IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


රජයේ වාහන 4000ක් උස්සලා

(සුජිත් හේවාජුලිගේ)

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති බැවින් ජාතික විගණන කාර්යාලය සියලුම රජයේ ආයතන ආවරණය වන පරිදි විශේෂ විගණනයක් ඊයේ(27) ආරම්භ කළේය.

මෙම විගණනයෙන් පසු අතුරුදන් හෝ අස්ථානගත රජයේ වාහන සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා ලංකාදීපයට පැවසීය.

කොළඹ ගාලු මුවදොර පිටියේ දමා ගොස් තිබූ සුඛෝපභෝගී වාහන 110 සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහාද විශේෂ විගණන කණ්ඩායමක් එහි පිටත් කර යැවූ බවද ඔහු සඳහන් කළේය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සමග එක්ව එම විමර්ශනය පවත්වාගෙන යන බව පවසන විගණකාධිපතිවරයා එම වාහන සත්‍ය වශයෙන් පාවිච්චි කළේ කවුදැයි සොයා ගැනීමට අදාල තොරතුරු පරීක්ෂාවද ආරම්භ කළ බව ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන 1794ක් අතුරුදන්ව හෝ අස්ථානගතව ඇතැයි තොරතුරු හෙළිවී ඇත. ඊට මෝටර් රථ 679ක් සහ යතුරුපැදි 1115ක් ඇතුළත් වේ.

මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් වාහන 212ක්ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 880ක්ද තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වාහන 45 ක්ද අතුරුදන්ව හෝ අස්ථානගතව හෝ ඇති බව විගණන විමර්ශන වලදී හෙළි වී ඇත.

ඇතැම් රජයේ වාහන වලට අදාල ලිය කියවිලි පවා අස්ථානගතව ඇති හෙයින් එම වාහන පිළිබඳව තොරතුරු සොයා ගැනීම ලොකු අභියෝගයක් වී ඇතැයි විගණන නිලධාරීහු පෙන්වා දෙති.

මේ අතර රට විරුවන්ට වාහන පර්මිට් 1077ක් ලබාදීමේදීද අක්‍රමිකතා රැසක් සිදුව ඇතැයි තොරතුරු අනාවරණය වූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ඒ සම්බන්ධයෙන්ද සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට භාර දුන් බව විගණකාධිපතිවරයා පැවසීය.

 



අදහස් (18)

රජයේ වාහන 4000ක් උස්සලා

sam Saturday, 28 September 2024 07:47 AM

මයිනලා, සූත්තර පුංචා, හිටන්ලා එකතුවෙලා රටට කරලා තියෙන විනාශයෙන් ගොඩ එන්න සෑහෙන කාලයක් යයි. මොවුන්ට හෙනම ගහන්න ඕනෑ...

:       32       63

SAMAN Saturday, 28 September 2024 09:08 AM

ආණ්ඩුවේ ආයතනවල ඉන්න හොරු හැටියට 4000න් නැවතිලා තිබුණොත් ඇති...

:       0       78

Nimal Saturday, 28 September 2024 09:12 AM

ව්‍යාජව කූඨලේඛන සකසා වාහන පැවරීම කරන සමහර රක්ෂණ ආයතන තියෙනවාද කියලා හිතෙනවා. මම දන්න කෙනෙක් මියගිය වෙලාවේ ඔහුගේ යතුරු පැදිය බිරිඳගේ සහෝදරයා අරගෙන ගියා ලියාපදිංචි සහතිකය ගෙන ගියේ නැහැ. කාලෙකට පස්සේ රක්ෂණ හෝ ෆිනෑන්ස් ආයතනයක් සැකසූ කූඨලේඛන ඉදිරිපත් කර වාහනය අයිතිකරුගේ බිරිඳගේ සහෝදරයා ඔහුගේ නමට ලියාපදිංචි කරගෙන තියෙනවා. ඒ වගේ ඔය වාහන පවරාගෙන ඇති. ඒවා ගැන විගණකාධිපතිගේ අවධානයට යොමුවේවා. රජයේ වාහන අස්ථානගත වෙලා තියේ නම් එම ආයතනවල වාහන භාරනිලධාරි ගැන විශේෂ අවධානයක් කරන්න ඕනෑ සාමාන්‍යයෙන් රජයේ සේවයට ගොස් වසරකින් දෙකකින් වාහන භාරකරුවන් වාහන හිමිකරුවෙක් වෙන්නේ කොහොමද බලන්න...!

:       0       42

Nimal 1 Saturday, 28 September 2024 09:57 AM

වාහනත් නෑ... ඒවාට සම්බන්ධ ලේඛනත් නෑ. කළමනාකරණය කොතරම් හොඳින් සිදුවී තිබෙනවාද?

:       0       57

Rohana Saturday, 28 September 2024 10:17 AM

CID පරීක්ෂණ කරන්නේ නැද්ද?

:       1       51

සමන් විමල් Saturday, 28 September 2024 12:14 PM

හෙහ්! හෙහ් !! ඒක බාරව ඉන්න ලොක්කාටත් නඩු තියෙන්නේ...

:       0       4

සිල්වා Saturday, 28 September 2024 10:41 AM

රජයේ වාහන සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වාහන සංචිත ඇතිකර, විධිමත් ක්‍රමවේදයක් යටතේ රාජ්‍ය නිලධාරීන්ට සහ මහජන නියෝජිතයින්ට රාජකාරි අවශ්‍යතාව පරිදි වාහන නිකුත්කළ යුතුයි. පුද්ගලික වාහන මෙන් රජයේ වාහන පාවිච්චියට තිත තැබිය යුතුයි.

:       1       31

Sirisena Saturday, 28 September 2024 11:29 AM

පනින රිලවුන්ට ඉනිමං බඳින්න කියලා කරන යෝජනාවක් නිසා ඉතාමත් ඉක්මනින් තීරණයක් ගන්නවා නම් හොඳයි...

:       0       21

තොත්ත බබා Saturday, 28 September 2024 12:28 PM

රජයේ වාහන 4000 ක් උස්සලා කියලා තියෙනවා ඇත්තටම රජයේ ඉහළම නිලධාරින් සඳහා වර්ෂ පහකට වරක් රජයට ලැබෙන ආදායම් අඩුකර ගෙන බලපත්‍ර දෙනවා.. කියන්නෙත් වාහන ඉස්සිල්ලක්ම තමයි. ඊළඟට පාවිච්චි කරන වාහනය පුද්ගලික පරිහරණය දෙනවා කියන්නෙත් ඒකමයි උදාහරණයක් හැටියට කාන්තාවක් තමන්ගේ වරප්‍රසාද යටතේ වාහනය පුද්ගලික පාවිච්චියට ගත්තාම සැමියා ඔහුට අවශ්‍ය ආකාරයට වාහනය පාවිච්චියට ගන්නවා ඒවා හරිද? සමහරක් අය නිලරථය අලුත්වැඩියා සඳහා යැව්වාම කුලියට වාහනයක් ගන්න අවසරය ගන්නවා. ඊළඟට කාර්‍යාලයේ පොදු සංචිතයේ වාහනයක් වෙනත් කෙනෙක් නමින් අරගෙන රාජකාරි කරන්න යනවා.. කුලියට අවසරය මත මාසිකව කුලියත් ගන්නවා.. මේක ගැන නීතියක් හදන්න පුළුවන් නම් හොඳයි...

:       0       7

පිටිගල මිලානෝ Saturday, 28 September 2024 12:32 PM

බොහෝ වාහනවල එන්ජින් මාරු කර ඇති බවට තොරතුරු ඇත. සොයා බලා දඬුවම් කරන්න.

:       8       9

NPP එපා Saturday, 28 September 2024 12:59 PM

21ට කලින් මේ කිසි ප්‍රශ්නයක් තිබුණේ නෑ. දැන් තමයි මේ ඔක්කෝම? මේ NPP එක නම්, අනේ මන්දන්නෑ. අපි කොච්චර සතුටින් හිටියාද? අපි රාජකාරියත් කරගෙන, ළමයිවත් පංති දාලා, නෝනයි, එයාගේ යාලුවෝයි ඒ අයගේ වැඩත් කරගෙන හිටියේ. අපිට වෙච්චි දෙයක්...!

:       21       37

සෙනෙවිරත්න Saturday, 28 September 2024 01:45 PM

දැන් වෙයිස් කට් දෙයි මේව කරපු සහ මෙතැන්සිට ඉදිරියටත් මේ ක්‍රමයම කරන්න හිතපු අය මේව මාධ්‍ය සංදර්ශනයක් කියල. ඒත් හිතන්න එපා මේක හිටන්ගෙ කාලෙ කියල ඒ කේ ඩී ජාතියෙ පිනට පහළවුන නායකයා තඹුත්තේගම ගොවිපුතා එහෙම නොකරන බව විශ්වාසයි. මොකද ඔහුට රකින්නට කෙනෙක් නැති නිසා, ජනතාව ඔබ සමගයි

:       30       22

ranjith Saturday, 28 September 2024 01:48 PM

සිනිබදු,සුදුලුනු,මහබැංකු එතනෝල් බැංකුවලට පොලු තියපු එක මේවලේ බොහෝ දේවල් වල පරික්ෂණ කඩිනමින් කරන්න

:       1       0

Chami Abeynayake Saturday, 28 September 2024 02:00 PM

මහින්ද්‍රා බොලෙරෝ ඩබල් කැබ් එකක් ඔය මොන කෙනාටත් හොඳටම ඇති...!

:       0       31

don Saturday, 28 September 2024 02:54 PM

සෙට් එක පට්ට බය වෙලා තමයි තැපැල් ජන්ද දැමිමේ.. දින්නාම ජන්දේ දුන්න හින්දා බේරෙනින පුළුවන් වෙයි කියලා හිතලා

:       2       24

Lontha Saturday, 28 September 2024 08:34 PM

සමිතා මුදුන්කොටුවට ජොනී වාහන 3ක් දීලා කියලා අද කියෙව්වා. ඔය 4000 ඇතුලේ ඒ 3ත් ලියාගන්න...

:       0       0

Surain Saturday, 28 September 2024 11:47 PM

ඕක දාන්න පළමුව හිතලා බලන්න රජයට අයත් වාහන 4000ක් අමාත්‍යාංශවල ලියාපදින්චි කරලා තියෙනවාද කියලා මේවා නිකන් චිත්‍රපටිවල කොටස් වගේ මවන ප්‍රවෘත්ති පමණයි ඡන්ද ගොඩ වැඩි කරගන්න...

:       0       0

duplicate ralahami Saturday, 28 September 2024 11:52 PM

මේවා නම් ඡන්දෙ බලාගෙන ජනතාව අඬවන මවන අලුත් තාලේ ප්‍රවෘත්ති මාධ්‍යත් මේවා රස කරකර දානවා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව අපි ඒ තරම්ම මෝඩයෝද? වාහන 4000ක් වන මේවා විශ්වාස කරන්න මේවා කොස් ඇටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 271 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 209 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 75 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 509 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 713 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site