(සුජිත් හේවාජුලිගේ )
පෙරහරක සජීවී විකාශනයක් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරියක ජාතික රූපවාහිනි සංස්ථාවට රුපියල් ලක්ෂ නවයක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ.
ඇය මෙසේ ගෙවීම පැහැර හැර ඇතැයි පැවසෙන්නේ නවගමු ඓතිහාසික පුරාණ ශ්‍රී සත්පත්තිනි මහා දේවාලයේ 1887වැනි රන්දෝලි පෙරහර ජාතික රූපවාහිනියෙන් සජීවී ලෙස විකාශනය කිරීමට වැයවූ මුදල බව දැනගන්නට ඇත.
එම රාජ්‍ය අමාත්‍යවරියගේ ඉල්ලීමක් අනුව ජාතික රූපවාහිනි සංස්ථාව නවගමුව පෙරහර මෙසේ සජීවී ලෙස විකාශනය කර තිබිණ.
මෙම හිඟ මුදල සම්බන්ධයෙන් ජාතික රූපවාහිනි සංස්ථාවේ ප්‍රධාන ගණකාධිකාරිවරයා රාජ්‍ය අමාත්‍යවරියට කිහිප වතාවක්ම සිහිකැඳවීම කර ඇතත් මෙතෙක් එම මුදල ගෙවා නැතැයි කියති.
මේ අතර මේ සම්බන්ධයෙන් නිත්‍යානුකූල පියවර නොගන්නා ලෙස ඇය රූපවාහිනී පාලනාධිකාරියට බලපෑම් කර ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම පෙරහර ජාතික රූපවාහිනියෙන් සජීවී ලෙස විකාශනය කර ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මස 2 වැනිදාය.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රාජ්‍ය ඇමැතිවරියකගෙන් රූපවාහිනියට පොල්ලක්
ravin Wednesday, 13 March 2024 09:34 PM
රූපවාහිනී සංස්ථාව අධික ලාබ ලබන ආයතනයක්ද? රාජ්‍ය ආයතන පාඩු ලබන එක අරුමයක්ද?
Perera Thursday, 14 March 2024 06:23 AM
ඔව් ඉතින්.. ඕවා ගෙවන්නේ මොකටද? රූපවාහිනී සංස්ථාව රාජ්‍ය ඇමැතිවරියගේ අප්පගෙන් ලැබුණු පුද්ගලික බූදලේ කොටසක්නේ..!
Lalla Thursday, 14 March 2024 08:07 AM
දේවාල කියන ඒවා ප්‍රවර්ධනය කිරීම අපරාධයක් නේද? පෞද්ගලික න්‍යාය පත්‍ර ජාතික රූපවාහිනිය ඉදිරිපත් කළ යුතුද?
සෙනෙවිරත්න Thursday, 14 March 2024 12:05 PM
මෝඩ එළදෙන්නු පාර්ලිමේන්තු යැව්වම ඔහොම තමයි.
wedage Thursday, 14 March 2024 12:31 PM
මේ අර ගංජා නීති ගත කරන්න ඉල්ලපු කෙනාගේ නම දාන්න බැරිද ?
Kazi Shajahan Thursday, 14 March 2024 02:36 PM
සාමාන්‍ය සිවිල් පුරවැසියෙක් නම් කලින්ම කෑෂ් අරගෙන වැඩේ... නමුත් මෙයාලාට ක්‍රෙඩිට් වලට... එක පොලිස් එකක් තියාගන්නකෝ. නිකන් පඹයින් වෙන්නේ නැතිව...