(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් බෙදීමේදී සිදුවී ඇතැයි පැවසෙන බරපතළ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) දැඩි අප්‍රසාදය පළවිය.
මේ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් අක්කර හාරලක්ෂය පිළිබ ඳව වහාම සොයා බලා කරුණු වාර්තා කරන ලෙසට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට නියෝග කළ කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පසුගිය වසර 20ක පමණ කාලයේදී සිදු වූ ඉඩම් පැවරීම් සම්බන්ධයෙන් විශේෂ විගණනයක් පවත්වන ලෙසට විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලීමක් කළේය.
කෝප් කමිටු සභාපතිවරයා මෙම ඉල්ලීම කළේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කාර්ය සාධනය පිළිබඳව සොයා බැලීම සඳහා එහි ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට පසුගිය 21 වැනිදා සිකුරාදා කැඳවූ අවස්ථාවේදීය.
එහිදී අදහස් දැක්වූ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා පැවසුවේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් වල වටිනාකම ලෙස එහි ගිණුම් වල සටහන් වී ඇත්තේ රුපියල් හැට හත් කෝටි හැට ලක්ෂයක් බවයි.
කොමිෂන් සභාවේ ඉඩම් අක්කර ලක්ෂ 18 ක මුළු වටිනාකම රුපියල් හැට හත් කෝටි හැට ලක්ෂයක් විය නොහැකි බව පැවසූ විගණකාධිපතිවරයා ඒ ආකාරයට ගණන් බැලූ විට අක්කරයක වටිනාකම වන්නේ රුපියල් 373 ක් බවද ප්‍රකාශ කළේය.
මෙය නිවැරදි විය යුතු තත්වයක් බවද ඔහු පැවසුවේය.
මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ මේ ආකාරයට ඉඩම් තක්සේරු කළේ කවුදැයි ප්‍රහේලිකාවක් බවයි.
මේ ඉඩම් තක්සේරුව අනුව ඉඩම් පර්චසයක වටිනාකම වන්නේ රුපියල් දෙකක් බව පැවසූ මන්ත්‍රීවරයා කොමිසමේ ඉඩම්වල වටිනාකම 2015 වර්ෂයේ සිට පවතින්නේ එකම අගයක බවද ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රත්නපුර රාස්සගල වත්තේ ඉඩමක් වෙනුවට
අක්කර 24ක ඉඩමක් මහනුවර හන්තානෙන් නීති විරෝධී ආකාරයට ලබාදී ඇති බවයි.
මීට අමතරව කෑගල්ලේ අක්කර 24ක ඉඩමක් රජයට පවරා ගෙන ඒ වෙනුවට අක්කර 22 ක ඉඩමක් හන්තාන ප්‍රදේශයෙන් ලබාදී ඇති බවත් කෑගල්ලෙන් මෙසේ පවරා ගෙන ඇත්තේ පර්චසය රුපියල් සියයක්වත් නොවටිනා ඉඩමක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නිලන්ත විජේසිංහ මහතා පැවසුවේ ඉඩම් ප්‍රතිසංස්කරණ ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මුළු ඉඩම් ප්‍රමාණය වශයෙන් සඳහන්වී තිබුණේ අක්කර දහ අට ලක්ෂ නව දහස් හාර සිය අනූ පහක් බවයි.
ඉන් අක්කර එක්ලක්ෂ අසූ හතර දහස් එකසිය දාහතරක් රජයේ ආයතනවලට ලබාදී ඇති බවත් තවත් අක්කර එකොළොස් දහස් හය තිස් නවයක් බදු පදනම මත ලබදී ඇති බවත් ඔහු කීවේය.
තවත් අක්කර 7953ක් දේවාල සහ නින්දගම්වලට නිදහස් කර ඇති බව පැවසූ විජේසිංහ මහතා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව මේ වනවිට තිබිය යුතු ඉඩම් ප්‍රමාණය අක්කර හාර ලක්ෂ දහ තුන් දහස් එක සිය හැත්තෑවක් බව සඳහන් කළේය.
දැන් සොයා ගැනීමට සිදුවී ඇත්තේ එම ඉඩම් බව ඔහු වැඩිදුරටත් පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජයේ ඉඩම් බෙදීමේදී දූෂණ වංචා රජ වෙලා
Find the truth Tuesday, 25 October 2022 06:27 AM
රජයෙන් දීර්ග කාලීන බදු ඔප්පුමත රජයේ මිනින්දෝරු තැන මැන සහතික කල අහිංසක කාන්තාවකට ලබාදීමට කටයුතු කරමින් තිබු ඉඩමක් හිටි හැටියේ හිටපු නගරාධිපති ගේ සහෝදරියකට ලබාදීමට නුවර එළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් කාටයුතු සිදුකරමින් සිටිනවා