IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


රජයේ ඉඩමක් හොරෙන් වික්කාට මර්වින් සිල්වා අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි)

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා  අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩම් ව්‍යාජ ඔප්පු සකස්කර පෞද්ගලික අංශයට විකුණූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව සිදු කරන ලද විමර්ශනවලින් පසු හිටපු අමාත්‍යවරයා මෙසේ අත්අඩංගුවටගෙන ඇත.

එම සිද්ධියට සම්බන්ධ බව කියන තවත් පුද්ගලයන් කීපදෙනෙකු ද අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි කාලවකවානුවේ රජයට අයත් එම ඉඩම් පෞද්ගලික අංශයට ව්‍යාජ ඔප්පු සකසා විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

 



අදහස් (35)

රජයේ ඉඩමක් හොරෙන් වික්කාට මර්වින් සිල්වා අත්අඩංගුවට

රනේ Thursday, 06 March 2025 07:04 AM

අනේ දෙවියනේ මට වුනු වියෝයා

:       49       107

හනේ බලන්න අනේThursday, 06 March 2025 10:51 AM

අනේ රනේ බලන්න මාලිමාවට වෙච්ච විනේ. මර්විනේ වැනි පුස් චන්ඩින්ගෙනේ එදා වේල ගැට ගහගන්න වුනේ.

:       151       88

JineThursday, 06 March 2025 06:34 PM

ඒකනේ, පහුගිය ආණ්ඩු කාලේ අං ආපු ඔවුන්ගේ අං කපන්න වෙලානේ

:       1       3

ලුම්බිණි Thursday, 06 March 2025 07:53 AM

කල කම් පල දේ

:       3       123

Perera Thursday, 06 March 2025 08:34 AM

මූව අල්ලලා ගහක බඳින්න

:       8       86

vijaya nivasaya Thursday, 06 March 2025 08:35 AM

ඔහුත් අප සමඟ මෙරටට ගොඩබැහැපු විජයගේ කොල්ලකරුවන්ගෙන් එකෙක්. අපි ඔක්කෝම පාරම්පරික හොරු!

:       79       28

HelayaThursday, 06 March 2025 06:39 PM

අපි නන් ඔයා වගේ හොරුන්ගෙන් නෙමේ එන්නේ. මහා සම්මත පරපුරකින්, එන ආර්‍ය , සුර්ය වංශිකයෝ. ඔයාලා, මර්වින්ලා එක කැලෑසියේ උනාට හැමෝම ඒ මිම්මෙන් මනින්න එපා.

:       0       0

ගුණරත්න Thursday, 06 March 2025 08:36 AM

ව්‍යාජ ඔප්පු වුනත් රජයේ ඉඩම් පවරන්න බැහැ, හොර ඔප්පු හදල දුන්නත් ඒවා ලියාපදිංචි කරනකොට අහු වෙනවා. ලියාපදිංචි නොකරපු ඔප්පුවක ඇති වටිනාකමක් නැහැ. කඩදාසි බරට විකුණන්න තමයි පුළුවන්.

:       3       90

Pankumburage Thursday, 06 March 2025 08:41 AM

මේ දියවන්නාවේ ඉඳලා තියෙන වැඩිහරියක් පට්ට හොරුනෙ.

:       128       102

රට වැසිය Thursday, 06 March 2025 08:53 AM

උදේට අත්අඩංගුවට ගන්නව - හැන්දෑවට ඇප දීල එලියට දානව - ලංකාවේ හොරු ඔක්කොම ඇප-කාරයෝ.

:       48       39

Bunny Preena Thursday, 06 March 2025 08:57 AM

වැරදි වැඩ කළා නම් දඬුවම් විඳිය යුතුයි.

:       1       59

මැක්ස් Thursday, 06 March 2025 09:02 AM

මේ තක්කඩියාට ඇප නොදෙනු. එසේත් නැත්නම් ගස් බඳිනු. එයාට එක පුරුදු දඬුවමක් නිසා.

:       4       59

Observer Thursday, 06 March 2025 09:08 AM

මුන් ගැන කතා කියනකොට ආණ්ඩුවේ උඩ ඉන්න අයට අනිත් මොනවටත් වැඩිය රිදෙනවා . ලගදි දුන්න interview එක තමයි ඕකට හේතුව. හොරෙන් වික්කට නෙමෙයි

:       11       99

Lalla Thursday, 06 March 2025 09:32 AM

කැලණිය දළුගම උපුල්වන් දේවාලය ඇටෙව්වෙත් නුවර පාර මායිම්ව රජය සතු වගුරු බිම ගොඩකරල නේද? ඒකත් මර්වින් සිල්වා රාජපක්ෂ රජය කාලේ කරපු වැඩක් නොවේද?

:       87       51

රම්බොඩ Thursday, 06 March 2025 09:42 AM

අල්ලනවා අල්ලනවා ඉවරයක් නෑ. ඔය කිසිම වරදක් ඔප්පු වෙන්නෙ නෑ. මට දැනෙන්නෙ මාලිමාවත් සුපුරුදු දේශපාලනය තමයි කරන්නෙ. මේවා බොරු වැඩ. මීට වඩා වටිනා දේ තමයි රට සංවිධානය කිරීම සම දැන් සිට වංචා නතර කිරීම. බොරුව නතර කිරීම. රඟපෑම් නතර කිරීම.

:       29       147

ප්‍රියන්තThursday, 06 March 2025 10:25 AM

අනේ රම්බොඩ, ඔබේ කුහක සිතට තේරෙන්නෙ නැද්ද මේ වෙන්නෙ අපේ රටේ නීතිය ක්‍රියාත්මක වීමක් මිස මාලිමා රජයේ වැඩක් නොවන බව. එකම වෙනස මෙතේක්කල් පැවති රජයන් විසින් මේවා යටගසා තිබීමත්, මාලිමා රජය විසින් නීතියට ස්වාධීනව ක්‍රියාත්මක වීමට ඉඩදීමත් පමණක් බව. පදනමක් නොමැතිව හැම දේටම මෙවැනි නිරර්ථක කමෙන්ට්ස් දැමීමෙන් ඔබ පෙන්වන්නේ ඔබගේම නිරැවතයි.

:       97       49

LilasenaThursday, 06 March 2025 10:45 AM

අරවින්ද මොනරවිල නේද මේ ප්‍රියන්ත කියලා දාලා තියෙන්නෙ. අපි දැක්ක උඹ හෙළුවෙන් නුගේගොඩ ඉඳන් නුවර යන්න ගිහින් පොලීසියෙන් ඇල්ලුවා කියලා. මේ අර කඩේ ගිහින් ගත්තු අයි ෆෝන් එක කොහෙද දැම්මෙ කියල කියපන්කො.

:       10       72

amila Thursday, 06 March 2025 09:59 AM

මෙවෑනි දේවල් ඔප්පු කරන්න පුළුවන් උනොත් හොඳයි. නැත්නම් වෙන්නේ අනාවශ්‍ය පුද්ගලයන්ට ආයෙමත් අනවශ්‍ය ප්‍රචාර හම්බෙන එක.

:       1       56

දේශබන්දු Thursday, 06 March 2025 10:06 AM

මර්විය CID කාරයින්ටත් විහිළු තහළු කරල උනුත් බැලන්ස් කරගෙන ඇප අරං එළියට එයි. ඌ ඒවට දක්ෂයා.

:       29       12

Doom Thursday, 06 March 2025 10:09 AM

බොරු රගපෑම් වැඩක් නෑ , මහින්හද ජනාධිපති එක්ක හැරෙන්නවත් බෑ කියල හිතෙන්නේ මට විතරද ,එතුමා මේ රටට කරපු සංවර්දනෙන් දසමයක් ඊට පස්සේ ආපු කිසිම රජයක් තාම කරේ නෑ

:       33       92

AlfreadThursday, 06 March 2025 10:39 AM

මහින්දට කෙල වුනෙත් මේ ගෝතයා වගේ උන් වටේ තියාගෙන හිටපු නිසා. මූ එදා ජාතික රූපවාහිනියට පැනපු දවසේ කනට දෙකක් ගහලා එලියට දැම්ම නම් 2015 මහින්ද පරාද වෙන්නෙ නෑ. එහෙම උනානම් රටට මෙහෙම වෙන්නෙත් නෑ. මොකද මේ රට කෑවේ යහපාලනේ.

:       9       74

fairoosThursday, 06 March 2025 01:23 PM

ඇල්ෆ්‍රඩ් වගේ බයියෝ තාම ඉන්නවානෙ...ලඟදීම ඔයා මහින්ද මහත්තයාගේ හොර වැඩ ටිකත් හෙලි වෙයි

:       4       14

Srinath priyantha karunarathna Thursday, 06 March 2025 10:19 AM

හවසට ගෙදර

:       5       17

රට වැසියා Thursday, 06 March 2025 11:07 AM

ඇත්තටම සමාජයට එරෙහි , සමාජයේ යහපැවැත්ම ගැන හිතන අයට එරෙහි කමන්ට් දාන බළකායක් ඉන්නවද කියල හිතෙනවා, මෙතන සමහරුන්ගේ කමන්ට් සහ ලයික් දැක්කම, කිරි සුදු පාටයි කීවම ඒකටත් ඩිස්ලයික් දාන පරණ පරපීඩකයො තවමත් තමන්ගෙ කුහක අදහස් සමාජගත කරනව.

:       2       9

සෙනෙවිරත්න Thursday, 06 March 2025 11:10 AM

මේක ඔප්පු කරන්න ඇයි අමාරු, ඉඩම්කාර්යාලයේ ඉඩමක විස්තර තියෙනවනේ. ඉඩමක ඔප්පු කාවන්ට කන්න දීල පරණ කලාට ඒවයේ දින වකවානු පරණ කරන්න බැහැනේ. එහෙම නම් මේ රටේ ඉඩම් වංචා මේතරමින් නතරවෙන්න බැහැ.

:       2       5

Mohan Mangala Mapa Thursday, 06 March 2025 11:54 AM

මේ යකා සුවර් එකට ඇප දීලා ගෙදර යනවා හිනා වෙවි. කවුද නඩු අහලා හිරේට දැම්මේ

:       3       4

ප්‍රියන්ත Thursday, 06 March 2025 12:53 PM

ලීලසේන වෙත, මම අරවින්ද මොණරවිල නොවන බවත්, අන්ත පරාජයකට පත්ව, ඉන් පසුවද දිනෙන් දින හෙලිවන පසුගිය රජයවල්වල වංචා දූෂණ ඉදිරියේ තව දුරටත් ඉච්ඡා භංගත්වයට පත්ව සිටින ඔබ වැන්නවුන්ගෙන් පෞද්ගලික මඩ ප්‍රහාර හැර වෙන දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව ජුගුප්සා හසගතව පවසමි.

:       6       13

ලාලනී Thursday, 06 March 2025 01:44 PM

බෞද්ධාලෝක මාවතේ ඉඩම? මුල් අයිතිකාර මුස්ලිම් තරුණයා කාර් එක ඇතුලේ මැරිලා හිටියලු… ගෝඨා ලේකමාත් මේකට සම්බන්ධයිලු…. හොයන්න…..

:       3       13

Pol Thursday, 06 March 2025 03:24 PM

පව් නේද? හිතාගෙන ඉන්න හැටි. මෝඩ ජෙප්පෝ කියන්නේ ඒකනේ...! 

:       3       3

Kokila Thursday, 06 March 2025 03:28 PM

ලීලසේන, නැහැ නැහැ අරවින්ද අරවගොඩ වගේම ජේපී වහලෙක්. හෝදන්න ලැබුණු අලුත් පත්වීමක්.

:       1       4

beau Thursday, 06 March 2025 04:07 PM

හොර දුටුගැමුණු

:       0       6

de silva Thursday, 06 March 2025 04:41 PM

මහා රජානෝ යනකොට අපට ඉතුරු කරලා ගියපු කුණුගොඩවල් තමා මේ...

:       2       8

ජනරළ Thursday, 06 March 2025 05:25 PM

මේ මනුස්සයා දේශපාලනය‍ට ඇවිත් මේ රටේ ඇමැති කමුත් කළාට මුලින් කරලා තියෙන රස්සාව දන්නවාද? 70 ගණන් වල ඔහු වී අලෙවි මණ්ඩලයට අයත් හම්බන්තොට වී ගබඩාවක මුට්ට කර ගහපු කම්කරුවෙක්. එහිදී කරපු හොරකමක් නිසා රැකියාවෙන් නෙරපා හැර තියෙනවා. ඉන්පසුව එජාප දේශපාලනයට සම්බන්ධ වෙලා ඉඳලා පසුව චන්ද්‍රිකාගේ කාලේ ඒ පැත්තට ගිහින් කරලියට ඇවිත්. මේ වගේ කිසිඳු සුදුසු කමක් නැති බොරුවෙන් පුම්බාගෙන හිටපු නිකමුන් රටේ පාලනයට ආපු නිසා තමයි මේ රටට මෙහෙම කාලකන්නි දසාවක් ලැබුවේ...!

:       1       6

ගමේ එකාලා Thursday, 06 March 2025 05:38 PM

මෙයාට විරුද්ධව තව කේස් නැතුව නෙවෙයි. කිරිබත්ගොඩ ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගත්තා. කුඩු මර්වින් කියලා කිව්වේත් නිකම් නෙවෙයි. තමුන්ගේ පාක්ෂිකයෝ කුඩු කාරයින්ව බේරාගන්න පොලිසියට බලපෑම් කෙරුවා. සමුර්දි නිලධාරීයෙක්ව ගස් බැන්දා.. බලයේ හිටපු කාලේ ඔලුව උදුම්මාගෙන, මහින්දගේ සෙරෙප්පුත් ලෙව කාගෙන හිටියේ...!

:       0       7

ලූට මූස්Thursday, 06 March 2025 08:18 PM

හා… හා…., ගමේ ගොයියෝ…, ඕවා කියන්න එපා අපේ ලීලසේනලාගේ හිත රිදෙයි…!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 38 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 209 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 115 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 198 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 490 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 536 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 482 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 287 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 438 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site