IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘රාජ්‍ය ගණුදෙණු පූර්ණ විනිවිද බවින් කරනවා‘

(නිමල කොඩිතුවක්කු)

සක්වල හා හුස්ම වැඩසටහන්වල සියලු ගණුදෙනු සහ පරිත්‍යාග සිදුවන්නේ පූර්ණ විනිවිධභාවයකින් යුක්තව බැවින් සමගි ජන බලවේග රජයක් තුළත් සියලුම රාජ්‍ය ගණුදෙනු පූර්ණ විනිවිදභාවයෙන් යුක්තව ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඇමති වුවත් ජනාධිපති වුවත් අගමැති වුවත් සමගි ජන බලවේග රජයක් තුළ කිසිදු අයකුට හොරකමට, අල්ලසට, පගාවට ඉඩක් නොමැති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

එවැනි තාන්න මාන්න වරදාන වරප්‍රසාද නොලැබෙන විට සමහර විට විවිධ පුද්ගලයන් විවිධ තීන්දු තීරණ ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 211 වැනි අදියර යටතේ හම්බන්තොට මුල්කිරිගල වලස්මුල්ල මැදගම්ගොඩ මහා විද්‍යාලයට රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

මේ වන විට මත්පැන් බලපත්‍ර වෙනුවෙන්  තමන්ගේ ආත්මය, ගෞරවය ගැන නොසිතා දේශපාලන පක්ෂ සොයා යන පිරිස් පවා සිටින බවත් මේ රට පරිහානියට පත් වී ඇත්තේ එම සිල්ලර දේශපාලනය නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 



අදහස් (14)

‘රාජ්‍ය ගණුදෙණු පූර්ණ විනිවිද බවින් කරනවා‘

pajith Friday, 31 May 2024 04:33 PM

ඒවා කරන්න ඔයා බලයට එන්න එපැයි අප්පුහාමි. ඊට කලින් හොර සල්ලි ගහපු අයට දඬුවම් දීලා ඉමුද?

:       1       18

ගිම්හාන්Friday, 31 May 2024 06:07 PM

වයිරය හොඳ දෙයක් නෙමේ. මේ රටේ දරුවෝ කීදෙනෙක් සජිත් නිසා අධ්‍යාපනය ලබනවාද? ඔබගේ පක්ෂයේ ලොක්කන්ගේ දරුවෝ ඉගෙන ගන්නේ, ඉගෙන ගත්තේ ජත්‍යන්තර පාසල්වල නේද?

:       10       4

අරවින්ද මොනරවිල Friday, 31 May 2024 04:43 PM

2015 - 2019 සංස්කෘතික අරමුදලේ ගණුදෙනුව ගැන මුලින්ම හොයන්න ඕනෑ. ඒවා නීත්‍යානුකූලව සිදුවෙලා නැහැ කියලා විගණකාධිපති කියනවා. ඒවාට අපිද වග කියන්න ඕනෑ...?

:       2       17

විජිත් Friday, 31 May 2024 04:50 PM

සංස්කෘතික අමාත්‍යංශයෙන් අතුරුදහන්වුණු කෝටි ගාණක මුදල් ගැන මොකද කියන්නේ? එවාගෙන්ද බස්, ස්මාර්ට් පන්ති කාමර හදන්නේ? මත්පැන් බලපත්‍ර ගැන මොන කතාද? සජිත් පුතානෝගේ පක්ෂයේ මන්ත්‍රී කෙනෙකුගේ සෙකියුරිටි බට්ටෙකුටත් මත්පැන් බලපත්‍රයක් දීලා. ඔය බස් වලට, ස්මාර්ට් පන්ති කාමරවලට, හාල්වලට සල්ලි පොම්ප කරන හොර ජාවාරම් කාරයින්ට " මත්පැන් බලපත්‍ර " දෙන්න පොරොන්දුවෙලා නැද්ද? පුත්‍රෙයා් අමතක කරන්න එපා.. අපරාධය පසුපස දඬුවමත් එනවා.

:       1       16

සේපාලFriday, 31 May 2024 05:55 PM

ඔබගේ ලොක්කා අතේ ෆයිල් තියාගෙන මොකද කරන්නේ? සාක්කි තියෙනවා නම් නඩු දාන්න.

:       3       7

තේජනFriday, 31 May 2024 05:59 PM

විජිත් පුතානෝ කෙසේවෙතත් එක කාලෙකදී ගෙවල්වල බත් මුට්ටියත් හොරකම් කරපු පක්ෂයක් තිබුණා අපට මතකයි...

:       12       6

chameera Friday, 31 May 2024 05:19 PM

විනිවිද භාවයෙන් ගනුදෙණු කරන්න සල්ලි තියෙන්න ඕනෑනේ..? රටේ ආදායම වැඩිකරන විදිහක්, සංවර්ධනය කරන විදිහක් කියන්නේ නැහැනේ..! 

:       0       12

Prabha Friday, 31 May 2024 05:28 PM

මේ කියන විකාර වලටත් අත්පුඩි ගහන කොටසකුත් ඉන්නවා.

:       0       14

සාලිය Friday, 31 May 2024 05:53 PM

එක රතුපාටට හිටියා.... දැන් දම් පාට වුණු පක්ෂයක් සජිත් එක්ක නයි වෛරයි. තමුන්ට ජනතාව දෙන සල්ලි වලින් කාලා ඇඳලා ඉන්න අතරේ රට ඉල්ලනවා එයාලා තමයි සජිත්ට බනින්නේ... සජිත් කියන්නේ හොඳ හදවතක් තියෙන මනුස්සයෙක්...

:       12       4

ගමේ එකාලා Friday, 31 May 2024 07:01 PM

යාල කැලේ නිධන් හාරපු හැටිත් සමහරු කියනවා...! 

:       1       7

සෙනෙවිරත්න Friday, 31 May 2024 09:18 PM

මෙතන ඉන්නව ජවිපෙට කියන්නම දෙයක් නැති තැන 89 අවුරුද්දෙ ජේ ආර් ප්‍රේමදාස ,රනිල් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය දෝරෙ ගලන කාලෙ වෙච්ච ඒව හොය හොය , ආච්චිගෙ අඩිඩෙන්ටි හොයන කට්ටියක්, ඒ අයට අමතකයි යාපනයේ පුස්තකාලය ගිනිතියපු ලාම්පු කලගෙඩි සෙල්ලම කරල පක්ෂ තහනම් කරල,කුලී හමුදා දාගෙන මිනී මරාපු හැටි. සජිත් පියාගෙ අඩිපාර යනව නම් ඒ ගැනත් හිතන්න වෙනව.

:       0       1

සෙනෙවිරත්න Friday, 31 May 2024 09:21 PM

විනිවිද නම් ඔය සල්ලි දෙන දානපතියන්ගෙ නම් හෙලි කරන්න.අද පන්ති කාමරයට දායකත්වය අහවලාගෙන්,එයා අපේ පාක්ෂිකය කියල කියන්න ඇයි බැරි?

:       0       1

Bamunuarachchi Saturday, 01 June 2024 07:56 AM

එතකොට සංස්කෘතික අරමුදලේ සල්ලි වලට මොකද උනේ කියලා එළිවෙවි නේද?

:       0       3

kotiya Saturday, 01 June 2024 08:58 AM

සමගි ජන බලවේග රජයක් තුළත් සියලුම රාජ්‍ය ගණුදෙනු පූර්ණ විනිවිද භාවයෙන් යුක්තව ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එම නිසා මින්පසු අච්චු ගහන මුදල් නෝට්ටුද විනිවිද පෙනෙන සේ අච්චු ගැසිය යුතු බවත් එවිට හොර සල්ලි අච්චු ගහන අහිංසකයින්ට අච්චු කිරීමත් නවතිනු ඇති බවත් පැවසීය.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 151 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 2031 3

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2293 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2981 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1303 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 280 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 755 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site