(යොහාන් භාසුර)
වාහන ආනයනයේදී 2023 වසරේ ජනවාරි මස 15 වැනිදායින් පසු නිෂ්පාදනය කළ වාහන පමණක් ආනයනය කරන ලෙස පනවා ඇති කොන්දේසිය උල්ලංඝණය කරමින් එක්තරා සමාගමක් 2022 වසරේ නිෂ්පාදනය කළ වාහන ආනයනය කිරීමේ සූදානමක් ඇති බව ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ඇසෝසියේෂන් ඉන් ජැපෑන් සංගමය මෙරට ආනයනය අපනයන පාලක ජනරාල්වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් කර තිබේ.
ජපානයේ වාහන සඳහා තත්ව සහතික නිකුත් කරන ඒජන්සි තුනට අදාල ආනයනකරු ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහනවල 2022 වර්ෂයේ මාසයක් යොදන ලෙස බලපෑම් කරන බවත් එසේ ව්‍යාජ දින යොදා වාහන 150 ක් පමණ ජපානයෙන් මෙම සතියේදී මෙරටට ගෙන්වීමට නියමිත බව ද එම ලිපියේ සඳහන් වේ.
වාහන ආනයනයට අදාලව රජය නිකුත් කළ රෙගුලාසි අනුව 2023 වසරේ ජනවාරි මස 15 වැනිදායින් පසු නිෂ්පාදනය කළ වාහන පමණක් මෙරටට ආනයනය කළයුතු වුවද එක්තරා සමාගමක් සූක්ෂම ලෙස 2022 වසරේ නිෂ්පාදිත වාහන මෙරටට ආනයනය කිරීම සඳහා ජපානයේ වාහන තත්ව සහතික නිකුත් කරන සමාගම් තුනකට බලපෑම් කරන බවත් වාහනවලට ව්‍යාජ නිෂ්පාදන දින යොදා මෙරටට ආනයනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් එම සංගමයේ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙවැනි ආකාරයෙන් බලපෑම් කිරීම නීති විරෝධී කටයුත්තක් බැවින් එය රජයේ රෙගුලාසි උල්ලංඝණය කිරීමක් බවත් ව්‍යාජ ලේඛණ මත ආනයනය කරන වාහන මෙරට වෙළෙඳපොලට ගෙන්වීමට අවස්ථාව නොදියයුතු බවත් ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ඇසෝසියේෂන් ඉන් ජැපෑන් සංගමය පවසයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු යැයි කියන අමිල චන්ද්‍රානන්ද හෙවත් නාරාහෙන්පිට අමිල නමැති සැකකරු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළ
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලෙන් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල සඳහා හෘද රෝග ඒකකයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
අලුත් කඩේ අධිකරණයේ අංක පහ අධිකරණ ශාලාව තුළදී පාතාල නායක ගනේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ කොස්ත
මීනගයා සීග්‍රගාමී දුම්රියේ ගැටී බරපතල ලෙස තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ඉතිරි අලි පැටවාද මිය ගිය බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ සෞඛ්‍ය, පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao මහතා අත
මිද්දෙණිය පොලිස් වසමේ ගල්පොත්තයාය ප්‍රදේශයේදී ඉකුත් 18 වන දින රාත්‍රී වෙඩි තබා පියා හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තංගල්ල කොට්ඨාස අපරාධ
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
රජයේ කොන්දේසිවලට පිටින් වාහන ගෙන්වන තැතක්
Asela Friday, 21 February 2025 01:11 PM
මේක සම්පූර්ණ මෙගා ටෙලිනාට්‍යයක් වගේ. ජනාධිපතිවරයා අඩු වියදම්, දැරිය හැකි වාහන පොරොන්දු වෙනවා. ගැසට් එකෙන් පස්සේ ඔහු ගැසට් එක වෙනස් කළා. බැංකු ආණ්ඩුකාරයා වාහන වැනි ක්ෂය වූ වත්කම් අගය කළහැකි වත්කමක් ලෙස සැලකිය හැකි බව පැවසූ බව අපි පළමු වරට අසා ඇත්තෙමු. කෙසේ වෙතත්, මිලියන 2කට ත්‍රිරෝද රථයක් මිලදී ගත යුතුයි. සාධාරණ ලෙස, ඔබ වැටුප් වැඩිවීමක් හෝ වාහන අපේක්ෂාවෙන් AKD ට ඡන්දය දුන්නේ නැහැ. නේද? මට මතකයි කවුරුහරි කිව්වා අපිට Vitz මිලියන 1.2 කට මිලදී ගත හැකි බව. ඒ මන්ත්‍රීවරයා දැන් කොහෙද ඉන්නේ කියලා කවුරුහරි දන්නවාද? මගේ උපදෙස නම් රට හැර ගොස් ඔබේ ජීවිතයේ ඉතිරි කාලය සතුටින් ගත කරන්න යන්නයි. වැඩකට නැති දේශපාලනඥයන් සහ වැඩකට නැති රජයේ සේවකයින් නඩත්තු කිරීමට වහලුන් ලෙස වැඩ කිරීමට ඔබට අවශ්‍ය නැත.
ගුණරත්න Friday, 21 February 2025 02:26 PM
මීට වඩා හොඳයි මෙහෙ තියෙන දේපළ ටික විකුණලා ඉන්දියාවේ හරි ගිහින් ඉන්න එක, ඉන්දියාවේ වාහනයක් අපේ මිලෙන් 1/3 වඩා අඩුවෙන් ගන්න පුළුවන්. මිනිස්සු කෑමබීම එහෙමත් අපේ වගේ. භාණ්ඩ මිල අඩුයි.