(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජය අධ්‍යාපනයට වාර්ෂිකව මුළු ආදායමෙන් සියයට දහයකට වැඩි ප්‍රමාණයක් ආයෝජනය කළද පාසල් සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් නොලැබෙන බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
අධ්‍යාපන ක්ෂේත්රයේ සම්පත් බෙදී යාමේ බෙදීයාමේ විෂමතාවක් පවතින බවද එම කාරක සභාව සඳහන් කරයි.
පළමු වසරට ළමයින් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් යොමු නොකෙරුණු පාසල්ද පවතින බවත් රට පුරා පාසල් වලින් සියයට 50ක සිටින්නේ ළමයින් 200ට අඩුවෙන් බවත් රජයේ ගිණුම් කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වේ.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජයේ ගිණුම් කාරක සභාවෙන් අධ්‍යාපනයට බරපතළ චෝදනාවක්
චන්දන Saturday, 09 October 2021 12:39 PM
අධ්‍යාපන බලධාරීන් නිදි. තවමත් යල් පැන ගිය රටාවක් තියෙන්නේ . ප්‍රතිසංස්කරණය ට වෙනමම ඇමති කෙනෙකුත් ඉන්නව . සල්ලි නාස්ති කරනව විතරයි .
SL Saturday, 09 October 2021 12:44 PM
ස්ටාලින් ගේ වැඩි පඩි ඉල්ලන ගුරුවරු සෙට් එක හරියට වැඩකරනවා ද ? හරියට වැඩ කරනවා නම් , ජනප්‍රිය පාසල්, ජනප්‍රිය නොවන පාසැල් ,ළමයි අඩු ප්රතිශතකයකින්ග් විභාග පාස් වෙන පාසල් තියෙන්න බැහැ නේ වැඩිපුරම ඉන්නේ 2ට ගෙදර දුවන්න බලාගනේ ගුරුවුර්තියට ආපු අය. ස්ටාලින් සහ පාරේ නටන අයගෙන් මේවට පිළිතුරු ඕනේ !!
Patriot Saturday, 09 October 2021 01:28 PM
ඔබේ ඇරියස් එක ගුරුවරුන්ට බැනීම බවයි පෙනෙන්නෙ. හිතන්න ගුරුවරුන් නෙවෙයි සිලබස් හදන්නෙ, අධ්‍යාපන ප්‍රතිපත්ති හදන්නෙ. ඒ වෙනුවෙන් ඔබත් කතිරෙ ගහල පත් කරපු පාලකයන් අසමත් බවයි පෙනෙන්නෙ. ගුරුවරුන්ට උගන්වන්න සුදුසු වාතාවරණයක් සපයා දීම පාලකයන්ගේ වගකීම. එතකොට එයාල නිවැරදි දේ රටට දෙයි. හැට පැනපු සීයලට බෑ රටක අධ්‍යාපනය හදන්න. බුලත් පයියට හෙණ ගැහුවට පස්සෙ කිල්ලෝටෙ ගැන කවර කතාද? රටේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න සුදුසු තීරණ ගත හැකි අවංක, අදූෂිත පාලකයන් පත් කරන්න හිත හදා ගන්න. ඒ වෙනුවෙන් කටයුතු කරන්න. චන්දෙ දවසට මඩේ හිටවපු ඉන්න වගේ වැනෙන්නෙ නැතුව තීරණය ගන්න.
සහන් සිල්වා Saturday, 09 October 2021 07:55 PM
ලෝකේ ගුණාත්මක අධ්‍යාපනයක් හැදෙන්නේ 150ට අඩු පාසල්වල - පොල් පටවනවා වගේ පාසල් වලට ළමයින් දාලා පහසුකම් නොදී ගුණාත්මක අධ්‍යාපනය ගැන කතා කරනවා... ඔක්කෝටම කලින් මොවුන්ව ආයේ පාසල් යවන්න ඕනෑ...
Raveendra Saturday, 09 October 2021 10:01 PM
ඇත්තෙන්ම ඔබ තමයි ඉතාමත්ම වටිනා අදහස් සදහන් කර ඇත්තේ... අධ්‍යාපනයේ කෙළ පැමිණි වුණත් "5හේ පන්තියේ දැනුමක්වත්" නැති අධ්‍යාපන ඔස්තාර්ලානේ කොළඹ කාර්යාලවල පුටු රත් කරන්නේ...
ana Saturday, 09 October 2021 10:26 PM
පාසල් අතර, අධ්‍යාපන කලාප අතර, පළාත් අතර ප්‍රසිද්ධ විභාගවල පළමුවැනියා වීමට ඇති තරගය පවතින තුරු, ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දිය නොහැක. අනෙක් කාරණය ගුරු අධ්‍යාපනයේ දී කොතරම් ගුණාත්මක ඉගෙනීමකට පුහුණු කළද සමාජය ඉල්ලන්නේ විභාග ප්‍රතිඵල පමණක් නම් එයද ගැටලුවකි...
Prase Sunday, 10 October 2021 08:32 AM
ගුරුවරු ළමයින්ට උගන්වන්නේ නැහැ. ටියුෂන් තමයි හරියට කරන්නේ.