(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් ඔසුසල් පනහෙන් 26ක් අනවශ්‍ය වියදම් ඇතුළු විවිධ කරුණු හේතුවෙන් 2021 වර්ෂයේදී රුපියල් පන් කෝටි තිස් දෙලක්ෂයකට වැඩි මුදලක් පාඩු ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
මින් ඔසුසල් 10 ක පාඩුව ඊට පෙර වසරට සාපේක්ෂව සියයට 15 සිට 175 ක් දක්වා පරාසයකින් ඉහළ ගොස් තිබූ බවද එම වාර්තාවේ දැක්වෙයි.
මේ අතර 2020 වර්ෂයේදී ලාභ ලබා තිබුණු රත්නපුර, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, බණ්ඩාරගම හා මොණරාගල ඔසුසල් හතර 2021 වර්ෂයේදී පාඩු ලබා තිබූ බවත් ඔසුසල් නමයක් 2020 වර්ෂයේ ලබා තිබූ ලාභය සියයට 5.7 සිට සියයට හත්දාස් හාරසිය එකොළහක් දක්වා පරාසයකින් 2021 වර්ෂයේදී අඩුවී තිබූ බව නිරීක්ෂණයවී යැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ සම්බන්ධයෙන් විගණන කාර්යාලයට පිළිතුරුදී ඇති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පාලනාධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ
කොව්ඩ් තත්වය හේතුවෙන් මෙම පාඩු ඇතිවූ බවයි.
ඔසුසල් කාර්ය මණ්ඩලයේ කිසිදු සංඛ්‍යාත්මක වෙනසක් 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේදී සිදු වී නොතිබුණු නමුත් කාර්ය මණ්ඩල වියදම් සියයට 10 සිට සියයට 32 ක් දක්වා පරාසයකින් වැඩිවී තිබූ බව විගණන අංශ පෙන්වා දෙයි.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ඔසුසලේ කාර්ය මණ්ඩල වියදම් ඉකුත් වසරට වසරට සාපේක්ෂව 2021 වසරේදී ලක්ෂ 47 කට වැඩි මුදල කින් ඉහළ ගොස් තිබූ අතර එය එම ඔසුසලේ අලාභය කෙරෙහි ඍජුව බලපා තිබූ බව විගණන කාර්යාලය සඳහන් කළේය.
මේ අතර දඹුල්ල ඔසුසල 2021 වර්ෂයේදී රුපියල් ලක්ෂ පනස් පනස් නවයකට වැඩි මුදලක් පාඩු ලබා තිබූ බව පවසන විගණන නිලධාරීහු එය ඔසුසලක් ලැබූ වැඩිම පාඩුව බවද ප්‍රකාශ කළේය.
වෛද්‍ය සැපයුම්වලට හානිවීම සහ කල් ඉකුත්වීම ඒ අලාභයට ප්‍රධාන වශයෙන් හේතුවූ බව විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජයේ ඔසුසල් 26ක කෝටි පහක පාඩුවක්
Vira Tuesday, 11 April 2023 02:05 PM
ඔව් ඉතිං එක වැඩකට මිනිස්සු හතරක් පහක් දාලා ඉන්නකොට පාඩු තමයි. බෙහෙත් නැතුව සේවකයෝ විතරයක් හිටියම ඔහොම වෙනවා. ඔසු සලේ තුන්ඩුව ගන්න එකයි, බෙහෙත් හොයන්න එකයි, බිල දාන්න එකයි, චෙක් කරන්න එකයි. හැබැයි ප්රවේට් ඒවගේ එක සේවකයා ඔක්කොම කරනවා.