(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ රජයේ තීරණය නැවත සලකා බලන ලෙසට අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන ලෙසට තමා එහිදී ඉල්ලා සිටින බවද ප්‍රසන්න රණතුංග මහතා කීය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව, ඉංජිනේරු සංස්ථාව, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානය, සීමාසහිත හොටෙල් ඩිවලපර්ස් (ලංකා) සමාගම, ඕෂන් වීව් ඩිවලොප්මන්ට් ආයතන විසුරුවා හැරීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීමට රාජ්‍ය වියදම් කමිටු සමාලෝචන කමිටු වාර්තාව මගින් යෝජනා කර තිබේ.
මේ අතරින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව දැනටමත් මුදල් අමාත්‍යංශය යටතට පවරා ඇත.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසූයේ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ඈවර කිරීම අපරාධයක් බවයි.
රාජ්‍ය වියදම් සමාලෝචන කමිටුව යෝජනා 14ක් යටතේ සැකසූ එම වාර්තාව මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙන බවත් එම වාර්තාව සැකසීමේ දී කමිටුව විසින් අදාල ආයතනවල අදහස් ලබා ගෙන නැති අතර විෂය බාර ඇමතිවරයා ලෙස තමන් හා රාජ්‍ය අමාත්‍යවරුන්ද මේ පිළිබදව දැනුවත් කර නැතැයි අමාත්‍යවරයා කීය.
අදාල කමිටුවේ නිර්දේශ සම්බන්ධයෙන් අමාත්‍යාංශය එකඟ නොවන නිසා එම තීරණය යළි සමාලෝචනය කරන ලෙස කැබිනට් මණ්ඩලයෙන් හා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටීමට තීරණය කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පාඩු ලබන රාජ්‍ය ආයතන ඈවර කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබෙන අතර එවැනි ආයතන සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කිරීමට මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් රාජ්‍ය වියදම් සමාලෝචන කමිටුව පත්කර තිබුණි.
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
පිටකොටුව තොග වෙළෙදපොලේ සුදු සීනි තොග මිල අඩු වී ඇතැයි සීනි ආනයනකරුවෝ පවසති.
නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා
ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් ප්‍රදානයක් ලෙස ශ්‍රි ලංකාවට ලබා දුන් බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානය පිළිගැනිම අද (10) කටුනා
ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැරැ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රජයේ කමිටුවක තීරණයක් ප්‍රසන්න නොපිළිගනී