(අංජුල මහික වීරරත්න)
2015 වසරේ සිට 2018 දක්වා සිදුවූ දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසම විසින් ඔක්තෝබර් මස 26 දින සිට දින 51 කාලයක් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරය දැරූ කාලයේ වූ දූෂණ පිළිබඳව ද සෙවිය යුතු බව උපාය මාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරි සිට 2018 ඔක්තෝම්බර් 26 තෙක් මෙන් ම දින 51ක කාලයේත්, අදත් රජයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බැවින් කොමිසමට පූර්ණ සහය දීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇතැයි ද නියෝජ්‍ය ඇමතිවරයා කීවේය.
නියෝජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේදී අද(24) පෙරවරුවේ පැවැති ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් හා පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ අදහස් පළ කිරීමේ හමුවේදීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ මංගලයට සහභාගීවීම සඳහා මැදමුලනය යාමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු සමඟ අදහස් හුවමාරු කර ගනු ලැබීය. හිටපු ජනාධිපති පුතුගේ විවාහ මංගල්‍යයට අග්‍රාමාත්‍යවරයා සමඟ මුදල් ඇමති මංගල සමරවීර, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමානාකරණ ඇමති රංජිත් මද්දුම බණ්ඩාර, මහාමාර්ග හා මාර්ග සංවර්ධන ඇමති කබීර් හෂීම්, වරාය හා නාවුක කටයුතු ඇමති සාගල රත්නායක යන මහත්වරු ද සහභාගී වූහ.
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘රාජපක්ෂ කාලයේ සිදුවූ දූෂණ ගැන සෙවිය යුතුයි’