IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘රජයට ලැබිය යුතු සියලු හිඟ බඳු මුදල් අය කරගන්නවා ‘

(දයාරත්න ඇඹෝගම)

රජයට ලැබිය යුතු  හිග බදු  මුදල් සියල්ල ජතික ජන බලවේගය රජයක් යටතේ අයකර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුරයේදි පැවසිය.

අනුරාධපුර “ගොල්ඩන් මැංගෝ මැංගෝ” හෝටලයේ පැවති වෘත්තියන්ගේ හා ව්‍යපාරිකයන්ගේ හමුවකදි අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසිය.

“මේවන විට රජය විසින් අයකර නොගත් රැපියල් බිලියන 1,100 ක හිග බදු මුදලක් තිබෙනවා.එකෙන් රැපියල් මිලියන 169 ක් නඩු නැතිව මේ වේලාවෙත් අයකර ගන්න පුලුවන්.මේ රටේ අරක්කු නිෂ්පාදනාගාර අයතන තුනකින් රැපියල් කෝටී 700 කට ආසන්න මුදලක් රජයට අය වෙන්න තිබෙනවා

.ඒ කියන්නේ වැට් බදු මුදල්.ඒ මුදල මේ සමාගම් විසින් මේවන විටත් පාරිභෝගිකයන් ගෙක අයකර ගෙන තියෙන්නේ.ඒ වුනාට අරක්කු සමාගම් රජයට ඒ බදු මුදල් නොගෙවා පැහැර හරිමින් සිටිනවා.මේ මුදල් මහ භාණ්ඩගරයට අයත් මුදල්.ඒවා අද වෙන ගෙවල් වලට යනව.ඒ හැම ශතයක්ම ජතික ජන බලවේගය රජයක් මගින් අයකර ගැනිමට කටයුතු කරනවා”.

 “අපේ රට ආර්ථිකමය වශයෙන් මේවන විට විශාල වශයෙන් බිද වැටි තිබෙනවා.නීතියේ අධිපත්‍ය කඩා වැටි තිබෙනවා.අපේ රටේ රාජ්‍ය සේවය කඩා වැටි තිබෙනවා.අධ්‍යපනය,සෙෘඛ්‍ය,ප්‍රවාහනය කඩා වැටි තිබෙනවා.ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාරයේ ඉදිරි පැවැත්ම ගැන සැකයක් මතුව තිබෙනවා.සෑම අතින්ම අපේ රට කඩා වැටි තිබෙනවා.”

“කඩා වැටුණ රට ඉදිරියට ගෙන යාමේ වගකිම අපි සැප්තැම්බර් මස 21 බාරගන්නවා.මේ දේශපාලන වෙනස සදහා අපි දශක ගානක් අධ්‍යනය කරන්න ඔනේ නැහැ.මේ සති දෙක තුන තුන ලංකාවේ දේශපාලනය දිහා බලපුවාම තේරේනවා මේ තත්වය වෙනස් කරන්න ඔනේ කියලා.2019 දි සජීත් ප්‍රේමදාස නිවාස අධිකාරිය විනාශ කළා

.මුදල් විනාශ කළා.දේශපාලන පරිවර්තනයක් අවශ්‍ය බව තේරුම් ගන්න ඔනේ.සමහර මන්ත්‍රිවරැ ආර්ථික වාසි බලාගෙන පැති මාරැ කරනවා.

රට ගැන හිතලා ජනතාව ගැන හිතලා පැති මාරු කරනවා නෙමේ.තමන්ගේ පැවැත්ම,ඇමතිකම්,බාර් ලයිෂන්,පෙට්ට්‍රර්ල් ෂෙඩ්,ඉඩම් ගැන හිතලා පැති මාරැ කරනවා.මේ ගැන හිතලා මේ දේශපාලන පරිවර්තනයකට ජාතික ජනබල වේගය සුදානම්.ජාතික ජන බලවේගය ලෝකයත් සමග රට ආර්ථික සංවර්ධනයක් කරා රැගෙන යනවා.”

 



අදහස් (15)

‘රජයට ලැබිය යුතු සියලු හිඟ බඳු මුදල් අය කරගන්නවා ‘

Prabath Tuesday, 20 August 2024 02:06 PM

ඇයි මේ අනිත් පැත්තෙන්ද කතා කරන්නේ. මේ අයට රටක් තියා පෙට්ටි කඩයක්වත් පාලනය කරන්න බැහැ.

:       3       6

Nishan Tuesday, 20 August 2024 02:39 PM

එයාලා එක සැරේ ගෙවන්න සල්ලි නෑ එහෙම ගෙවන්න උනොත් එයාලගේ ව්‍යාපාර වහන්න වෙනවා, වැහුවොත් මෙච්චර ගානකට අච්චර ගානකට රස්සා නැති වෙනවා කියලා උසාවි ගියොත් මොකද කරන්නේ? අනුර ඔයා දන්නේ නෑ දැනටත් ඒක සිද්ද වෙලා. ආණ්ඩුවට නඩු අහලා ඉවර වෙලා උසාවි නියෝග එනකන් ඉන්න වෙලා.

:       20       73

ChathuriWednesday, 21 August 2024 07:28 AM

බදු මුදල් ඉල්ලන්නෙ. අද ඊයේ ඒවා නෙමේ . අවුරුදු ගානක ඒවා ඒකාලේ. හොදට රට තිබුනා කිසි හෙනයක් නැහැ පගා දිදී. බදු කොල හැංගුවා . ඒ කාලේ ගිනුම්. හිඟ ඇරලා බැලුවොත් හොදා ලස්සනට. මුදල් ගොඩ ගහගෙන තියෙනවා දේපල්ත් ගොඩ ගහගෙන තියෙනවා. නාමල් බේබී වගේ අය නඩු ඇහුවොත් ඔය බොළඳ කතා කියන්න පුලුවන්. අනුර කුමාර ලග. හොරමෝඩ බේබීලා නැහැ. හොද කොන්ද පන තියෙන නායකයින් රට භාර ගන්නෙ. ඉතින් ඉල්ලන්න කලින් කට්ටිය බදු ගෙවයි.

:       45       6

sachith Tuesday, 20 August 2024 02:59 PM

මේ කියන එකට විරුද්ධව කවුරුත් කතා කරන්නේ නැ නේද?

:       41       15

මාළු මාම Wednesday, 21 August 2024 11:31 AM

කතා කරන්න දෙයක් නෑ. මේ කියන දෙයින්ම පෙනෙනවා මෙයා නීතිය, ව්‍යවසායකත්වය ගැන කිසිම දෙයක් නොදැන කතා කරන බව...

:       12       45

සන්ක Tuesday, 20 August 2024 03:32 PM

ඔබතුමාලා රජයක් හැදුවොත් විතරයි ඵක හොරෙක් හරි අල්ලන්නේ. ඒකට ඉතින් මිනිස්සු මොලේ පාවිච්චි කරලා ඡන්දේ දෙන්න ඕනෑ මාලිමාවට. එච්චරයි....!

:       40       7

සාලිය​ Tuesday, 20 August 2024 04:06 PM

තෑගි ලෙස ලබා ගන්නා දේ ද, වත්කම් ලෙස සලකා පළමුව සියලු දේශපාලකයින්ගේ බදු අය කර ගත යුතුයි. සොරකම්, කප්පම් පමණක් නොව​, ශිල්පයක් නොකර, උපතින්ද දේපලක් නැතිව ධනය උපයා ඇත්නම් සොයා බැලිය යුතුයි​..!

:       2       10

බණ්ඩා Tuesday, 20 August 2024 04:18 PM

ඒ බලයට පත් වුනොත් නේ. ඒත් ඒක එහෙම වෙන්නේ නෑනේ. මෙයාලා මේ කියන විදිහට ජ.වි.පෙ. කරපු ඔක්කෝම හරි. අනිත් ඔක්කෝම වැරැදියි. විහිළු කරන්න එපා මෙයා...!

:       4       35

විජිත් Tuesday, 20 August 2024 04:47 PM

ජාතික ජනබල වේගයට ජයවේවා..!!!... මාලිමාවට ඡන්ද කෝටියක් ...

:       35       7

kasun Tuesday, 20 August 2024 07:59 PM

ඔය අනුර බබෙක් වගේ... ඔය කියන විදිහට ඔයාට ඔහොම කම්පැණිවලින් සල්ලි ගේන්න පුළුවන් නම් කොහේද? ඔවුන් කම්පැනි වහලා දාලා යයි.. ඊට පස්සේ ඒ වගේ වැඩකරන මිනිස්සුන්ට කවුද පඩි දෙන්නේ? ඔයාලත් නිකන් අනිත් අය වගේම ජනප්‍රිය දේශපාලනය තමයි.

:       4       47

KumaraWednesday, 21 August 2024 07:44 PM

කසුන්ට බයයි ද අරක්කු කොම්පැණි වැහෙයි කියලා

:       31       5

සෙනෙවිරත්න Tuesday, 20 August 2024 09:06 PM

නිශාන්, ජොනියා ඇලෝසියස්ලා ගැන මොකද කැක්කුමක්?

:       27       4

upul Attanayake Wednesday, 21 August 2024 02:52 AM

මෙයාගේ කතා අහලා මිනිස්සු නිකන් මොලේ කචල් කර ගන්නවා. වම් කකුල තිබ්බොත් පොළඟා ගහයි කියනවා. දකුණු කකුල තිබ්බොත් නයා ගහයි කියනවා.. කුඹුරට ගියොත් අලියා ගහයි කියනවා. කැලේට ගියොත් කොටියා කයි කියනවා. මෙයා යාළුවන්ගෙන් කාලා බීලා රටට සත 5ක් ටැක්ස් නොගෙවා, වෙන රෙද්දවල් කියමින් ඔහේ කාලෙ කනවා...

:       5       17

Wijekon Wednesday, 21 August 2024 06:03 AM

හිඟබදු මුදල් අයකර ගත්තා කියලා ඒ මුදල් රටේ සංවර්ධනය සඳහා ප්‍රමාණවත් වෙන්නේ නැහැ... අමතරව ආදායම් ඉපැයීම සඳහා විධිවිධාන යොදන්න ඕනෑ ඒවා ගැන කිසිවක් කියන්නේ නැහැ ඒක බොහෝවිට නිෂාන් කියපු ආකාරයෙන්ම වෙන්න පුළුවන්... රටට ආදායම් උපයන ක්‍රමයක් කියන්නේත් නැහැ. ඔවැනි බේගල් කොණ්ඩය බැඳපු චීන්නු හා .... මහ බැද්දේ අය අකුරු කරන්නට නුවරට ගිය මං ගීතයේ නුවර කියන්නේ නගරය නොවෙයි, මහනුවර කියන අය විශ්වාස කළත් අබමල් රේණුවක මොළයක් තියෙන කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ... දෙවනුව අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා කඩාවැටීම ගැන කියන්නේ පසුගිය කාලයේම එම අංශය කඩාකප්පල් කිරීමට අනුගාමිකයින් මෙහෙයවීම කරපු කෙනෙක් වීම කොතරම් විහිළුවක්ද? ඔය අතරේ සමහර ජ්‍යෝතිෂවේදීන් කියන්නේ බුධ අධිත්‍ය යෝගයක් නිසා අනුර සහෝදරයා මහත්තයා ජනාධිපති වෙනවා කියලා... ඒ සමග කියන්නේ සෙනසුරු ඒරාෂ්ඨක තත්වය වඩාත්ම තියෙන කෙනෙක් ජනාධිපති වෙනවා කියලා එහෙම නම් ඉතින් දැනට සිටින ජනාධිපතිතුමා නැවතත් ජනාධිපති වෙනවා කියලා හිතෙනවා..

:       7       41

Amin Wednesday, 21 August 2024 11:57 AM

මොවුන් එදා ඉඳලා අද වෙනකම් කලේ කටින් බතල හිටවපු එකනේ..!

:       11       41

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 82 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


අනුර පත් වූ සතුටට රට්ටු කිරිබත් කති
2024 සැප්තැම්බර් මස 23 0 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) දිවුරුම් දීමෙන් පසු පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා දල්වමින්,කිරිබත් පිසිමින් සිය සතුට


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 47 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 531 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 559 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4499 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21177 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20479 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site