(ඥාණසිරි හෙට්ටිආරච්චි)
වී අලෙවි මණ්ඩල කළ සහතික මිලට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහමතකු අද සවස 5.00 පමණ තම නාඩු වී අස්වැන්න අලෙවි කරමින් මෙවට මහ කන්නයේ පළමු වී තොගය රජයට ලබා දුන්නේය.
වී අලෙවි මණ්ඩලයේ අම්පාර තිස්සපුර ෆබඩාවට එම වී තොගය අලෙවි කළේය. දසුන් චානක හේරත් නමැති ගොවි මහතකු ලබා දුන් වී තොගයේ වී කිලෝ 650ක් තිබුණි.
වී මිලදී ගැනීමේ අවස්ථාව සදහා අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම , වී අලෙවි මණ්ඩලයේ අම්පාර ප්‍රාදේශීය කළමණාකරු එන්. එස්. සේනානායක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තුෂාර පෙරේරා සහ ගබඩා නිලධාරි ප්‍රියන්ත කුමාර, යන මහත්වරුන් එක්ව සිටියහ.
සොරකමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබා ගැනීම සඳහා අත්අඩංගුවට ගත් තරුණයකුගේ අත් පා බැඳ එල්ලා අමානුෂික ලෙස පහර දී වධ හිංසාවට භාජනය කොට එම පාපොච්චාරණය ප
අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ පැවැත්විණි.
වී අලෙවි මණ්ඩල කළ සහතික මිලට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහමතකු අද සවස 5.00 පමණ තම නාඩු වී අස්වැන්න අලෙවි කරමින් මෙවට මහ කන්නයේ පළමු වී තොගය රජයට ලබා දුන්න
හොරණ බොරළුගොඩ කුරුඳු කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් ගිනි ගෙන දැවෙන බව පොලිසිය කියයි.
වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහල පුද්ගලයකු මියයාමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට අත්තඅඩගුවට ගත් හිටපු පොලිස් කොස්තාපල්වරුන් සිව්ද
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාම මාවත නිල නිවස පිටුපස පිහිටි යුද හමුදා භටයන් රැදී සිටි ගොඩනැගිල්ලේ ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
රජයේ ගබඩාවට දුන් පළමු වී අස්වැන්න
රටවැසියා Thursday, 13 February 2025 07:46 PM
වී කිලෝ 650 ගන්නා මෙච්චර නිලධාරි මඩුල්ලක්...
ලක්විදුThursday, 13 February 2025 08:41 PM
රටවැසියෝ, ඔහු පීලිපැනීමට ඒ නිලධාරී මඩුල්ල විතරක් නොවෙයි, බත් කන අප හැමෝම යා යුතුව තිබුණා...!
ලක්විදු Thursday, 13 February 2025 07:47 PM
කරුණාකර මට ඔහුගේ දුරකථන අංකය ලබා දෙන්න. රජුන් කියාගන්නා කුහකයින් අතර රට ගැන සිතූ ඒ අහිංසක ගොවි මහතාට ත්‍යාගයක් ලබාදීමට මම සූදානම්...!
karolisThursday, 13 February 2025 08:13 PM
ආණ්ඩුවට වී ඇටයක් දෙන්න එපා කිව්වා නේද ඒ කාලේ? දැන් ආණ්ඩුවට දුන්නාම තෑගි දෙන්නත් ඉදිරිපත් වෙන මී හරක් ඉන්න කොට බොරුකාරයෝ රජ වෙන එක අහන්නත් දෙයක්ද?
බකල ජයාThursday, 13 February 2025 09:04 PM
ජනතාවගේ බදු මුදලින් පොහොර සහනාධාරය අරගෙන, වගා හානි වුණාම වන්දිත් අරගෙන, රටේ හැමකෙනෙකුටම අයිති ජල, වාරිමාර්ග සම්පත නොමිලේ පාවිච්චියට අරගෙන හදන වී, රටේ ජනතාවට වැඩි මුදලකට ගන්න පුළුවන් විදිහට විශාල මෝල් හිමියන්ට අලෙවිකර රටේ දියුණුවට දායක වෙන ගොවි රජුන්ට ජයෙන් ජය!
සෙනෙවිරත්න Thursday, 13 February 2025 08:16 PM
ඔන්න වක්කඩ කැඩුවා, ඉස්සරහට බලාගන්න ගොවියෝ වී දෙන හැටි, කුහක මාධ්‍ය සහ පොහොට්ටු ගෝලයෝ මේක අසාර්ථක වෙලා හාල්මිල වැඩිවෙලා ජන ජීවිතය අවුල් වෙනකං බලාගෙන හිටියට ඒවා වෙන්නේ නැහැ පුතෝ, මේ රජයේ මැති ඇමැතිලා සැප විඳින්නේ නැහැ, ජනතාව ඒක දන්නවා, ජනතාව හිටපු අය හදවතින්ම ප්‍රතික්ෂේප කරලා ඉවරයි. එන කෙනෙක් එනවා නම් මීට වඩා ජනතාවාදිව එන්න, අපිත් සහයෝගය දෙන්නම්...!
යෝගා Thursday, 13 February 2025 08:35 PM
පක්‍ෂ අරමුදලෙන් යැපෙන ගොවියෙක්ද කොහේද? ඔය ටික දෙන්න කියලා කිව්වේ ටිල්වින්ද?
Sue Thursday, 13 February 2025 08:42 PM
ඔව් මමත් කැමතියි ඒ අදහසට...
Ruwan R Thursday, 13 February 2025 08:58 PM
මහ මෝල්ලු කකුල් දෙක ළඟටම ගිහින් වී මිලදී ගන්න වෙලාවෙ මේ මිනිසුන් කරන කැප කිරීම අගය කල යුතුමය. නරකද රජය මේ වෙලාවේ ගබඩා වලට වී ගෙනෙන ගොවීන්ට ප්‍රවාහන දීමනාවක් වගේ දෙයක් දෙන්න කටයුතු කළොත්. තම බත් පතට වඩා රටක බත් පත වෙනුවෙන් පෙරට ආ ඔබ තුමන්ට ගොඩාක් පින්.
ගමේ එකාලා Thursday, 13 February 2025 09:12 PM
කරෝලිස් වගේ උන් වෙන්ඩැති ආණ්ඩුවට වී දෙන්ඩ එපා කියන්ඩ ඇත්තේ , කුහකකම ඒකෙන්ම පේනවා. ගොවියෝ මහන්සි වෙලා ගන්න වී ටික හාල්මෝල්කාරයෝ අරගෙන වැඩි මිලට විකුණලා ලාබ ගන්නකොට හොඳයි කියලා හිතෙනවා ඇති...