( සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
රාජ්‍ය කාර්යාල දහසකට අධික සංඛ්‍යාවක් පානීය ජලය වෙනුවෙන් ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලයට රුපියල් කෝටි හැත්තෑවකට වැඩි හිඟ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩල ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අනුව හිඟ බිල්පත් නොගෙවු සියලුම රාජ්‍ය ආයතනවල බිල්පත්වලින් සියයට 2.5 ක අධිභාරයක්( දඩයක්) මේ මස මුල් සතියේ සිට අයකිරීමට එම මණ්ඩලය තීරණය කර ඇත.
මෙසේ හිඟ බිල්පත් කාලයක් තිස්සේ නොගෙවා ඇති රාජ්‍ය ආයතනවලින් වැඩි ප්‍රමාණයක් පොලීසි,හමුදා කඳවුරු සහ රෝහල් වේ.
මෙම අධිභාරය අයකිරීම පිළිබඳව සියලුම රාජ්‍ය ආයතන පසුගිය ජනවාරි මාසයේ සිට දැනුවත් කළ බව ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සාමාන්‍යයෙන් ජල බිල්පත ලැබී දින 90කින් ගෙවීම නොකළහොත් මෙම අධිභාරය අය කෙරෙනු ඇත.
එසේම ජල බිල්පත ලැබී දින 14ක් ඇතුළත එය ගෙවනු ලැබුවහොත් සියයට 1.5ක වට්ටමක් දෙන බව පැවසූ එම නිලධාරියා රාජ්‍ය ආයතනවලට මෙන්ම සියලු පෞද්ගලික ජල පාරිභෝගිකයන්ටද ඒ වට්ටම පොදුවේ හිමිවන බව ප්‍රකාශ කළේය.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
රාජ්‍ය ආයතන ජලයට කෝටි 70ක් පොලු තියලා
පැරකුම් Saturday, 08 April 2023 04:36 PM
අන්තිමට ඕවාටත් කරගහන්න වෙන්නෙ මේ දුප්පත් අපටමයි. දේශපාලුවන් තියපු කණුවලටත් අපි ගෙව්වා. දැන් තව එකක්...
Bamunuarachchi Tuesday, 11 April 2023 06:02 PM
පොලිස් ගොයියෝ, හමුදා ගොයියෝ. පොලිස් ස්ථානවලින් හමුදා කඳවුරෙන් නාගෙන තමයි ගෙදර යන්නේ. රෝහල් වලට නොමිලේ වතුර දුන්නාට කමක් නැත.