IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


රජය පාප් වහන්සේත් නොමග යවන්න හදනවා

(ඩයනා උදයංගනී)

අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු ඇමතිවරයා ඉතාලි සංචාරයේදී වතිකානයට ගොස් බොරු කියා පාප් වහන්සේ පවා නොමග යැවීමට උත්සාහ ගන්නා බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

ඔවුන්ගේ වතිකාන ගමන පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ සත්‍ය යටගැසීමට රජය ගෙන යන ව්‍යාපාරයේ තවත් තුරුම්පුවක් බවත් එම වැඩපිළිවෙල තරයේ හෙළා දකින බවත් කාදිනල්තුමෝ පැවසූහ.

කාදිනල්තුමන් මේ බව පැවසුවේ කොළඹ අගරදගුරු මැදුරේදී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් ද නීති ක්‍රියාමාර්ගය ගත යුතු බව ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර තිබුණත් රජය ඔහු ආරක්ෂා කරන්නට යන බව පෙනෙන්නේ යැයි කී කාදිනල්තුමෝ චෝදනා ඇති සමහරුන්ව ආරක්ෂා කරන්නට රජය උත්සාහ කරන්නේ ඔවුනුත් මේ ප්‍රහාරයේ කොටස්කරුවන් නිසාද යන සැකයක් තමාට ඇතිවන බව පැවසූහ.

එමෙන්ම මේ ගැන චෝදනා එල්ල වී ඇති පොලීසියේ නිලධාරීන් පිරිසක් මහ නා හිමිවරු හමුවී ඔවුන්ට අසාධාරණයක් වී ඇතැයි ප්‍රකාශ කිරීම අනුමත නොකරන බව කී කොළඹ අගරදගුරුතුමෝ ජාතිය ආගම මත කිසිවෙක් බේරා ගැනීමට නොහැකි බවත් කතෝලික අයකු වරදක් කර තමා හමුවට ආවා නම් ඔවුන් පිළිනොගන්නා බවත් පැවසූහ.

ඔවුන්ට චෝදනාවක් ඇත් නම් අධිකරණය හමුවට යා යුතු බව ද කාදිනල්තුමෝ කීහ.

රජය ජාත්‍යන්තරයට ගොස් හැංගෙන්නට උත්සාහ කිරීම අනුමත නොකරන බව කී කාදිනල්තුමෝ එසේ ගොස් බාල්දු වෙන්නට එපා යැයි අගමැතිවරයාටත් විදේශ ඇමතිවරයාටත් දැනුම් දෙන බවද සඳහන් කළහ.

එම උත්සාහය ඔවුන්ගේම හිසට වැදෙන්න ඉඩ ඇති බවත් මේ සිද්ධීන් සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම දැනුවත් කරන බව වතිකානයේ සාධාරණය හා යුක්තිය පිළිබඳ කටයුතු කරන පියතුමා තමාට දැනුම් දී ඇතැයි ද කාදිනල්තුමෝ පැවසූහ.

 



අදහස් (29)

රජය පාප් වහන්සේත් නොමග යවන්න හදනවා

de silva Wednesday, 08 September 2021 06:43 PM

පාස්කු ප්‍රහාරය පෙන්නලා ලක්ෂ 10-15 ජනතාවක් ගොනාට අන්දලා ලක්ෂ 69 ක් ඡන්ද ගත්තේ.

:       6       27

සෙනෙවිරත්න Wednesday, 08 September 2021 06:57 PM

මේ අමාරුවෙන් ඇවිදින මනුස්සය මේ වෙලාවේ ඉතාලි යන්නේ මොන හදිස්සි⁣යකටද? එහෙන් ණයක් ගන්නද? මෙහෙ මිනිස්සු රැවටුවාට පාප්තුමා රවටන්න අමාරුවෙයි.

:       8       80

ගමේ එකාලා Wednesday, 08 September 2021 07:01 PM

69 ලක්ෂයක් ජනතාවට බොරු බේගල් ගහලා, සෞභාග්‍ය දැක්ම පෙන්වපු අයට ඕකත් මහ කජ්ජක් ද.?

:       8       24

chandima Wednesday, 08 September 2021 07:03 PM

ඔබවහන්සේ මේ වෙලාවේ ටිකක් හිතක් පපුවක් ඇතුව වැඩ කරන්නකෝ.

:       24       11

සමරේ Wednesday, 08 September 2021 07:07 PM

ඔබ වහන්සේට මා ඉතා ගරු කරනවා. ඔබවහන්සේගේ වේදනාව තේරෙනවා. නමුත් මේ වගේ රටට පොදු විපතක් ඇති වෙලාවේ ඔබ වහන්සේ ඒ ගැන කිසිත් නොකියා පාස්කු ප්‍රහාරය ගැනම විතරක් කතාකිරීම දුකක්... තුවාලයේ වේදනාව දැනෙන්නේ තුවාලය ඇත්තාට වුවත් අපේ අනික් අයට තියන දුක ගැනත් හිතන්න. අනික රටේ ගොඩක් දෙනෙක් මේ වෙලාවේ කොරෝනා නිසා ලෙඩවෙලා රාජ්‍ය කටයුතු පවා පමාවෙලා. ඔබ වහන්සේගේ නඩු පරක්කුවට ඒකත් හේතුවක් වෙන්න පුළුවන් නේද? මොනවා වුණත් 1980 ගණන්වල ගම්මාන පිටින් සිංහල බෞද්ධයින් කොටි අතින් මැරෙනවිට සහ සිරිමා බෝධිය අසල සිල් සමාදන් වී සිටි අයත් කොටින්ගෙන් මැරුම් කනකොට කවුරුත් අපි දිහා නොබලපු දුක අපිට තාමත් දැනෙනවා. ඒ නිසා අපිට ඔබ වහන්සේගේ දුකත් තේරෙනවා. අපි පතන්නේ මේ කොරෝනා වසංගතය ඉවරවෙනකොට පාස්කු නඩුත් හරියට අහන්න පුළුවන් වෙන්න කියලා.

:       67       27

ජෝර්ජ් Thursday, 09 September 2021 07:13 AM

සමහරුන්ගේ අදහස ඉතාමත් නිවැරදියි මෙයිනුත් පෙන්නුවෙ එතුමාගේ දැඩි ආත්මාර්තකාමී කමයි.

:       4       1

ArunaThursday, 09 September 2021 09:04 AM

ඉවසීමෙන් අවසානය තෙක් බලා ඉන්න. එතෙනදි අසාධාරණයක් වෙනවානම් අපිත් ඔබ සමගයි

:       5       2

jayasekaraThursday, 09 September 2021 10:14 AM

ඇත්ත කතාව.

:       5       2

ප්‍රබුද්ධ පාඨක Thursday, 09 September 2021 11:36 AM

සමරේ මහත්තයගෙ පිලිතුරේ ශ්‍රී ලංකාවේ එක්තරා මිනිස් කොට්ඨාශයක සමාජ දැක්ම අන්තර්ගතවෙලා තියනවා. ශ්‍රී ලංකාවෙ පැවතියෙ දෙමළ සිංහල යුද්ධයක් යැයි අර්ථ දක්වන්නට කොටි අන්තවාදීන් හැමදාම උත්සාහ කලා. නමුත් ඇත්ත එය නොවේ. සාමාන්‍ය ජාතිවාදය උතුරේ සහ දකුණේ රස්තියාදුකාර දේශපාලන සංස්කෘතිය ඡන්දෙ කාලේට කථා කරන දෙයකට සීමා වූ අතර කොටි යනු ත්‍රස්ත සංවිධානයකි. ශ්‍රී මහ බෝධියට ගහපු එක ගැන මුළු රටම දුක් වූ අතර අද වැනි දියුණු සමාජ මාධ්‍යය නැති යුගයක එය සෑම ආගමකම වාර්තා කරුවන් සමාජය දැනුවත් කලහ. අනෙක ත්‍රිවිධ හමුදාවෙන් එය සැලසුම්කල අය සොයනවා මිස සාමාන්‍ය අයට එකළ කල හැකි දෙයක් නොවුනේ මාධ්‍ය හා සන්නිවේදනය සීමා සහිත බැවිනි. ත්‍රිවිධ හමුදාවේ ක්‍රිස්තියානි, මුස්ලිම්, බර්ගර් වගේම දෙමළ ජාතික ඉතා කැපවූ රණ විරුවො හිටියා. දෙමළ හා මැලේ ජාතික වැදගත් පවුල්වල අය හොදින් දෙමළ කථා කරන්න ඇති හැකියාව නිසා ඔත්තු සේවයේ කොටි ගුලටම රිංගලා විස්තර සොයාගෙන ආවේ. මේ රට රැක්කේ සිංහල බෞද්ධයන් විතරයි කියන්නෙ නූගතුන් සහ අවස්ථාවාදීන් යැයි කියල හිතලා ඒ අය සහ පවුල්වල අය හිත හදාගන්නවා. මොකද දේශපාලකයන් පවා පෞද්ගලික මට්ටමෙන් ජාතිවාදී ආගම්වදීන් නොවේ.

:       1       5

jagath Wednesday, 08 September 2021 07:10 PM

දැනටමත් අගරදගුරු කාදිනල්තුමා වතිකානුවට ඊ මේල් යවා ඔවුන් දැනුවත් කර ඇතිබවයි මට නම් පෙනෙන්නේ...

:       5       43

Lal Wednesday, 08 September 2021 07:26 PM

පාප්තුමාට අමුතුම ඇඳුමක් අන්දවලා ඒවි.

:       3       19

සමන්ත Wednesday, 08 September 2021 07:30 PM

කාදිනල්තුමනි ඔබතුමා මේ රටේ සියලුම ජනතාවගේ ගෞරවයටපත් පූජකවරයෙකි. ඔබතුමා මේ වන විට ඉතා සංවේදී ආකාරයෙන් කටයුතු කරන බව මගේ හැගීමයි. ඔබතුමාට උපදෙස්දීමට තරම් හැකියාවක් මා හට නොමැති වුවත් මේ සම්බන්ධයෙන් කල්පනා කර බලන්න. ඔබ වහන්සේ පාප්වහන්සේට මේ සම්බන්ධව සැලකළ බව පුවතකින් දුටුවෙමි. එසේනම් මහින්ද රාජපක්ෂ මහතාට වතිකානුවේ නායක පාප් වහන්සේ හමුවීමට මෙන්ම ඕනෑම කාරණයක් සම්බන්ධව සාකච්ඡා කිරීමට අවස්ථාව තිබිය යුතුය. එසේම මහින්ද රාජපක්ෂ මහතා වතිකානුවට යෑමටත් පෙර එහිදී කිරීමට යනුයේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය යට ගැසීමට බව කීම ඔබතුමා වැනි ජ්‍යෙෂ්ඨයකුට තරම් නොවේ. මාමෙයින් කියනුයේ මහින්ද රාජපක්ෂ මහතා එසේ නොකරනු ඇතැයි කියා නොවේ. ඔබ වැනි ගෞරවනීය නායකයකු ඉතාම ඥනාන්විත හා ක්‍රමෝපායශීලීව මෙම ප්‍රශ්නය හැසිරවිය යුතුවන්නේ මෙම ව්‍යසනයෙන් දිවිදුන් අප වැසියන්ට යුක්තිය ඉටුවීම අද දිනයේ උදෙක් අවශ්‍යතාවය බැවිනි.

:       23       16

අතුල සෞදි Wednesday, 08 September 2021 07:33 PM

මම දකින විදියට මේ පාස්කු ප්‍රහාර වගේ දේවල් අහඹු සිදුවීම් නෙමෙයි. ඇමරිකාව ,එංගලන්තය ප්‍රමුඛ බටහිර ක්‍රිස්තියානි රටවල් (වතිකානුව ද මෙහි කොටස්කරුවෙක්) මැදපෙරදිග, ඇෆ්ගනිස්තානය වගෙ රටවල සිදුකරන මහ මිනිස් ඝාතන වල අතුරුඵල. අවාසනාවට ඒවල විපාක විඳින්නේ අපි වගෙ රටවල්. කාදිනල්තුමාත් නොකියන ඇත්ත ඒකයි.

:       6       17

Don perera Wednesday, 08 September 2021 07:38 PM

අන්තිමට ලංකාවේ මිනිස්සු රැවටුනා.

:       1       24

නුවන් Wednesday, 08 September 2021 07:39 PM

අගරදගුරුතුමා දන්න දෙයක් ඇත්නම් එය හෙළි කරන්න..... නමුත් අයි එස් ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට නායකයෙක් අවශ්‍ය නොවේ . නොබෝදා නවසීලන්තයේ සිදුවු පිහි ඇණුමෙන් එය වඩාත් පැහැදිලි උනා නොවේද !

:       17       14

fairoos Wednesday, 08 September 2021 08:02 PM

කාදිනල් තුමත් දේශපාලනයට ආවොත් හොඳයි වගේ.

:       13       8

SUNIL MILANO Wednesday, 08 September 2021 08:12 PM

අපගේ ගෞරවයට පාත්‍ර වුනු අගරදගුරුතුමා, මේ හදන්නේ තමන්ට තිබෙන ගෞරවය නැතිකර ගන්නයි.

:       24       13

saman bogollagama Wednesday, 08 September 2021 10:59 PM

මේ මිනිස්සු මුළු ලෝකයම රවට්ටන්න දගලන දැගලිල්ල හරි පිළිකුල්.

:       9       18

Demuni Uduwara Thursday, 09 September 2021 03:59 AM

සැඟවුනු සත්‍යය ලෝකය දැනගත යුතුයි!

:       0       14

Demuni Uduwara Thursday, 09 September 2021 04:09 AM

මෙම සිංහල බෞද්ධ රජය කිසි විටෙකත් වැරදි ක්‍රියාවන් සිදු නොකරයි. ඔවුන්ගේ ඉතිහාසය බලන්න! පුදුමයි !!

:       9       13

gunarathna Thursday, 09 September 2021 06:59 AM

ඔබ වහන්සේ යටි අරමුණක් හිතේ තියාගෙන වැඩ කරන බව පේනවා.

:       2       1

Lelwala Thursday, 09 September 2021 07:51 AM

අපි ඔබට ගරු කරමු. දේශපාලනයෙන් ඉවත් වෙන්න. මෙම ප්‍රශ්නය පාප් වහන්සේ වෙත ගෙන ආ පළමුවැන්නා ඔබ ය. පාප් වහන්සේ හමුවීමට රජයට නොහැකි කරුණ කුමක්ද?

:       3       0

Nuwa Thursday, 09 September 2021 08:10 AM

මම නම් දැන් කැමතියි ජිනීවා මානව හිමිකම් කොමිමෙන් බලපෑම් කරනවට. මේ මෝඩ පාලකයන්ට පීඩනයක් දෙන්න ඕන. ලේසියෙන් රට විනාස කිරීමට ඉඩ දිය යුතු නැහැ. අහිංසක මිනිස්සු දුක් විඳිනවා මේ අය සැප විඳිනවා.

:       2       4

de silva Thursday, 09 September 2021 10:57 AM

ලබන ඡන්දෙදි පොහොට්ටුව ක්‍රිස්තියානි ඡන්ද ගන්න තිබෙන ආසාව අතහැර ගන්න.

:       0       3

BamunuarachchiThursday, 09 September 2021 11:20 AM

බෝම්බ පිපිරවපු අය ගැන කතා නැහැ ඒ ගැන සෙව්වේ නැතිලු. යහපාලකයෝම නේද කාරක සභා කොමිෂන් දැම්මේ නැතිනම් මේ ආණ්ඩුවද? ප්‍රහාරයේ නියම මිනිස්සු දන්නවානම් ඇයි ඉදිරියට ඇවිත් කියන්නේ නැත්තේ.

:       3       2

BamunuarachchiFriday, 10 September 2021 01:07 PM

නොමග යවන්න දෙයක් නැහැ... නොමග ගිහිල්ලයි තිබෙන්නේ...

:       0       0

Bamunuarachchi Thursday, 09 September 2021 11:14 AM

කාදිනල්තුමාව රවටන්නේ කවුද කියලා හොයන්න.

:       4       0

Bamunuarachchi Thursday, 09 September 2021 11:24 AM

කාදිනල්තුමණි. පාප් තුමාට කෝල් එකක් දාලා බලන්නකෝ අගමැති තුමා පාප් වහන්සේ හම්බවෙන්න ඔය පැත්තේ එනවද කියලා .

:       3       1

Nihal Thursday, 09 September 2021 04:03 PM

චෝදනා කරන දෙයක් හරියටම දැනගෙනම කියනන

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අදත් ජන්ද කාඩ් තැපැල් කාර්යාලයෙන් ගන්න පුළුවන්
2024 නොවැම්බර් මස 14 23 0

මෙතෙක් මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණු ජන්දදායකයින්ට අද (14) ළගම පිහිටි තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හ


කැස්බෑවේ ඡන්ද මධ්‍යස්ථානයක් භාර නිලධාරිනිය හදිසියේ මිය ගිහින්
2024 නොවැම්බර් මස 14 339 0

කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්‍ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස රාජකාරී යොදවා සිටි කාන්තාවකට හදිසියේ ඇති වූ හ


බඩෝවිට වෙඩි තැබීමක්
2024 නොවැම්බර් මස 14 150 0

ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන


ඡන්ද පොළකට පහර දෙන්න ලොරි රථයක ගිනිඅවි ඇතුළු ආයුධ සඟවලා
2024 නොවැම්බර් මස 14 639 0

ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙ


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 නොවැම්බර් මස 14 50 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඡන්දය ආරම්භ වේ
2024 නොවැම්බර් මස 14 322 0

පාර්ලිමේන්තු මැතිවරණය මීට සුව වේලාවකට පෙර ආරම්භ විය. එය අද සවස 4.00 ඡන්ද ප්‍රකාශ කළ හැකියි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 209 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 539 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1637 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site