IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සියල්ල කරගන්න ඇමැති උපදෙස්

විදෙස් ගමන් බලපත්, ජාතික හැඳුනුම්පත්, රියැදුරු බලපත් ඇතුළු රජයේ ප්‍රමුඛ මුද්‍රණ කටයුතු සියල්ල ඉදිරියේදී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් සිදුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකසන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා නිලධාරීන්ට අද(25) උපදෙස් දුන්නේය.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචනය සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ අද පැවැති රැස්වීමකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන්නේය.

එම වැඩපිළිවෙළෙහි මූලික පියවර ලෙස, විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණයට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේවනවිට, මුද්දර, ඡන්ද පත්‍රිකා, වීසා ස්ටිකර් ආදිය රජයේ මුද්‍රණාලයෙන් මුද්‍රණය කෙරෙන බව පැවසූ අමාත්‍යවරයා අමාත්‍යංශ, රජයේ ආයතන, දෙපාර්තමේන්තු ආදියෙහි මුද්‍රණ කටයුතුවලින් 50%ක ප්‍රමාණයක් හෝ සියලු ආරක්ෂිත මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් සිදුවිය යුතු බව කියාසිටියේය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සොයාබලන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ජගත් පී. විජේවීර, රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මුද්‍රණලයාධිපති ලලිත් ද සිල්වා යන මහත්ම මහත්මීහුද මෙම රැස්වීමට සහභාගී ව සිටියහ.



අදහස් (2)

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සියල්ල කරගන්න ඇමැති උපදෙස්

විජේ Wednesday, 26 August 2020 01:49 AM

ඒ කාලේ කරන්න තිබුන දේවල් මේවා. පරක්කුවී හෝ කිරීම පිලිබදව සතුටුයි. ඇමතිලා අතරත් වැඩ කර පෙන්වීමේ තරගයක් නිර්මාණය වෙලාද මන්දා.?

:       0       19

sharm warn Wednesday, 26 August 2020 03:01 AM

ඇති යාන්තම්... අනිවාර්යයෙන් කළ යුතු වෙනසක්. මේ වගේම අනික් දෙපාර්තමේන්තුවල වැඩත් ආපහු රජය යටතට ගන්න. සියල්ල පුද්ගලික කොන්ත්‍රාත්කරුවන්ට දෙන්න නම් මොකටද මෙච්චර ලොකු දෙපාර්තමේන්තු තියාගෙන වැටුප් ගෙවන්නේ...?

:       0       30

ඔබේ අදහස් එවන්න

දියත

සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 205 0

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 154 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 336 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1384 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 3039 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 2362 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1921 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site