාවේ නැතිව සාක්ෂියක් සමග නිවසට එවීම. එවිට වෙනදාට පැය දෙකක් පමණ යන බස් ගමනට පැය බාගෙන් යා හැකි වීමෙන් කාර් රථවල යන මිනිසුනුත් බස් වල යාමට පටන් ගැනීම. එවිට තවත් රථවාහන ප්‍රමාණයක් මාර්ගයෙන් අඩුවීම. එවිට ඉන්ධන සදහා වැයවන ඩොලර් ප්‍රමාණයක් ඉතිරිවීම. සියලුම මිනිසුන්ගේ කාලය ඉතිරිවීම. වාහන අඩුවීමෙන් කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩුවීම. බලන්න කරනවනම් එක පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.

:       1       85

KUMARASENA VIDANAPATHIRANA Wednesday, 13 November 2024 03:56 PM

මොනොරේල් හොඳම විසඳුම් වලින් එකකි. මාලඹේ සිට කොටුව දක්වා අත්හැර දමා තිබූ මොනොරේල් ව්‍යාපෘතිය ඔවුන් නැවත ආරම්භ කිරීමට යන බව මට ආරංචි විය.

:       1       52

නිමල් Wednesday, 13 November 2024 04:02 PM

2024 දී සම්පූර්ණ කිරීමට නියමිතව තිබූ MRT රේල් project එක අතුරුදන් කළ වුන් මෙයට වග කිව යුතුයි.

:       0       25

Lokka Wednesday, 13 November 2024 04:30 PM

මුලින්ම ඔය ගුවන් පාලම සැලසුම් කලෙ HSBC බැංකුව ලඟ ඉඳලා ආයුර්වේද හංදිය වෙනකම් ඉදි කරන්න. යහපාලනෙන් අනවශ්‍ය වියදම් කියලා පාලම කොට කළා.. අන්තිමට මාර්ග තදබදය වැඩි වුණා...

:       2       19

නිශාන්ත Thursday, 14 November 2024 07:34 AM

ඒ වෙනුවට තමයි යහපාලන කාලයේ සැහැල්ලු දුම්රිය මාර්ගය සැකසීමට කටයුතු කලේ.ඒත් දේශපාලනයේ මළපොතේ අකුරක් නොදන්නා නන්දසේන ගෙනවිත් රට භාර දුන්නු නිසා එම දුම්රිය මාර්ගය තහනම් කලා ලංකා රජයෙන් ඒකට ලොකුම වන්දියක් ගෙව්වා මේ රාජගිරියේ වාහන තදබදය සදහා ගෝඨාභය බලයට පත්කිරීමට ඡන්දය දුන්නු සියලු දෙනාම වගකිව යුතුය

:       0       0

Hemal Wednesday, 13 November 2024 04:43 PM

බස් මංතීරු නීතිය ක්‍රියාත්මක කරන්න ගොඩාක් විසඳුම් ලැබේවි..!

:       1       7

ලලිත් පුෂ්පකුමාර Wednesday, 13 November 2024 07:03 PM

ඕක අයුර්වේද වටරවුමට ගේන්න තිබ්බා. කොහේද පලපුරුදු අයගේ අක්‍රමිකතාවක් නිසා පාලම කොට වුණා කියලා තමයි අවට ප්‍රදේශවාසීන් කියන්නේ...!

:       1       18

විදුර Wednesday, 13 November 2024 09:56 PM

මොනොරේල් ඕන නෑ, ඔය තියන බස් ටික පිලිවෙලකට දුවෝපල්ලා, ගැමුණු ට ඕන විදියට නොකර.

:       0       0

de silva Thursday, 14 November 2024 06:42 AM

ඕකට හොඳම විසදුම පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සහ පිට පළාත්වල ජනතාවට තමන් ජිවත්වන නගරය සහ පළාතෙම රජයේ කාර්යාල තුලින් තමන්ගේ සියලුම වැඩ කටයුතු කරගැනීමට කටයුතු සලසා දීම තුලින් කොලබට ගලන අනවශ්‍ය ජන ගග නතර කිරිම , නමුත් පසුගිය සියලුම රජයන් සහ නිලධාරීන් ඔවුන්ගේ බලය රැකගන්න , අල්ලස් ගැනීමට හෝ වෙනයම් කරුණු නිසා මේවා කලේ නැහැ , සැහැල්ලු දුම්රිය වියපෘති වැනි දේවල් අකර්මන්‍ය කලා බලමු ඉදිරියට මොකද වෙන්නේ කියල ,

:       0       0

Wasundara Thursday, 14 November 2024 08:36 AM

කිරිබත්ගොඩ නගරයේ ඇති භයානක රථවාහන තත්ත්වය ගැන කිසිවෙක් කතා කරන්නේ නැත, පොලිසිය එය කළමනාකරණය කිරීමට උපරිම උත්සාහයක් ගත්තද, අපට වසර ගණනාවක සිට කාලය හා මුදල් අහිමි වේ.

:       0       0

Rohana Thursday, 14 November 2024 08:45 AM

මුල්ලේරියාව හන්දිය.. ටැෆික් පොලිස් නැ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 23 234 0

උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


රටවිරු වාහන පර්මිට් 1000ක් පිල්ලි ගිහින්
2024 නොවැම්බර් මස 22 1657 0

විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක


නීතීපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ වැලිසර මහෙස්ත්‍රාත් විමතිය පළ කරයි
2024 නොවැම්බර් මස 22 2061 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබ


චීනයේ කර්මාන්ත ශාලාවක රොබෝ කැරැල්ලක්
2024 නොවැම්බර් මස 22 2975 0

චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්‍


ලොව උසම කත සහ මිටිම කත හමු වී
2024 නොවැම්බර් මස 22 2222 0

මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.


ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ UN කොමිසමේ අසුනක් ලංකාවටත්
2024 නොවැම්බර් මස 22 486 0

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට පසුගියද 20 වැනිදා තෝරා පත්කර ගන්නා ලද සාමාජිකයන් 31 දෙනා අතරට ශ්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 485 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1986 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site