(සුජිත් හේවාජුලිගේ )
උපාය මාර්ගික වශයෙන් වැදගත් ආයතන ලෙස හඳුනා ගැනුණු ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ( ව්‍යවසායන්) 55ක් පසුගිය වසරේ මුල් මාස හතරේදී පමණක් රුපියල් කෝටි 86,000ක පාඩුවක් ලබා ඇතැයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවැසීය.
මෙය එම ආයතන ඊට කලින් වසරේදී (2021) වර්ෂය පුරා ලැබූ අලාභයටත් වඩා වැඩි අගයක් බවද ඔහු සඳහන් කළේය.
පසුගිය වසරේ මුල් මාස හතරේදී වැඩිම පාඩුවක් ලබා ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. එම සංස්ථාව ලැබූ පාඩුව රුපියල් කෝටි 62,800ක් බව සඳහන් කරන මහාචාර්යවරයා ශ්‍රීලංකන් ගුවන් සේවය රුපියල් කෝටි විසි හතර දහස් අට සියයක පාඩුවක් ලබා ඇතැයිද සඳහන් කළේය.
ලංකා විදුලිබල මණ්ඩලය එම කාලසීමාවේදී ලැබූ පාඩුව රුපියල් කෝටි 4700 ක් බව වසන්ත අතුකෝරළ මහතා කීවේය.
මේ අතර එම ආයතන 55 පසුගිය 2021 වර්ෂයේදී රජය ඇපයට තබා රුපියල් කෝටි එක්ලක්ෂ පනස් දහස් හය සියයක ණය ලබාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ එම වාර්තාවල දැක්වෙන බව හෙතෙම පැවසුවේය.
ඒ කාලසීමාවේදී රුපියලේ අගය සියයට 58 කින් කඩා වැටී තිබූ හෙයින් මෙම ආයතන පාඩු ලැබීම ඉහළ යෑමට එයද ප්‍රධාන හේතුවක්වූ බව පවසන මහාචාර්යවරයා රාජ්‍යය සතු ව්‍යවසායයන් 527ක් රටපුරා ක්‍රියාත්මක වන බවද ප්‍රකාශ කළේය.
ආයතන 527 න් 290ක් රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට ලක් වන බවත් අනෙක් ආයතන තමන්ගේ වාර්ෂික වාර්තා පවා ඉදිරිපත් කර නොතිබූ බවත් අතුකෝරල මහතා වැඩිදුරටත් පැවසීය.
නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාජ්‍ය ආයතන 55ක් මාස හතරට කෝටි අසූ හය දාහක් පාඩු ලබලා
Krishan Sunday, 15 January 2023 05:38 PM
ලංකාවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවක් තියෙනවා ගොවියාටත් වැඩක් නැහැ එහි සේවය කරන අයටත් සුගතියක් නැහැ. හොදම දේ තම ලංකාවේ ජලයට සම්බන්ධ තවත් රාජ්‍ය ආයතනයක් තියෙනවා ඒ ජාතික ජලසම්පාදනය හා ජලා ප්‍රවාහන මණ්ඩලය එම ආයතනයයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවයි එක් ආයතනයක් බවට පත්කිරිම තුලින් වියදම් අඩු කරගැනීමට හැකිවිම හා එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරිමට පහසුවිමයි කොහොමත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අහෝසිකල යුතුයි.
මොට්ටපාල Sunday, 15 January 2023 06:23 PM
මොන බොරුවක්ද එහෙම නම් ඒවායේ ලොක්කො ඔවුන්ටත් සේවකයින් හා නිළධාරින් සදහා( ඇමතිටත් නොලැබෙන්න බැහැ ) ලක්ෂ ගණනින් සංතෝස දීමනා දුන්නෙ කොහොමද?
Bandula Sunday, 15 January 2023 06:26 PM
ඔය ගොන්නට සෞඛ්‍ය අංශයත් එකතු වෙන්න ඕනෑ. ලාබද? පාඩුද? බලන්නේ නැතිනිසා පිටට පේන්නේ නෑ. ඇඟිලි සළකුණු තියා පැමිණීම පිටවීමවත් අත්සන් කරන්නේ නැති බහුතරයක් දොස්තරලා සහ අනෙකුත් සේවකයෝත් පුදුම විදියට හොර අතිකාල දාගන්නේ. පිට අය දන්නේ නැති වුණාට ඇතුලේ ඉන්න අය දන්නවා කෝටි කීයක් හොර අතිකාලවලට මහජන සල්ලි වැයවෙනවාද කියලා.... අනේ අම්මපා මේවා නියාමනය කරන්න කෙනෙක් නැති හැටි...
Lalith M Sunday, 15 January 2023 08:43 PM
ජනසතු සේවා සියල්ල සහ දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලික අංශයට දෙන්න. බණ්‌ඩාරනායක ලොක්කගේ කපටිකමට දේශපාලන බලය අල්ලා ගැනීම සඳහා කළ ධනවතුන් විනාශය සඳහා කළ කුමන්ත්‍රණයේ ඵලය තමයි මේක... දේශීය ධනවතුන් විනාශය සහ ජාතික ධනය සහ ආයතන පාලනය ජඩයින් අතට යාම....
විජේපාලSunday, 15 January 2023 09:22 PM
ලලිත් හරියටම හරි බණ්ඩාරනායක හැම වෙලාවෙම සිතුවෙ රටේ සියලු දේපළ තමන්ට අයිතියි කියන්න එහෙම බැරිනම් විනාශ කරන්න . එනිසා හොරගොල්ල මූලිකව රට පුරා තිබුන තමන්ගෙ දේපොළ ඉක්මවා අනුන් ඉහළම යාවිදෝ කියන බියට එහෙම තිබුනා යැයි සිතුනු පුද්ගලික අංශයේ දේවල් පවරාගැනීම් කලේ. අන්තිමට තමන්ට පුද්ගලික අයිතිය නැතත් නම ගසා හෝ අයිතිය ගැනීමට කටයුතු කලා (නම නොගැසුවේ වැසිකිළි වලට පමණයි ) කියලා කියන්න අවශ්‍ය නැහැ නේද?