(රෝෂන් තුෂාර)
රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජීප් රථය රාජසන්තක කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11)රේගුවට නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අධිකරණයට ඉදිරිපත් කළ ජි ඉසෙඩ් 9630 දරන ජීප් රථය මෙසේ රාජසන්තක කිරීමට නියෝග කළේය.
අදාළ රථය බදුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු සතුව තිබියදී අත්අඩංගුවට ගත් බව කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
රුපියල් කෝටි ගණනක බදු රජයට අහිමි කරමින් 2015 වසරෙන් පසුව රේගුවට හොර රහසේ ආනයනය කළ මෝටර් රථ දෙසීයක් යළි රජයට භාර දෙන ලෙසට කළ අධිකරණ නියෝගය අනුව රථය අත්අඩංගුවට ගත් බවත්,අදාල ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවත් අල්ලස් කොමිසම කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ රථය රේගුවට බාරදී රාජ්‍ය සන්තක කරන ලෙසට නියෝග කළේය.
සෙසු රථ සම්බන්ධයෙන් විමර්ශන ප්‍රගතිය ජනවාරි 17 වැනි දින ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.
උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (25) දහවල් ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා
බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් පෞද්ගලික ලී මඩුවක් පවත්වා ගෙන ගිය යුද හමුදා භටයින් තිදෙනෙකු , ලී බඩු තොගයක් සහ බඩු උපකරණ සමග අත්අඩංගුවට ගත් බව ප්‍රියංකර
මාතර ඇතුළු ප්‍රදේශ ගණනාවකට පැවැති වැසි සහිත කාලගුණයත් සමග ගංවතුරු පැවැති ප්‍රදේශවල සිට උසස් පෙළ විභාගයට යන දරුවන්ට අවශ්‍ය පහසුකම්සැලසීමට නාවික හමුද
අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුල ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිස
අනුරාධපුර මිහින්තලේ, ගලෙන්බිඳුනුවැව, එප්පාවල සහ තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මහා පරිමාණයෙන් යතුරු පැදි සොරකමේ නිරත වූ, පුද්ගලයකු අත්අඩංගුවට ග
අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුප
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
සෙනෙවිරත්න Saturday, 12 October 2024 08:18 AM
මෙවැනි වාහන විශාල ප්‍රමාණයක් ඇති බව පෙනේ. ඉතා ඉක්මනින් මෙම වාහන අල්ලා දඩ නඩයම කර වාහන රාජසන්තක කරන්න. මෙයට ඇති බාධක අවසන් බව හැඟේ ජාවාරම් කාර පෙලැන්තිය ප්‍රගතිශීලී රජයක් බලයට ඒමට එරෙහි වන්නේ මේ නිසාය.