(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය නිලධාරීන් වැඩ නොකරන විට දේශපාලනඥයින්ට මහජනතාව දොස් නගන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු රාජ්‍ය නිළධාරින් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’රාජ්‍ය නිලධාරීන් වැඩ නොකලාම බැනුම් අහන්නෙ අපි’’
ravin Monday, 16 January 2023 12:55 PM
අපි හොරා කෑවම වෙන්නේ මොකක්ද.?
චමින්ද Monday, 16 January 2023 12:57 PM
එතකොට දේශපාලනයන් කරන කප්පම ගැනීම්, අල්ලස් ගැනීම් සල්ලි හොරා කෑම්වලට කවුද බැණුම් අහන්න වෙන්නේ...?
අප්පුහාමි Monday, 16 January 2023 01:21 PM
රටේ කුමන ප්‍රශ්නයක් ඇතිවුණත් මිනිස්සු බනින්නේ දේශපාලකයින්ට තමයි.. ඒකෙ වරදක් නැහැ... මොකද රජයේ සේවකයින් හා නිලධාරින් පත්කරන්නේ, මාරු කරන්නේ, උසස් කරන්නේ (විභාගයෙන් කිව්වට ඒක ඇත්ත වෙන්න බැහැ..) ප්‍රාදේශීය දේශපාලුවන් කියන ආකාරයට ඉහළ දේශපාලන බලධාරීන් තමයි. නිලධාරින් කරන්නේ දේශපාලුවන් කියන ආකාරයට විරුද්ධ පාක්ෂිකයින්ට අවැඩදායක ලෙසට තමයි.. මේ අතර අහන්න තියෙනවා ඇත්තටම දැනට ආයතන සංග්‍රහයේ තියෙන ලිපි ලිවීමට අදාල මතක හැටියට 28 වැනි පරිච්ඡේදය ඉවත් කරලාද කියලා... එහෙම අහන්නෙ දැන් ලිපියක් ලියද්දී ඇමතුමක් නැහැ... මහතා මහත්මිය කියලා ලියන්නේ නැහැ.. ලොක්කෝ අත්සන් කරද්දී බලන්නේ නැහැ රාජ්‍ය සේවයේ ශීලාචාර හති හා ඇවතුම් පැවතුම් සම්පූර්ණයෙන්ම නැතුව ගිහිල්ලා ඉතින් මිනිස්සු බැනීමේ වරදක් නැහැ නේද උන්නැහේ..?
Sunil Monday, 16 January 2023 01:47 PM
නිලධාරිනුත් එකයි. මේ මැති ඇමැතිලත් එකයි... ඔවුන් නිසි පරිදි වැඩ නොකළ නිසයි ජනතාව අන්ත පීඩා විඳින්නේ..!
Hafeel Monday, 16 January 2023 01:49 PM
ඌරා දන්නේ නැහැ... ඌරාගේ ශරීරයේ තිබෙන ගඳ. ඒ වගේම තමයි රාජ්‍ය නිලධාරීන්ට දොස් කියන්නට පෙර තමාට තියන නාමය සහ තමාව අද ජනතාව කොහොමද ආමන්ත්‍රණය කරනවා කියලා දැනගන්න... වෙන රටවල්වල නම්, කප්පම් සිද්ධියට ඉල්ලා අස්වෙනවා. නැත්නම් අස්කරනවා. අවාසනාවට ලංකාවේ එහෙම නැහැ. මේ වගේ කප්පම්කරුවන් ආණ්ඩුව නියෝජනය කරනවිට විදේශ ආයෝජිකයින් එව්වද?
Hafeel Monday, 16 January 2023 01:52 PM
ජනතාව දොස් කියන්නේ දූෂිත දේශපාලුවන්ට මිස රාජ්‍ය නිලධාරීන්ට නොවේ...
CC Monday, 16 January 2023 02:28 PM
දේශපාලකයින් රටට අවශ්‍ය දේ නොකළාම, රටේ වංචාවට හා දූෂණයට අවශ්‍ය පසුබිම ඇති කළාම (ස්වාධීන කොමිෂන් සභා බල ගැන්වීම, විගණනය ශක්තිමත් කිරීම දූෂිතයින්ට දඬුවම් දීම හා සොරාකෑ දේපළ පවරා ගැනීම වැනි ජනතාවාදී පද්ධති නීතිගත කිරීම වැළැක්වීම වැනි) මහජනයාට නැති වන්නේ ඔවුන්ගේ සුන්දර රටයි දරුවන්ගේ අනාගතයයි....
de silva Monday, 16 January 2023 02:58 PM
එහෙමනම් ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙලා ගෙදර ඉන්න... එතකොට කවුරුවත් බණින්නේ නැහැ.
siri Monday, 16 January 2023 03:16 PM
මේ ගොල්ලෝ කරන නොසණ්ඩාලකම් වලට දැන් මුළු රටම බනින සීන් එකක් තියෙන්නේ. පේනවා නේද සමූපකාර ඡන්ද රැල්ල. පුරසාරම් දෙඩුවාට පොහොට්ටුව අහලකවත් නෑ...
චන්දන Monday, 16 January 2023 04:30 PM
රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීනව වැඩ කරන වාතාවරණයක් තමුන්නැහැලා හදලාද තියෙන්නේ..?
ganegoda Tuesday, 17 January 2023 12:40 PM
ඕකට කියන්නේ වැරදි පාලනය කියලා නේද.?