IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


රජය වියදම් තව අඩු කරයි

(අජන්ත කුමාර අගලකඩ)

මැති ඇමතිවරුන්ගේ සහ රාජ්‍ය ආයතන වල වියදම් තවදුරටත් සීමා කිරීමට රජය තීරණය කර ඇත .

ඒ සඳහා විශේෂ උපදෙස් මාලාවක් මුදල් අමාත්‍යංශය සියලුම ඇමතිවරුන්ට හා අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනටමත් යොමුකොට තිබේ .

අයවැය මගින් ප්‍රතිපාදන වෙන් කර ඇති ව්‍යාපෘති හැරුණු විට වෙනත් කිසිදු ව්‍යාපෘතියක් සඳහා මුදල් ඉල්ලීමෙන් වළකින්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම ඇමතිවරුන්ට සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත .

රාජ්‍ය වියදම් සීමා කරමින් ඉකුත් දෙසැම්බර් මස 21 වනදා නිකුත් කරන ලද චක්‍රලේඛය සහ ඉකුත් ජනවාරි මස 12 වැනි දා නිකුත් කරන ලද චක්‍රලේඛයේ සදහන් නියෝග දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ද එමගින් උපදෙස් දී ඇත .

ඒකාබද්ධ අරමුදලින් ඉන්ධන දීමනා ලබන ඇමතිවරුන්ගේ ,මන්ත්‍රීවරුන්ගේ සහ ආයතන ප්‍රධානීන්ගේ ඉන්ධන වියදම් සීමා කරන්නැයි ද එමගින් උපදෙස් දී ඇත.

ඊට අමතරව රාජ්‍ය ආයතනවල දුරකථන,විදුලිය වියදම් ආදී සියලු වියදම් දැඩිව සීමා කරන්නැයි ද මුදල් අමාත්‍යංශය දන්වා ඇත .

 



අදහස් (22)

රජය වියදම් තව අඩු කරයි

Bamunuarachchi Monday, 07 February 2022 08:30 AM

වියදම් අඩුකරන්නේ කොහොමද බලයෙන් විසිවෙච්ච ගොයියන්ගේ බාරියාවන්ට විශේෂ ආරක්ෂාව දෙනවා කියලා පරිසිද්ද පත්තරයක තිබුනේ? එක උන්දා කෙනෙකුට පොලිස් නිලදාරීන් 17 ගේ ආරක්ෂාව දෙනවලු. මොන බම්බුවකටද උන්දලව පරිස්සම් කොරන්නේ? කවුරු උස්සන් යයි කියලද?

:       0       0

Bamunuarachchi Monday, 07 February 2022 08:33 AM

ජෙප්පෝ ආවාම කරනවා කියන ඒවා දැම්මම කරන්න එතකොට ජෙප්පන්ට මාකට් වෙන්න කියන්න දෙයක් ඉතුරුවෙන්නේ නැහැ? ජෙප්පන්ට ඕවා කරන්න රට කොමිනිස් කරන්න වෙනවා අපිට් රට කොමිනිස් නොකර ඕවා කරන්න පුළුවන්.

:       0       0

sharm warn Monday, 07 February 2022 09:41 AM

නිදහස් සැමරුවට විනාශ කරපු කෝටි 13 ගැන කතා නොකරපු පාර්ලිමේන්තු කාරයින්ට ඔහොම වෙන්නත් ඕනෑ...

:       1       19

ලුම්බිණි Monday, 07 February 2022 09:55 AM

වැඩකට නැති නිදහස් සමරු දින විශාල වියදම් අඩු කරන්න තිබුනේ නැද්ද?

:       19       42

Raveendra Monday, 07 February 2022 10:15 AM

අපගේ මෙම අදහස් කිසිවෙකුට අපහාස කිරීමටවත් කිසිවෙකුව පහත්කිරීමට හෝ කිසිවෙකු හොද වැඩකාරයකු යයි කීමට දරන උත්සාහයක් නොවන බව කාරුණිකව සලකන්න. මහා එකාගේ සිට පොඩි එකා දක්වා හිතට එකඟව අවංකව කැපකිරීම් "නොකළොත් " අප රටක් හැටියට, ජාතියක් හැටියට විනාශවීම මොන මලයකාටවත් නැවැත්විය නොහැකි බව කණගාටුවෙන් දන්වන්නෙමු. එබැවින් අප රටේ තිබෙන සියලුම දේශපාලන පක්ෂවල ඉන්නා (බලයේ ඉන්නා "බූරුවන්ට" මෙන්ම බලය නැතිව තටමන "බූරුවන්ටද" මෙය ඍජුවම අදාලයි) අප මෙසේ සඳහන් කරන්නෙමු. දැන්වත් ගොන් තකතීරු තර්ක විතර්ක පසෙකලා රටේ පැවැත්ම, රටේ අනාගතය වෙනුවෙන් වැඩ කරපල්ලා... කවුරු බලයේ හිටියත් මේ පවතින තත්වයෙන් ගොඩ ඒමට නම් සියල්ලන්ගේම කැපකිරීම් අතිශය අවශ්‍ය බව ළදරුවෙකුට වුවද තේරෙන සත්‍යයක් බවත්, එය නොතේරී හෝ නොතේරුණා වගේ රඟපාන බලයට ආවොත් මේ මොකුත් ගැටළු නැහැයි කියන සුරංගනා කතා කියන විපක්ෂයේ ඉන්නා ඔලමොට්ටලයින් පිළිබඳව කණගාටු වන්නෙමු. මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව කියවීමට හැකිවේවා...

:       11       53

AsagaMonday, 07 February 2022 07:48 PM

අපි හැමෝම දේශපාලකයින්ට බනිනවා... මොකද ඒක තමයි ලේසිම දේ... ඇත්තටම මම නම් දකින්නේ මිනිස්සුන්ගේම වැරැද්ද? කිසිම වැඩක් හරියට කරන්නේ නැති, කිසිම විශ්වාසයක් තියන්න බැරි, වෙලාවට වැඩක් කරන්නේ නැති, හැම දෙයකින්ම අනිසි ලාභයක් හෝ පගාවක් බලාපොරොත්තුවෙන කුහක ජාතියක්... කිව්වොත් කියන්නේ බොරුවක්. එහෙව් ජාතියකට මෙහෙම නොවුණොත් තමයි පුදුමේ...

:       2       10

wikcy Monday, 07 February 2022 10:25 AM

ඇත්තටම කිව්වොත් ඕක පටන් ගන්න ඕනෑ ඇමැතිලාගෙන්... සේවය කරන්න ආවා නම්, අනික් මිනිස්සු වගේ අදාල වැටුප් අරගෙන සේවය කරන්න ඕනෑ. ඔය වරප්‍රසාද කියල දේවල් එයාලාට අවශ්‍ය නැහැ.. ඇයි මැති ඇමැතිවරු කියලා විශේෂයක් කරන්නේ කියන එකත් ප්‍රශ්නයක්... සේවයක් නම් සේවය.. ඒකත් අනික් මිනිස්සු කරන රස්සාව වගේමයි. අවුරුදු පොඩි ගාණකින් විශ්‍රාම වැටුපකුත් දෙනවා. අරවයි, මෙව්වයි කොච්චර සල්ලිද..? ඔය ඔක්කෝම නවත්තලා දාන්න ඕනෑ...

:       1       38

RaveendraMonday, 07 February 2022 03:47 PM

ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදියි. මේ මන්ද බුද්ධිකයින් 226න් පළමුව රටේ සියලුම පුරවැසියන්ට ආදර්ශයක් ලෙස කිසිවක් එපා කිව්වේද නැත. අඩුතරමින් අපි ජනතා හිතවාදී පක්ෂ අපි දන්නවා ජනතාවගේ දුක කියමින් උඩුබුරන විපක්ෂයේ එකදු මන්ද බුද්ධිකයෙක්වත් කිව්වාද අපිට කිසිදු දීමනාවක්, වැටුපක්, බැකප් වාහන, අර දීමනා, මේ දීමනා ඉදිරි අවුරුදු කිපයටම එපා කියලා..? අඩු වශයෙන් එක අවුරුද්දකටවත්... මේ 226ම පට්ට හොරු. තව තවත් මිනිස්සුන්ට සුරංගනා කතා කියන 226ක්...!

:       6       24

යෝගා Monday, 07 February 2022 10:30 AM

සියලු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන්න.

:       1       70

Jagath Monday, 07 February 2022 10:30 AM

ඇමැති මණ්ඩලය අඩු කරන්න. රාජ්‍ය අමාත්‍ය කියන බහුබූත තනතුරු අයින් කරන්න. දේශපාලුවන්ට දීලා තියෙන අසීමිත වරප්‍රසාද අහෝසි කරන්න....

:       16       66

Sunil Monday, 07 February 2022 12:14 PM

ජනතාව ප්‍රශ්න විශාල සංඛ්‍යාවකට මැදිවී සිටිද්දී තව මහා පරිමාණ නිදහස් උත්සව පැවැත්තුවා නම් හරි...!

:       19       31

fairoos Monday, 07 February 2022 12:53 PM

බයියන්ට දැන් සැපයිද?

:       38       33

BamunuarachchiMonday, 07 February 2022 02:24 PM

හම්බයින්ට කොහොම දුකද? හම්බයින්ට දුක ලැබෙනවා නම් බයියන්ට සැප නොලැබුණාට කමක් නැත...

:       32       4

Samantha Monday, 07 February 2022 07:55 PM

නුඹලා වගේ ජාතිවාදය ඔලුවේ තියාගෙන ඉන්න බමුණෝ මේ රටට සාපයක්...!

:       0       15

chandana Monday, 07 February 2022 01:13 PM

බංග්ලාදේශයෙන් හිඟාකාලා ගුවන් සංදර්ශන තියෙනකොට ඕවා හිතුණේ නැද්ද? ගුවන් සංදර්ශනවල පුහුණුවට සහ එදින කොතරම් වියදමක් යන්න ඇතිද? මෙවර චාමෙට කරන්න තිබුණා. මාස්ක් නැතිව 10000ක් විතර එකට ගැවසුණා. එතැනින් වෙන හානිය ඉදිරියට බලාගන්න පුළුවන්...!

:       3       44

ranjith Monday, 07 February 2022 01:16 PM

රට හිඟමනට වැටිලා තියෙන්නේ මේ පාලකයින්ගේ හොරකම්, වංචා, අසීමිත වරප්‍රසාද නිසා අද ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් කියනවට වඩා, ඉතියෝපියාවේ පුරවැසියෙක් කිව්වොත් විදේශ රටවල ගණන් ගැනීමක් තියෙනවා. හැමදාම බොරු සංඛ්‍යා ලේඛන පෙන්වලා ජනතාව මුලා කරලා අන්තිමට බිංදුවටම වැටුණා... තවත් බලයටම කෑදරයි..

:       4       35

Don Monday, 07 February 2022 02:16 PM

මේ සැමරුවේ රටේ සාමාන්‍ය ජනතාවගේ නිදහස නෙමෙයි. මේ සැමරුවේ දේශපාලකයන්ගෙයි, සීමිත ප්‍රභූවරුන්ගෙයි නිදහස..! සුද්දන්ගෙන් නිදහස ඕනෑ වුණේ මේ පන්තියටයි. මේ රටේ සාමාන්‍ය ජනතාවට සුද්දන්ගේ පාලනය අද තිබුණා නම් මේ රට සුරපුරයක්... පේනවනේ එංගලන්තයේ ඉන්න විදේශිකයින්ට තියෙන නිදහස සහ සැප. මේ රටේ සාමාන්‍ය මිනිහෙක්ට මොකක්ද තියෙන පිළිගැනීම...? පොඩ්ඩක් ගිහින් බලන්න ඕනෑ රජයේ ආයතනයකට වැඩක් කරගන්න. ඒකට එංගලන්තයේ සුද්දෝ 100ක් ඉස්සරහින් එක දුප්පත් ලෝකෙටම ණය වෙලා එදාවේල කන රටකින් ආව මනුස්සයෙක්ට වුණත් වැඩේ කරලා දීලා තමයි සුද්දෝ ගැන බලන්නේ. අනේ මන්දා ඇමෙරිකාවේ ඉඳලා ලොක්කා ඇවිත් තියෙන්නේ රජෙක් වෙන්නනේ. අපි නම් හිතුවේ වැඩ්ඩෙක් කියලා. දැන් බලද්දී යුද්ධය කාලේ කවුද කියලා පැහැදිලියි.

:       3       28

siri Monday, 07 February 2022 03:17 PM

දශක ගණනක් ජනතාව රවට්ටමින් මෙයාලා වැජඹුණා. නිදහස් සෞඛ්‍ය කියලා කියන්නේ රෝහලකට ගියාම පෝලිම් කීයක් ගිහිල්ලද බෙහෙත් ටිකක් ගන්නේ...? නිදහස් අධ්‍යාපනය කළින් තිබුණා.. දැන් පේන්න නැහැ. අද සල්ලි තියෙනවා නම් දරුවෙකුට උගන්නන්න පුළුවන්. ජාතික පාසල් නමට, ටියුෂන්වලට දෙමව්පියන්ගේ සල්ලි ඉවරයි. කෝ මේවට විසඳුම් කියනවද? තවත් බේගල් දොඩවමින් බලේ රැකගන්නයි, බලේ ගන්නයි දඟලන්නේ...!

:       3       18

පැරකුම් Monday, 07 February 2022 04:28 PM

මේවායෙන් කියැවෙන්නේ පොදු ජනතා මතය බව රට වනසන කාලකන්නි දේශපාලුවන් අවබෝධ කරගත යුතුයි.

:       1       12

විපරමා Monday, 07 February 2022 06:16 PM

දූෂිත බලලෝභී බඩගෝස්තරවාදී දේශපාලුවන්ට ඔය දේවල් කරන්න තිබුණේ මීට කලින්... මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ කරලා, බොරු සෝබන වැඩවලට නිකරුණේ මුදල් කාබාසීනියා කරලා රටම බංකොළොත් වෙන තැනට වැඩකෙරුවා...

:       0       5

sathyapaala Monday, 07 February 2022 06:31 PM

ඇමැතිවරුන්ගෙන් තව ඉන්ධන ලීටර් 02ක් විතර අඩුකෙරුවා නම් විශාල මුදලක් ඉතිරි වෙයි.

:       0       8

sampath Monday, 07 February 2022 08:41 PM

225ක් නෙවෙයි 500ක් කමක් නෑ... හොඳ දක්ෂ මිනිස්සු නම් වැඩ බැරි මිනිස්සු දාගත්තම නාස්තිය විතරයි.. රජයේ ආයතනවල විදුලි බිල්, දුරකථන සහ ජල බිල්, ගෙවන්න යන වියදමට සාපේක්ෂව ලැබෙන සේවාවන් සමාලෝචනය කළ යුතුයි. එක දවසකට ෆොටෝකොපි කොළයක් ගානේ නාස්ති වුණත් මිලියන කීයක්ද? එක ලිපි ගොනුවකට කීයක් ඉන්නවද? කොයිතරම් කාර්යක්ෂමද? සිංගප්පූරුවෙන් ගෙනැල්ලා වැඩ කරන හැටි ඉගෙන ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1495 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 293 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 545 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 784 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 153 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 555 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 725 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 507 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site