IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රාජ්‍ය වෙසක් උත්සවය මාතලේදී

(යොහාන් භාසුර සහ අංජුල මහීකවීරරත්න)

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය මූලික කරගනිමින් පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ පිළිබඳව මූලික සාකච්ඡාව මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (14) පැවැත්විණි.

රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක උලෙළ මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේදී දී පැවැත්වෙන අතර එහි සමාප්ති උලෙළ මාතලේ අනුරුද්ධ අරණේදී පැවැත්වීමට මෙහිදී තීරණය කෙරිණි.

ඒ අනුව මැයි මස 21 වනදා සිට මැයි මස 27 දින දක්වා විවිධ ආගමික සංස්කෘතික වැඩසටහන් පැවැත්වෙන අතර, මැයි 21 වන දින රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමී සංස්කෘතික වැඩසටහන්, මැයි 22 වන දින පරිසර සංරක්ෂණ හා යහපත් සෞඛ්‍ය පුරුදු වැඩසටහන්,මැයි 23 වන දින සීල භාවනා පින්කම ( වෙසක් පොහෝ දින වැඩසටහන) ,මැයි 24 වන දින සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, මැයි 25 වන දින සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා සම්බුද්ධ දේශනා අනුව පවත්වන වැඩසටහන්, මැයි 26 වන දින අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් සහ මැයි 27 වන දින භික්ෂු හා සිල් මාතා පුහුණු වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 හි විහාරස්ථාන 11ක් සංවර්ධනය කිරීම, වෙසක් බැති ගී පහන් කූඩු ,වෙසක් තොරණ ,පාරිසරික හා සංස්කෘතික අංගයන් හා පිණ්ඩපාත වැඩසටහන් ලේ දන්දීමේ වැඩසටහන් ආදී විශේෂ වැඩසටහන්, සර්ව ආගමික අංග ඇතුළත් පෙරහර ආදී වැඩසටහන් රැසක් ද පැවැත්වේ.

 



අදහස් (2)

රාජ්‍ය වෙසක් උත්සවය මාතලේදී

සරත් කුමාර Thursday, 14 March 2024 11:40 PM

මුන්දැලාට පන්සලේ දේවල් අස්සට තමයි අර "සර්වාගමික" ආගම රිංගවන්නේ.. ඔය කියන "රාජ්‍ය වෙසක් උත්සවය" වනාහි මේ රටේ බෞද්ධයා සහ සංඝයා ගොනාට ඇන්දවීමක්... ගොනාට ඇඳගන්න බලාගෙන ඉන්න අයටනම් හරිම සතුටු ඇති.. සරලවම කිව්වොත් මේක දේශපාලන කැලැන්ඩරයේම එකක් විතරයි.. ආගමක් ධර්මයක් නොදන්න අමන පාලකයෝ කරන වෙසක්.. මේ රටේ සිංහලයෝ තරම් ගොං වෙස් ගත්ත ජාතියක් කොහෙවත් නෑ.. එයිනුත් සිංහල බෞද්ධ කියන්නේ මෝඩකමේ මුදුනේ ඉන්නේ.. රැවටෙන්න කියාපු දේවල්.. එක උදාහරණයක් කියන්නම්.. පෝයට බාර් වහන්නේ නෑ කියලා රජය තීරණය කළොත් මොකක් වෙයිද? එහෙනම් රටේ තියෙන ප්‍රශ්න ඔක්කෝම යට ගිහින් මාස ගාණක් උද්ඝෝෂණ, උපවාස, විරොධතා අරව මෙව්වා කෝටියක් තියෙයි.. හැබැයි පාලකයින් කවදාවත් පෝයට බාර් අරින්නේ නෑ.. ඇයි? බෞද්ධකමට, සංස්කෘතියට එච්චර ලැදියාවද? නෑ.. පාලකයෝයි, බාර් කාරයෝයි දන්නවා, වහන්නකලින් දවසේ වෙනදාට වඩා හොඳ අලෙවියක් වෙන බව... පහුවදා වැහුවාට පාඩු නෑ.. පොඩි රෙස්ට් එකක් දාගෙන ඉන්නයි තියෙන්නේ.. ඉතිං අර මම කලින් කිව්ව මිනිස්සු සිල්ලර මෝඩයෝ නෙවෙයි ද..? මේ රට මෙහෙම් ඉතුරුවෙලා තියෙන එකත් ඇති බොලං..මේක වැරැදියි කියලා "ඩිස්ලයික්" වැටෙයි.. කමක් නෑ.. ඒත් ඇස්දෙක වහගෙන..

:       0       0

සරත් කුමාර Thursday, 14 March 2024 11:42 PM

හිතපල්ලා.. අපි කවද්ද මේ දේවලින් මිදෙන්නේ කියලා..? පාලකයෝ කපටිමත් නෙවෙයි.. අපි හෙන මෝඩයි බොලව්.. ඒකයි වැඩේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 389 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 121 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1836 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත


හිටපු ලේකම්වරයෙක් ගැන බන්දුලගෙන් පැමිණිල්ලක්
2024 ඔක්තෝබර් මස 02 150 0

තමන්ට අපහාස වන අයුරින් තමාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු ඔහුගේම මුහුණු පොත හරහා අපහාස උපහාස සිදුකිරීම සහ තම සමීපමතමයන්ට දුරකථනයෙන් මරණ තර්ජන සිදු කිරී



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2335 0


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38558 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site