IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


රජයේ ඉඩම් සංවර්ධනයට ආයෝජකයන් සොයයි

(අංජුල මහික වීරරත්න)

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයින් තෝරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී  ඇත.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා දීර්ඝකාලීන බදු පදනම මත බැහැර කිරීමේදී සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම සඳහා විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කළ යුතු බවට මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇත.

 ඒ අනුව, රජයේ ඉඩම් ආඥාපනතේ 6(1) වගන්තිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබ ඇති පහත සඳහන් ඉඩම් කොටස් නාගරික සංවර්ධන අධිකාරියෙහි සැලසුම් රෙගුලාසි වලට අනුගතව, රජයේ තක්සේරුකරුගේ තක්සේරුව මත පදනම්ව දීර්ඝකාලීන බදු පදනම මත බැහැර කිරීම සඳහා සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලි අනුගමනය කිරීම සඳහා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* සෙල්ලකතරගම නගර සංවර්ධන කටයුතු සඳහා අත්පත් කර ගනු ලැබූ ඉඩම් අතුරින් යෝජිත නගර සංවර්ධනයට අවශ්‍ය ඉඩම් වෙන් කිරීමෙන් පසු තව දුරටත් බැහැර කළ හැකි පිළිවෙලින් පර්වස් 42.03, පර්වස් 20.28 සහ පර්වස් 20.72 ක් වූ ඉඩම් කොටස් 3 ක් වසර 50 ක දීර්ඝකාලීන බදු පදනම මතබැහැර කිරීම සඳහා.

*දෙමටගොඩ ( 537 වත්ත) පිහිටි ඉඩමෙන් ප්‍රමාණය අක්කර 3 -රූඩ් 2 - පර්චස් 24.59 ක් වන ඉඩම් කොටස වසර 99 ක දීර්ඝකාලීන බදු පදනම මත බැහැර කිරීම සඳහා.



අදහස් (1)

රජයේ ඉඩම් සංවර්ධනයට ආයෝජකයන් සොයයි

ගුණරත්න Tuesday, 08 April 2025 08:18 PM

කලින් ආණ්ඩු ඔහොම දෙයක් කරන්න ගියොත් මෙන්නෝ විකුණන් කනෝ ගාගා මැරෙන්න හදාපු උන් ටිකම මෙන්නෝ විකුණන් කනෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පළාත් කීපයකට අදත් තද වැසි
2025 අප්‍රේල් මස 17 50 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම්


සිසුන් දෙදෙනෙක් මුහුදේ සැඟ වෙති
2025 අප්‍රේල් මස 17 343 0

පවුලේ අයවළුන් සමග පානදුර මුහුදේ විනෝදයට දියනාමින් සිටී පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.


පුංචි ඡන්දය නියම දිනටම මැකෝ තීරණය කරයි
2025 අප්‍රේල් මස 17 310 0

පළාත් පාලන ආයතන 339 ඡන්ද විමසීම එකවර පැවැත්වීමට අදහස් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ නීති අංශය පවසයි.


රෝහලට පැන මලසිරුරක් බලෙන් පැහැරගෙන
2025 අප්‍රේල් මස 17 685 0

අනතුරකින් පසු රෝහලට රැගෙන එන අතර තුර මියගොස් සිටි පුද්ගලයකුගේ මල සිරුරක් ඔහුගේ ඥාතීන් විසින් බලහත්කාරයේ පානදුර රෝහලට රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.


ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්
2025 අප්‍රේල් මස 17 2408 0

ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම


රටපුරා රජයේ රෝහල්වල දැඩි බෙහෙත් හිඟයක්
2025 අප්‍රේල් මස 16 2097 1

කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 169 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 332 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1010 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site