(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා (Damiano Francovigh) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ නව රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළට ඉතාලි රජයේ සහාය ලබා දෙන බව තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ සංචාරක, වරාය සහ ආයෝජන ක්ෂේත්‍ර සඳහා ඉතාලි රජයෙන් ලබා දිය හැකි සහාය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ඉතාලි රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ වීසා ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමට අපේක්ෂා කරන බවද ඉතාලි තානාපතිවරයා පැවසීය.
ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට සහ ඉතාලියේ රැකියා අපේක්ෂිත ශ්‍රී ලංකිකයින්ට නීත්‍යානුකූල රැකියා අවස්ථා සඳහා පහසුකම් සැලසීමට දැනට සකස් කර ඇති ගිවිසුම්වලට ශ්‍රී ලංකා රජය සහාය දක්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසීය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
කෙහෙල්බද්දර පද්මේ නැමති අපරාධකල්ලි සාමාජිකයාගේ බිරියගේ නිවසේ රූපරාමු ලබාගත් බව කියන සැකකරුවන් දෙදෙනා එළැඹෙන මස 6 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන්නැය
අධිකරණ නියෝගයකින් අනුරාධපුර ’යෙහෙළිය’ ළමා නිවාසය රඳවා සිටි වයස අවුරුදු 18 ට අඩු දැරියක අනුරාධපුර ’අවන්තිදේවී’ ළමා නිවාසයට, නීති විරෝධී ලෙස රැගෙන විත්
වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු ජපානයෙන් ආනයනය කළ පළමු වාහන තොගය රැගත් නෞකාව මීට සුළු වේලාවකට පෙර හම්බන්තොට ජාත්‍යාන්තර වරායට සේන්දු විය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් වින්දිතයින් වූ පුද්ගලයින්ට රුපියල් කෝටි 24 1/2ක වන්දි ගෙවා ඇති බව නීතීපතිවරයා කළ දැනුම් දීමක් සැළකිල්ට ගත් ශ්‍රේ
පවතින වර්ෂාව සමග ඇටම්පිටිය නගරයේ සිට ඇටම්පිටිය වත්ත 2 කොටස දක්වා යන මාර්ගයේ කොටසක් අද (27) නාය ගොස් ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදිල් ඊබ්‍රහිම් අහමඩ් ඊබ්‍රහිම් මහතා (Adel Ibrahim Ahmed Ibrahim) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
රජයේ ආර්ථික වැඩපිළිවෙළට ඉතාලි සහය
පිටිගල මිලානෝ Thursday, 27 February 2025 05:49 PM
ඉතාලියේ විදේශිකයින් සඳහා විවෘත රැකියා අවස්ථා පිළිබඳව, විවිධ ක්ෂේත්‍රයන්හි අවස්ථා තිබේ. ශ්‍රී ලාංකිකයින්ට මෙම රැකියා සඳහා යොමුවීමට, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් පහසුකම් සලසා ඇත. විදේශ රැකියා සඳහා අදාළ තොරතුරු සහ උපදෙස් ලබා ගැනීමට, විදේශ සේවා කාර්යාංශ වෙබ් අඩවියට පිවිසීම ප්‍රයෝජනවත් වේ. විදේශ සේවා කාර්යාලය මඟින් විදේශ රැකියා සඳහා අවශ්‍ය පුහුණුව, සහාය සහ නියාමනය කිරීම සිදු කරයි. විදේශ රැකියා අපේක්ෂකයින් වි සේ කාර්යාංශය වෙත ලියාපදිංචි වී, අවශ්‍ය උපදෙස් සහ ආරක්ෂාව ලබා ගත යුතුයි...
පිටිගල මිලානෝ Thursday, 27 February 2025 05:53 PM
ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර ව්‍යාපාරික සහ ආයෝජන සබඳතා වර්ධනය කිරීම සඳහා පහත ක්‍රියාමාර්ග ගත හැක: 1. ව්‍යාපාරික සහ ආයෝජන සමුළු සංවිධානය කිරීම: ඉතාලි සහ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගම් සහ කාර්යාලයන් එක්ව සමුළු, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන සංවිධානය කිරීමෙන්, දෙරටේ ව්‍යාපාරිකයින් අතර සම්බන්ධතා වර්ධනය කර ගත හැක. 2. ව්‍යාපාරික තාක්ෂණ හුවමාරු වැඩසටහන්: ඉතාලියේ උසස් තාක්ෂණය සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අවශ්‍යතා එකට ගැළපෙන පරිදි තාක්ෂණ හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන්, දෙරටටම ප්‍රයෝජන ලබා ගත හැක. 3. ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන්: ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සහ ඉතාලි ආයෝජකයින් අතර සම්බන්ධතා වර්ධනය කිරීමෙන්, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳ අවබෝධය වැඩි කර ගත හැකිය. මේ දක්වා හිටපු කිසිම තානාපති කෙනෙක් ඉහත කිසිම දෙයකින් දශමයක් වත් කර නැත. ඉතාලියෙන් දැන්වත් ප්‍රයෝජනයක් ගමු.