IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


රජයේ ආයතනවලට තරු පංතියේ කෑම එපා

 

(සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය ආයතනවල රැස්වීම් සහ උත්සවවලට තරු පංතියේ හෝටල්වලින් ආහාර ගෙන ඒම නොකරන ලෙස රජය එම ආයතන ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.

බොහෝ ආයතනවල විශේෂයෙන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී තරු පංතියේ හෝටල්වලින් ආහාර ගැනීම කාලයක් තිස්සේ සිදුවෙමින් පැවතිණ.

පවතින ආර්ථික තත්වයේ  හමුවේ එවැනි වියදම් දැරීම සුදුසු නොවන බවත්  රජයේ ආයතනවල වියදම් හැකිතාක් සීමා කරන ලෙසට දැනුම් දුන් බවත්  රජයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නේ මහතා පාර්ලිමේන්තුවේදී  පසුගිය 20 වැනිදා ප්‍රකාශයක් කරමින්  භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා තරු පංතියේ හෝටල් වලින් ආහාර ගෙන ඒමට   විශාල මුදලක් වැය කරන බවට චෝදනා කළේය.

රට දැඩි ආර්ථික අර්බුදයක ගිලී සිටින අවස්ථාවක එවැනි මුදල් නාස්ති කිරීම සුදුසු නොවන බවද  මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.



අදහස් (4)

රජයේ ආයතනවලට තරු පංතියේ කෑම එපා

ravin Saturday, 22 October 2022 11:02 AM

කෑම තරු පංතියේ... වැඩ? මුඩුක්කුවක තියන පිළිවෙලවත් නැහැ.

:       0       10

chandima Saturday, 22 October 2022 12:21 PM

ඒ කියන්නේ ඒ ගානම දීලා අල්ලපු කඩෙන් කෑම ගෙනාවාට වරදක් නැතිද? හෝටලේ පන්තියෙන් වැඩක් නැහැනේ... වියදම් කළ හැකි උපරිම මුදලට සීමා පැනෙව්වානම්..?

:       0       0

Saman Saturday, 22 October 2022 04:49 PM

ඕක ගොඩක් ආණ්ඩුවේ සංස්ථාවල සිද්ධ වෙන වැඩක්. උදාහරණයක් හැටියට රත්මලානේ එයාපෝට් පාරේ තියෙනවා ඇඟලුම් කර්මාන්තයට සම්බන්ධ ආණ්ඩුවේ සංස්ථාවක්. එතන අවුරුදු ගාණක් තිස්සේ පුදුම විදිහට මුදල් නාස්තියක් කරනවා. කෑම බීම පමණක් නෙවෙයි හැම අවුරුද්දෙම අවශ්‍ය වුණත් අනවශ්‍ය වුණත් බඩු ගන්නවා. වාහන ඔහේ බල්ලට දෙනවා වගේ යනවා. ඒ විතරක් නෙවෙයි ඔය අපේ හිටපු බතික් ඇමතිතුමාත් ඕකේ රාජය ඇමති කෙනෙක් වෙලා හිටිය කාලයක් තිබුණා. එතුමාට corvid හැදිලා හික්කඩුවේ ඉන්න කොට එතුමාගේ නෝනා ඔතනින් වාහනයක් රත්මලාන ඉඳලා කොළඹට ගෙන්න ගෙන කේක් එකක් ඇරියා. ඊට පස්සේ එයාලම විපක්ෂයට ගිහිල්ලා කියනවා රට කඩා වැටෙනවා කියලා පක්ෂ විපක්ෂ කවුරු වුනත් නිලධාරියෝ අන්තිමට කරන්නේ රට කන එක විතරයි.

:       0       2

විපරමා Saturday, 22 October 2022 05:32 PM

මුදල් ගෙවන්නේ ජනතාවගේ බදුමුදල් වලින් ,ඒ නිසා කෑම ඉස්තරම් . රජයේ ආයතන වල කෙරුවාවල් ගැන නම් කියලා වැඩක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 58 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 124 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 330 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 455 0

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 62 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්
2024 නොවැම්බර් මස 19 583 0

සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26317 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18862 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 377 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 645 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1855 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site