IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


රජයට එක්කෝටි පනස් ලක්ෂයක පාඩුවක් කළ වට්ටක්කා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

අතිරික්තව පැවති වට්ටක්කා  තොග මිලදී ගැනීම නිසා රජයට රුපියල් එක් කෝටි පනස්  ලක්ෂයක පමණ පාඩුවක් සිදුවී ඇතැයි  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) පවසයි.

මෙම පාඩුව සිදුවී ඇතැයි පැවසෙන්නේ  2018 වර්ෂයේ මහා කන්නයේ වට්ටක්කා මිලදී ගැනීමේදීය.

විධිමත් වගා සැලැස්මක් නොමැති වීම නිසා ඇතැම් බෝගවල අතිරික්තයක් ඇතිවී  විශාල අස්වනු හානියක් කලින් කලට සිදුවන බව පෙනී ගොස් ඇතැයි  එම කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වේ.

නව කෘෂි කර්මාන්ත ප්‍රතිපත්තියක් සකස් කර  එම ප්‍රතිපත්තියේ දළ සැලැස්මක් වහාම ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ  කාරක සභාව එම කාරක සභාව හමුවේ පෙනී සිටි  කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට පසුගියදා දැනුම් දී ඇත.

නව කෘෂිකර්ම ප්‍රතිපත්තියක්  සකස් කෙරෙමින්  පවතින බවත් ඒ සඳහා ජනතා අදහස් ලබා ගැනීම මේ දිනවල  සිදුකරන  බවත්  අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහි දී කාරක සභාවට මෙහිදී දැනුම් දුන්නේය.

එම කෙටුම්පත සකස් කිරීමෙන් පසුව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන බවද ඔහු  වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ විශේෂ වාර්තාවක් එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. මෙම තොරතුරු සඳහන් වන්නේ එම වාර්තාවේය.



අදහස් (8)

රජයට එක්කෝටි පනස් ලක්ෂයක පාඩුවක් කළ වට්ටක්කා

පැරකුම් Saturday, 16 October 2021 11:10 AM

දියුණු රටවල හිතුමතයට මහ පරිමාණයෙන් ගොවිතැන් කළ නොහැකිය. ඒ සඳහා රටේ අවශ්‍යතාවය අනුව සකස්කළ සැලැස්මක් ඇත. ඒ අනුව බෝග අතිරික්තයක් ඇති නොවේ... අපේ රටේ ඉන්න උගත් කෘෂි විද්‍යාඥයින් අපේ බදු මුදලින් රටරටවල සංචාරය කොට මේවා දැකබලා ඉගෙනගෙන ඇති.. නමුත් කිසිවක් කරන්නේ නැත... කාට කියන්නද?

:       1       41

අප්පුහාමි Saturday, 16 October 2021 12:02 PM

1948 දී නිදහස ගත්තත් රටේ පාලනය සදහා එක් එක් අංශයේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කලේ නැහැ .මුල සිටම යමක් කමක් තිබුන අයගේ බලාපොරොත්තුව වුනේ රජකම ගැනීම මිස රටේ සංවර්ධනය නොවෙයි පක්ෂ හදහදා රට බෙදීම කලා.අවුරුදු 73 ක් ගතවෙන මේ කාලය වනවිට ලංකාව ශාක් කලාපයේ දුප්පත්ම රට වෙලා අවසන්. රටේ නායකයො කරන්නෙ පෝශ්‍ය දායක ආහාරයක් නොගෙන ක්ෂනික නූඩ්ල්ස් කන්නා වගේ රට පාලනය කිරීමයි

:       0       8

චන්දන Saturday, 16 October 2021 12:32 PM

අධ්‍යාපනයට, කෘෂිකර්මාන්තයට, ආර්ථිකයට කිසිම ප්‍රතිපත්තියක් නැහැ. ඉතිං රටක් දියුණු වෙන්නේ කොහොමද?

:       0       9

Kumara Saturday, 16 October 2021 01:05 PM

අපෝ ඕක මොකක්ද? මේ කරලා තියෙන හොරකම්වල හැටියට...

:       10       7

අනුර Saturday, 16 October 2021 02:09 PM

ප්‍රතිපත්ති පමණක් නොව දැනීමෙන් හා හරියාකාර සැලසුම් වලින් තොර ගන්නා තීරණ නිසා රට දිනෙන් දිනම ආර්ථික අතින් විශාල පාඩු ලබමින් සිටී. වෙනත් රටවල වට්ටක්කා කැඳ ඉතාමත් පෝෂ්‍යදායක හා රසවත් ආහාරයකි. වට්ටක්කා වියලා අබරා පැකැට් තුලට අසුරා කැඳ සඳහා අධික මිලට විකුනනු ලබයි. අපටද මෙසේ සකස් කිරීමට හැකියාවක් අැත්නම් පිටරට වලට ආනයනය කොට විදේශ විනිමය පවා උපයා ගත හැක.

:       0       27

පින්තේරිස්Saturday, 16 October 2021 03:32 PM

අනුරගේ අදහස නිවැරදි වුණත් පාලකයින් හා නිලධාරින්ගේ දැනුම රින තත්වයක් ගන්නා විට අනුන්ගේ අදහස් නොපිළිගනී. ලංකාවේ කෘෂිකර්ම අංශයේ උන්දැලා පිළිගන්නේ ආනයනය කළ අදහස් පමණි...

:       0       39

anuraSaturday, 16 October 2021 05:47 PM

පාලකයන් හෝ වෙන කෙනෙකු කෙරේ විශ්වාසය නෙතබා තම ශක්තිය කෙරෙහි විශ්වාසය තබා තම කර්මාන්තයක් සුලුවෙන් හෝ ආරම්භ කරන්න. යුරෝපයේ වට්ටක්කා කැඳ ඉතාමත්ම ජනප්‍රිය ආහාරයකි. මට ඇති අද්දැකීම් නිසයි මම මෙසේ ලිව්වේ. මේ හැරුණු විට පලතුරු වියළා පැකට් කොටද අපනයනය කළ හැකිය. මේවා වැඩි මිලකට යුරෝපා රටවල විකිණේ...

:       0       16

Bamunuarachchi Sunday, 17 October 2021 07:30 PM

රටේ වැඩිවෙන රටට බරක් වෙන මුස්ලිම් ළමයි ටිකත් සල්ලි දීලා අරගන්න එක...

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 920 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 225 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1868 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 215 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 527 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2454 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site