(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රට පුරා ඉඩම් අක්කර 56,000ක් පමණ විවිධ පුද්ගලයන් අනවසරයෙන් අල්ලා ගෙන ඇතැයි මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.
එසේම රජය නිථ්‍යානුකූලව පවරා නොදුන් ඉඩම් අක්කර දහස් ගණනක් වතු සමාගම් අත්පත් කරගෙන ඇති බවද එම කාරක සභාවේදී හෙළිවූ බව මන්ත්‍රී ගාමිනී වලේබොඩ මහතා පැවසීය.
ඒ අනුව වතු සමාගම් බලහත්කාරයෙන් භුක්ති විඳින ඉඩම් වහාම අත්පත් කර ගැනීම සඳහා කාරක සභාවේ සභාපති ගාමිණි වලේබොඩ මහතා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට නිර්දේශ කළේය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා එම කොමිසමේ ප්‍රධානීහු ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට පසුගිය දා කැඳවනු ලැබූහ. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව දැනට නිදහස්ව පවතින්නේ ඉඩම් අක්කර හත්දාහක් පමණක් බව එහි නිලධාරීහු කාරක සභාවට පෙන්වා දුන්හ. මේ අනුව කොමිෂන් සභාව සතු ඉඩම් ප්‍රමාණ පිළිබඳව වාර්තාවක් ලබාගන්නා ලෙස කාරක සභාව එම කොමිසමට උපදෙස් දුන්නේය.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රජයේ ඉඩම් අක්කර 56,000ක් පිල්ලි ගිහින්