IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රජයේ වියදම - බදු ආදායම අතර විශාල පරතරයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 ක් බවත් නමුත් පසුගිය වසරේ ශ්‍රී ලංකා රජයේ බදු ආදායම සියයට 9 ක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා අද (19) ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

මෙරට රජයේ වියදම සහ බදු ආදායම අතර පරතරය සියයට 11 බවත් මෙවැනි විශාල පරතරයක් පියවා ගැනීම සඳහා ණය ලබා දීමට කිසිවෙකුත් කැමති නොවන බවත් බෲවර් මහතා පැවැසුවේය. 2022 වසරේ සියයට 7 ක් වූ බදු ආදායම පසුගිය වසරේදී සියයට 9 ක් දක්වා වැඩි කරගෙන ඇතත් එය ප්‍රමාණවත් නොවන බවද  බෲවර් මහතා ප්‍රකාශ කළේය.

රජයේ ආදායම සහ වියදම අතර පරතරය අඩු කිරීම ශ්‍රී ලංකාව මුහුණදෙන අභියෝගයක් බවත් එම අභියෝගය සාර්ථකව ජයගනිමින් මෙම වසරේදී සියයට 12 දක්වාද ලබන වසරේ සියයට 14 දක්වාද රජයේ බදු ආදායම වැඩිකර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවත් ඔහු පැවැසුවේය.එවිට ඉතිරිවන සුළු පරතරය පියවා ගැනීම සඳහා ණය ලබාදීමට ණය දෙන්නන් ඉදිරිපත් වනු ඇතැයි බෲවර් මහතා පැවැසුවේය.යමෙක් බදු ගෙවීම පැහැර හරින විට එම මුදල තවත් අයෙකුට ගෙවීමටද සිදුවන බවද ඔහු ප්‍රකාශ කළේය.ඒ හේතුවෙන් පුද්ගලයන් බදු හිලෙන් රිංගා යාම වැළැක්විය යුතු බවද ඔහු පැවැසුවේය.

2022 වසරේදී රජයේ බදු අදායම සහ වියදම අතර පරතරය සියයට 13 ක් බවත් එවැනි පරතරයක් තිබෙන විට රජය සතු මුදල් අවසන් වීම පුදුම වීමට දෙයක් නොවන බවත් පීටර් බෲවර් මහතා පැවැසුවේය.ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ලබා දී ඇති බදු සහන ප්‍රසිද්ධ වෙබ් අඩවියක ප්‍රකාශයට පත් කිරීම රාජ්‍ය පාලනය පිළිබඳ ප්‍රකාශනයේ අඩංගු එක් නිර්දේශයක් බවත් ශ්‍රී ලංකාව තවදුරටත් බදු සහන ලබා දීම අත්හිටුවිම ආධාර වැඩසටහනේ එක් කැපවීමක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් ලබා දී ඇති රජයේ බදු අදායම් ඉලක්කය සපුරා ගැනීමට දේපල බද්ද විශාල සහායක් ලබා දෙනු ඇති බවද  බෲවර් මහතා පැවැසුවේය.

ණය ප්‍රතිව්‍යුහගතකිරීමේදී ශ්‍රී ලංකාවේ මීළඟ පියවරයන් විය යුත්තේ නිල ණය හිමියන් සමඟ එළඹි ප්‍රතිපත්තිමය ගිවිසුම හැකිතාක් ඉක්මනින් නිල ගිවිසුමක් බවට පත් කර ගැනීමත් වාණිජ ණය හිමියන් සමඟ ප්‍රතිපත්තිමය ගිවිසුමකට එළඹීම බවත්  බෲවර් මහතා පැවැසුවේය.තවම නිශ්චිත කාල වකවානුවක් තීරණය කර නැතත් පළමු සමාලෝචනයට විධායක කමිටු අනුමැතිය ලැබී මාස 6 කදී ප්‍රතිපත්තිමය වශයෙන් දෙවැනි සමාලෝචනය සිදු කරන බවත් එම කාලය වන විට වාණිජ ණය හිමියන් සමඟ ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිමය ගිවිසුමකට එළඹෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

චීන එක්සිම් බැංකුව සමඟ ප්‍රතිපත්තිමය ගිවිසුමකට ශ්‍රී ලංකාව එළඹුනත් වාණිජ ණය හිමියකු වූ චීන සංවර්ධන බැංකුව සමඟ ශ්‍රී ලංකාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව බෲවර් මහතා සඳහන් කළේය.ශ්‍රී ලංකාවේ දුෂණ හා වංචා ක්‍රියා අවම කිරීමට සේවා ඩිජිටල්කරණය ඉතා වැදගත් පියවරක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ සඳහා ශ්‍රී ලංකාව දිරිමත් කරන බවත් බෲවර් මහතා පැවැසුවේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින ලක්ෂණ පෙන්නුම් කළත් තවමත් ආර්ථිකය යථා තත්වයට පත් වීම මුල් අදියරේ පවතින බවත් එහි ප්‍රතිලාභ ජනගහනයෙන් වැඩි පිරිසකට ලැබී නොමැති බවත්  බෲවර් මහතා ප්‍රකාශ කළේය.

එසේම මෙම වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 2 වනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකථනය කරන බව එම අරමුදලේ කොළඹ නේවාසික නියෝජිත සර්වාත් ජහාන් මහත්මිය එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවැසුවාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 11 සිට අද  (19) දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් ආරම්භ කළ අතර එහිදී සතියක් පුරා මෙරට බලධාරීහු සමඟ සාකච්ඡාවල නිරත වූහ. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ පළමු සමාලෝචනයට අනුමැතිය ලබා දීමෙන් පසු ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව එම නිලධාරීහු කණ්ඩායම අධ්‍යනය කළහ.



අදහස් (2)

රජයේ වියදම - බදු ආදායම අතර විශාල පරතරයක්

kamal Friday, 19 January 2024 08:39 PM

රාජ්‍ය ආදායම පමණක් නොව, රාජ්‍ය වියදම් අඩු කිරීමටද පියවර ගත යුතුයි. උදාහරණක් නම්, සියලු රජයේ සේවකයින්ගේ වැටුප් 10% කින් අඩු කිරීම...!

:       0       1

Bamunuarachchi Tuesday, 23 January 2024 06:51 AM

සංස්ථා මණ්ඩල රජයේ වියදමින් නඩත්තු නොකර ඒවා පෞද්ගලික අංශට බාරදී බදු අයකරමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 868 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1977 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 644 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 354 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 923 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1521 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39105 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site