(සුජිත් හේවාජුලිගේ)
සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති බැවින් ජාතික විගණන කාර්යාලය සියලුම රජයේ ආයතන ආවරණය වන පරිදි විශේෂ විගණනයක් ඊයේ(27) ආරම්භ කළේය.
මෙම විගණනයෙන් පසු අතුරුදන් හෝ අස්ථානගත රජයේ වාහන සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා ලංකාදීපයට පැවසීය.
කොළඹ ගාලු මුවදොර පිටියේ දමා ගොස් තිබූ සුඛෝපභෝගී වාහන 110 සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහාද විශේෂ විගණන කණ්ඩායමක් එහි පිටත් කර යැවූ බවද ඔහු සඳහන් කළේය.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සමග එක්ව එම විමර්ශනය පවත්වාගෙන යන බව පවසන විගණකාධිපතිවරයා එම වාහන සත්‍ය වශයෙන් පාවිච්චි කළේ කවුදැයි සොයා ගැනීමට අදාල තොරතුරු පරීක්ෂාවද ආරම්භ කළ බව ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන 1794ක් අතුරුදන්ව හෝ අස්ථානගතව ඇතැයි තොරතුරු හෙළිවී ඇත. ඊට මෝටර් රථ 679ක් සහ යතුරුපැදි 1115ක් ඇතුළත් වේ.
මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් වාහන 212ක්ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 880ක්ද තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වාහන 45 ක්ද අතුරුදන්ව හෝ අස්ථානගතව හෝ ඇති බව විගණන විමර්ශන වලදී හෙළි වී ඇත.
ඇතැම් රජයේ වාහන වලට අදාල ලිය කියවිලි පවා අස්ථානගතව ඇති හෙයින් එම වාහන පිළිබඳව තොරතුරු සොයා ගැනීම ලොකු අභියෝගයක් වී ඇතැයි විගණන නිලධාරීහු පෙන්වා දෙති.
මේ අතර රට විරුවන්ට වාහන පර්මිට් 1077ක් ලබාදීමේදීද අක්‍රමිකතා රැසක් සිදුව ඇතැයි තොරතුරු අනාවරණය වූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
ඒ සම්බන්ධයෙන්ද සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට භාර දුන් බව විගණකාධිපතිවරයා පැවසීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රජයේ වාහන 4000ක් උස්සලා
Rohana Saturday, 28 September 2024 10:17 AM
CID පරීක්ෂණ කරන්නේ නැද්ද?