IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


’’රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව’’ ජනතාවට බැට දෙනවා

(නිමල කොඩිතුවක්කු)

"රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව" මේ වෙනවිට රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ රාජ්‍ය  මිලේච්ඡත්වය පාවිච්චි කරමින් ජනතාව පෙළීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (2) පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසන අලුත් මුහුණුවරක් ජන සමාජය තුල නිර්මාණය කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇති බැවින් එයට  එරෙහිව ශක්තිමත් ලෙස පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සිවිල් ප්‍රජාව මඟ තොටදී හිංසනයට ලක්වන බවත්, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය උදෙසා වූ ජාතික මහජන සභාවට අනුබද්ධව නීතිඥ ප්‍රජාව සමග කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති රැස්වීමකදී ඔහු මේ බව පැවසීය.

එවැනි තත්ත්වයක් තුළ නීතිඥ ප්‍රජාව වෙත බරපතළ වගකීමක් පැවරී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා රටේ පුරවැසි පරපුරේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ඔවුන් ලබාදෙන සහයෝගය පිළිබඳව කෘතඥතාවය ද පළ කළේය.

මතයක් දැරීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ, භාෂණයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි යැයි යන පණිවිඩය ආණ්ඩුව ජනතාවට දෙන්නට උත්සහ කරනවා දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.

මේ රටේ නීතිඥ ප්‍රජාව මෙන්ම වගකිවයුතු සමස්ත පුරවැසියන්ද ආණ්ඩුවේ මේ ප්‍රචණ්ඩත්වයට එරෙහි බව සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.



අදහස් (13)

’’රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව’’ ජනතාවට බැට දෙනවා

dm Tuesday, 02 August 2022 04:22 PM

ඉතින් මහත්තයෝ... ගෝඨා අගමැතිකම බාරගන්න කිව්ව වෙලාවේ නිකං කෝඳුරුතෙල් හත්පට්ටයක් හොයන්නේ නැතුව ගත්තා නම් අද කවුද මේ රටේ ජනාධිපති. තමුන් නම් ජීවිතේටම හැදෙන්නේ නැහැ...!

:       0       0

ගලපර Tuesday, 02 August 2022 04:31 PM

ආණ්ඩුව බලන්නේ ඉතිරි අවුරුදු දෙකේ කොහොම හරි ඇදගන්න. මිනිස්සු කනවද නැද්ද කියන එක...!!! ඔවුන්ට මෙතැනදී අදාළ නැහැ. විශාල කැපකිරීමක් කරලා ජනතාව හොරු කණ්ඩායමක් පලවා හැරියා. ඒ හොරු කණ්ඩායමෙන් නැවත නම් දරපු කෙනෙක්... ජනපති වීම ජනතාව ලැබූ අන්ත පරාජයකි. හොරාට හොරා කිව්වෙත් අපි නොවේ ඔවුන්ය. ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් හොර කණ්ඩායම් බලය ලබාගන්නේ නම් එරට ජනතාවටත්, රටටත් අබසරණයි...

:       0       0

ruwan Tuesday, 02 August 2022 04:39 PM

අවුස්සන්නමයි ඕනෑ නේද? පොඩ්ඩක් මේ මිනිස්සුන්ට වැඩකරන්න දෙන්න...

:       2       22

kamalWednesday, 03 August 2022 09:55 AM

අවුරුදු 40ක් කල්දුන්නා කියලා මතක නැත්තේ පුන්නක්කු වල වැරැද්දක්ද...?

:       1       0

BT Tuesday, 02 August 2022 06:22 PM

"මතයක් දැරීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ, භාෂණයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි යැයි යන පණිවිඩය ආණ්ඩුව ජනතාවට දෙන්නට උත්සාහ කරනවා දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය." - ගෝනිබිල්ලා යුගය ඉතා හොඳින් මතක තිබෙන අය තවමත් මේ රටේ ජීවතුන් අතර සිටිති.

:       5       25

මහසෙන් Tuesday, 02 August 2022 06:36 PM

ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් හෝ වෙනයම් සංවිධානයක් කුමක්ද පවසන්නේ? ලංකාවේ වත්මන් තත්වය ගැන ඊට පසුදා ඊටත් වඩා බරසාර කරලා කියන්න මෙන්න ශූරයා. මේ ගොයියා හොද කයියටම තමයි. හැමදාම විසිල් ගහනවා. බල්ටි ගහන්න කිව්වම වෙව්ලනවා...!

:       6       29

SUNIL MILANO Tuesday, 02 August 2022 06:45 PM

මෙයාගේ වැඩේ බයිලා කියවන එක තමයි. රටට සෙතක් වෙන කිසිම දෙයක් කියන්නේ නැහැනේ.. එලොවටත් නැති, මෙලොවටත් නැති කෙනෙක්...

:       6       33

සලීම් Tuesday, 02 August 2022 08:21 PM

මේ මිලානෝ ඉන්නවයි කියන රෙජීමයේ හොඳම බයියන් තමයි... රටට දැන් සිදුවෙමින් තිබෙන අති භයානක අනතුර ගැන ඇත්ත කියන විපක්ෂනායක තුමාට කියන මොලේ කොලොප්පන් කතා. වයර් මාරු වෙලාද කොහේද?

:       26       5

ruwanWednesday, 03 August 2022 05:51 AM

දුක තේරෙනවා දරුවා

:       1       0

කෝරළගේWednesday, 03 August 2022 08:01 AM

ඇත්තම තමයි.මිලානො ඉදන් ප්ලේන් වලින් තොග ගනම් සෙනඟ ආවනෙ රට රකින විරුවට චන්දෙ දෙන්න... අන්තිමට විරුව රටම නැතිබංග කරල වලපල්ලට යවල තොලොන්චි වෙලා රටින් එලවල දැමිම. සජිත් හොරකමි නැති දක්ෂ රටට හොද සේවයක් කල හැකි නායකයෙක්. අනේ මෙහෙම මිලානො ඉන්න ගොන්නු.

:       1       1

Saththaya Tuesday, 02 August 2022 10:34 PM

මෙච්චර ජනතාව අමාරුවෙන් ජීවිතය ගැට ගහන්න දඟලද්දී රජවෙන්න දඟලනවා... ජනාධිපති මන්දිරයේ තිබුණු පුරාවස්තුවලට වගකියන්න ඕනෑ තව කෙනෙක් තමයි ඉතින්...! 

:       1       0

ජයවර්ධන Wednesday, 03 August 2022 12:41 AM

විපක්ෂ නායකයෙකුට ඔයිට වැඩිය වැඩක් කරන්න බැරිද? ඔයකතා කව්ද අහන්නේ...? ඕවා අහලා එපාවෙලා ඉන්නේ වැඩක් කරන්න පුලුවන් නම් කරන්න. නැත්නම් ඕක ෆොන්සේකා මහත්තයාට දීලා දාන්න.

:       1       1

kamal Wednesday, 03 August 2022 09:58 AM

මම කැමැතියි කියලා පැනලා දුන්නු වෙලාවේ ගත්තේ නැතුව ගණන් උස්සලා පීචන් වුණා.

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 1896 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 785 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 129 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 653 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 1169 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


පොතුවිල් ආසනය මුස්ලිම් කොංග්‍රසයට
2024 නොවැම්බර් මස 15 614 0

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 255 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 576 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1692 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site