(අංජුල මහික වීරරත්න)
රාජගිරිය, බුත්ගමුව පාරට යාබදව පිහිටි ජල රක්ෂිත ඉඩම් කොටසක් නාගරික උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොළඹ හා ශ්‍රී ජයර්වධනපුර කෝට්ටේ ආශ්‍රිත ප්‍රදේශයේ ජල ගැලීම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංර්වධනය කිරීමේ සංස්ථාව විසින් මහ කොළඹ ගංවතුර පාලනය කිරීමේ හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ, ශ්‍රී ජයර්වධනපුර කෝට්ටේ, කොළොන්නාව හා කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පිහිටි වගුරු ඉඩම් කොටස් ජල රැඳවුම් ස්ථාන ලෙස පවත්වාගෙන යාම සඳහා රජයට අත්කර ගෙන ඇත.
ඒ යටතේ අත්කර ගන්නා ලද රාජගිරිය, බුත්ගමුව පාරට යාබදව පිහිටි ජල රක්ෂිත ඉඩම් අනවසර ඉදිකිරීම් සහ වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීමට ඇතැම් පාර්ශ්වයන් විසින් උත්සාහ දරන අතර එකී ඉඩම් ආරක්ෂා කර ගනිමින් ඒවා පවරා ගැනීමේ අරමුණු වලට හානියක් නොවන පරිදි ශ්‍රී ලංකා ඉඩම් සංර්වර්ධනය කිරීමේ සංස්ථාවේ මග පෙන්වීම යටතේ යෝග්‍ය සංර්වධන කාර්යයන් සඳහා යොදා ගැනීම සුදුසු බවට පෙනී ගොස් ඇතැයි රජය පවසයි.
ඒ අනුව හඳුනා ගනු ලැබ ඇති ඉඩම් කොටසක් ආදායම් උත්පාදන මාර්ග සහිතව පෞද්ගලික අංශයේ දායකත්වය ද ලබා ගනිමින් නාගරික උද්‍යානයක් ලෙස සංර්වධනය කිරීම පිණිස යෝජනා කැඳවීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය.
මහේස්ත්‍රාත් නිල නිවසක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු පොතුවිල් මුහුදු මහා විහාරයට යන මාර්ගයේ වෙළඳ සලක් අසල බීමතින් වැටී සිටියදී අත්අඩංග
ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.
මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රාජගිරියේ වගුරක් නාගරික උයනක් වෙයි
අරවින්ද මොනරවිල Thursday, 11 July 2024 10:42 AM
වගුරුබිම් ගොඩකිරීමේ සංවර්ධන උපාය මාර්ගය අනුගමනය කෙරුවේ රණසිංහ ප්‍රේමදාස උතුමාණන්ගේ සංකල්පයක් අනුවයි. ඊට පස්සේ කොළඹ හා අවට ප්‍රදේශ වල සුළු වැස්සකට වුණත් පාරවල් ගොඩනැගිලි හා ඉඩම් වතුරට යටවන අභාග්‍යසම්පන්න තත්වයක් උදා විය. ඒක රටේ කවුරුවත් දන්නා ප්‍රකට කරුණක්, ඒ නිසා පසුකාලීනව රටේ වගුරුබිම් ගොඩ නොකිරීමටත් ඒවායේ පරිසර පද්ධති ආරක්ෂා කිරිමටත් යම් යම් පියවරයන් ගත්තා... දැන් මේ කප්පමා ලැහැස්ති වෙන්නේ ඒ තීන්දු තීරණ කනපිට ගසමින් වගුරුබිම් ගොඩ කර විකුණමින් කොමිස් ගහන්නයි. උප්පත්තියෙන්ම විකිණීම හැර වෙන කිසි දෙයක් නොදන්න විකුණුම්සිහ ජනාධිපතිවරණය දිනා ගන්නා අටියෙන් ගෝලයින්ට කැමැති දෙයක් කරන්න ඉඩදීලා බකං නිලාගෙන ඉන්නවාය.
D P P ප්‍රසාද් Thursday, 11 July 2024 10:49 AM
ඡන්දයට පෙර තාව ගාණක් හොයාගන්‍න කරන උප්‍පරවැට්‍ටියක්‍දැයි සැකයි... හොර දේශපාලුවන්‍ට පන්දම් අල්‍ලන ගොට්‍ටෙක්‍ට නාගරික උයන හදන කොන්‍ත්‍රාත් එකත් දෙයි...
Karunajeewa Thursday, 11 July 2024 11:02 AM
ඡන්දෙට කලින් කරගන්න දෙයක්.. තමයි ඉතින්,..ගම්පහ ත් යට වෙන්නේ ඒකනේ
wedage Thursday, 11 July 2024 12:59 PM
ගංවතුර ගලා උතුරලා යයි දෙගොඩ තලා