(නිමල කොඩිතුවක්කු)
රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රීධූරය ආරක්ෂා කිරීම සඳහා නිත්‍යනුකූලව ගත හැකි සෑම ක්‍රියා ක්‍රියා මාර්ගයක්ම ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89, 91 සහ 105 යන වගන්ති වලට අනුකූලව රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට නෛතික ඉඩක් නොමැති බවද ඔහු සඳහන් කළේය.
භාෂණයේ නිදහස සුරකිමු" යන මැයෙන් සමගි ජනබලවේගය ඇතුලු විපක්ෂයේ පොදු එකමුතුව කොළඹ නිදහස් චතුරස්‍රය අසලදි අද(13) සංවිධානය කළ විරෝධතාවයකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ තීන්දුව විවේචනය කිරීමට හෝ අභියෝග කිරීමට සූදානම් නොමැති වුවත් ජ්‍යෙෂ්ඨ නීතිඥයන් මාර්ගයෙන් ඒ සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ විමසා බලන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටීමට තමන් ඇතුළු සමගි ජන බලවේගය කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැව
කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රංජන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය ආරක්ෂා කිරීමට පෙනී සිටිනවා
රට වැසියා Wednesday, 13 January 2021 01:08 PM
කොහොම වුණත් රන්ජන් තනි වුණා!... ඔහු වටේ සිටි කිසිම කෙනෙක් අවසාන මොහොතේ ඔහු අසල සිටියේ නැත! - තමන්ට තේරෙන භාෂාවෙන් අසාධාරණ දේශපාලනය වෙනුවෙන් කථා කළ ඔහු එහි ගොදුරක් වුණා..!
පුරවැසියාThursday, 14 January 2021 02:02 AM
කට්ටඩියාට කියලා ගුරුකමක්වත් කළොත් මිස ගොඩඒමක් නැත...
මුණසිංහ Wednesday, 13 January 2021 01:34 PM
ඇයි? තව තවත් විනිශ්චයකාරවරුන්ට කතා කරවන්න ඕනෑ වෙලා තියෙනවද? මේ වගේ වාචාලයන් පක්ෂෙකටවත් වැද්දගන්න එපා. පාර්ලිමේන්තුවේ ගරුත්වය සුරකින්න...
Puppa Thursday, 14 January 2021 04:23 AM
ඇත්ත කියන එකටද වාචාලකම කියන්නේ? එතකොට වාචාලකමට කියන්නේ මොකක්ද මිත්‍රයා... !!!
මුණසිංහ Thursday, 14 January 2021 09:17 AM
මෙයා කතාකරන දේවල් දිහා බැලුවම ඒවා තේරෙනවා. කට වාචාලකම කියන එකේ තේරුම සොයාගන්න.
Raveendra Wednesday, 13 January 2021 02:20 PM
අවුරුදු 60 ක් 70 ක් වැනි කෙටි කාලපරාසයක් තුල තාමත් සංවර්ධනය වෙමින්ම පවතින රටක් වීමට අප රටට බලපෑ ඇති ප්‍රධානම සාධකයන් ගෙන් එකක් ලෙස අප දකින්නේ විපක්ෂයක තිබිය යුතුම මූලික ගුණාංග "විපක්ෂ පට්ටියට ආපු සෑම අම්බරුවෙකුම" තමන්ගෙන් විපක්ෂයක් හැටියට රටට වියයුතු කටයුතු වෙනුවට සෑම දියලබු ගෙඩියටම විරුද්ධ වීමයි. "බලය තිබෙන පට්ටියේ මීහරකුන්" බලන්නේ පරම්පරා කීයකට අපි හරිහම්බ කරගන්නේද යන්න නොවේද? කාරුණිකව මධ්‍යස්ථව සිතමු.. කාගේවත් පක්ෂවලට බරනොවී අප අපගේ සිත්වලට එකඟව අපගේ මෙම අදහස් තේරුම් ගැනුමට උත්සාහ කරමු. "මේ සජී ළමයත්" උත්සාහ කරන්නේ තමන් උපන් රටේ දියුණුවට යමක් කිරීමටද නොඑසේනම් මොන අටමඟලේ කර හෝ බලය ලබා ගැනුම නොවේද? එබැවින් මේ 225 පිළිබඳව මධ්‍යස්ථව රටට අවංකවම ආදරය ඇති පුරවැසියන්ගේ සිත්සතන් තුළ ඇති වන්නේ පහන් හැඟීමක්ද? නොඑසේ නම් "කාලකන්නි 225" යන්න නොවේද?
SUNIL ILANO Wednesday, 13 January 2021 02:48 PM
අපි රංජාව එළියට අරගෙන, පුතාණෝව යවමු ඇතුළට...
BamunuarachchiThursday, 14 January 2021 04:26 AM
මොවුන් දෙන්නාම ඇතුලේ ඉන්න ඕනේ හාදයෝ...
nimalThursday, 14 January 2021 09:58 AM
සුනාමි හොරුන් ගැන කතාකරපු එකම ඇති රන්ජන්ව මුලු ලංකාවම ආදරය කරන්න... අනික් 224 ගැන ස්වභාවික විපත්, කෝවිඩ් බලාගනීවි.
BamunuarachchiFriday, 15 January 2021 01:01 PM
හඬපට අහපු බවලත් අයත් කැමතිලු. සමහරු කොච්චර කැමතිද කියනවා නම් වළං හෝදන්නත් කැමති වුණානේ...
Kiri Wednesday, 13 January 2021 04:30 PM
පුතාණෝගේ අලුත් මැතිවරණ පොරොන්දුව..
Bandara Wednesday, 13 January 2021 07:43 PM
ඕන කුණු ගොඩක් මෙයා ආරක්ෂා කරනවා. බොරු රැවුල් කාරයින්වත් මෙයා ආරක්ෂා කළා. දිවියන්, කොටියන් ඔක්කොමත් ආරක්ෂා කළා.
ලුම්බිණි Thursday, 14 January 2021 01:20 AM
රන්ජන් රාමනායක ඇත්ත කතා කළ මිනිහෙක්. අද ඉන්න බොහෝ ලොකු ලොක්කන් වගේ හොරෙකුත් නොවෙයි.
BamunuarachchiFriday, 15 January 2021 04:06 AM
එ්ක නම් හරියට හරි. හඬපට වලින් අපි එ්ක දැනගත්තා තමන්ගේම හඬින් ඇත්ත කියන කොට තමන් කොපමණ දුරට සම්බන්ධද කියලා පෙනෙනකොට. රටේ මොනතරම් අසාධාරණ දේ සිදුවෙලා තිබෙනවද කියලා හිතාගන්න පුළුවන්...
Senarath Thursday, 14 January 2021 03:19 AM
අපේ රටේ ඉස්කෝලේ නොගිය මනුස්සයත් දන්නවා රටේ නීතියට ගරු කරන්න ඕනේ කියලා. රටක නීතියක් නැති වුණාම ඒ රටට ගොඩඒමක් නැහැ. ඒත් මේ මනුස්සයාට ඒක තේරෙන්නේ නැහැ. නඩුතීන්දුවකට අභියෝග කරලා රංජාගේ නැතිවුණු මන්ත්‍රීධුරය ආරක්ෂා කරන්න උත්සාහ කරන මේ පුද්ගලයාගේ දැනුමේ තරම කාටත් තේරෙනවා.
Bamunuarachchi Thursday, 14 January 2021 04:28 AM
නුවණක්කාරයින් අඩිය තියන්න බිය තැන්වල මෝඩයින් කරණම් ගහනවා කියන්නේ මේවට...
kamal Thursday, 14 January 2021 04:44 AM
සලකා බලන්නම් කියලනේ කිව්වේ.. එහෙනම් ඉතින් ආයෙත් අහන්න දෙයක් නැහැ....