IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


‘‘රජයේ සේවකයන් ගන්න පඩියට වැඩ නෑ‘‘

 

(අංජුල මහික වීරරත්න)

ලක්ෂ 17ක් වන රාජ්‍ය සේවක සේවිකාවන් නඩත්තු කිරීම සඳහා අවුරුද්දකට වැය කරන රුපියල් ට්‍රිලියන 1.4 ක මුදලට සාපේක්ෂව ඔවුන්ගෙන් රටට-ජනතාවට සැබෑ ප්‍රතිලාභයක් ලැබෙනවා ද යන්න පිළිබඳව සිතිය යුතු යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

රාජ්‍ය සේවක සේවිකාවන් ලක්ෂ 17ක් සිටින අතර රටේ බදු ගෙවන ජනතාවගේ මුළු ආදායමෙන් 76%ක් වැය වන්නේ මේ ලක්ෂ 17 නඩත්තු කිරීමට බව කරුණානායක මහතා කීය.

එනම් අවුරුද්දකට රුපියල් ට්‍රිලියන 104ක් වැයවන බව කී රවී කරුණානායක මහතා එපමණක් නොව ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලන්කන් එයාර් සහ ජාල සම්පාදන මණ්ඩලය ගෙවුණු අවුරුදු හතර ඇතුළත රුපියල් බිලියන 1350ක අලාභයක් ලබා තිබෙන බව සඳහන් කළේය.

මෙි මුදල් ඉතුරු කළා නම් ගෙවල් ලක්ෂ 12ක් හදන්න තිබූ බවද එමෙන්ම රටෙි සෑම පුද්ගලයකුටම රුපියල් 178000ක් ඉතුරු කර ගැනීමට තිබූ බවද හිටපු මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

 



අදහස් (20)

‘‘රජයේ සේවකයන් ගන්න පඩියට වැඩ නෑ‘‘

Chandana Fernando Friday, 12 May 2023 02:54 PM

සහතික ඇත්ත, 25% කැපවීමෙන් වැඩ කරනවා. අනෙක් අය ඉන්නෙම විනෝද සමය වගේ...

:       4       9

ravin Friday, 12 May 2023 03:03 PM

අර 225 කාබාසිනියා කරන මුදලට සරිලන වැඩකොටසක් කරනවද? මෙයාගේ කිඹුල් කඳුළු...!

:       3       11

නිමේෂ් Friday, 12 May 2023 03:10 PM

තම තමන්ගේ ගොට්ටෝන්ට රජයේ රැකියා දීල ,ඔය හැම රාජ්‍ය ආයතනයක්ටම අවශ්‍ය ප්‍රමාණයට වඩා තුන්ගුන්යකින් විතර සේවකයින්ගෙන් පිරෙවුවේ මේ උන්දලා නේද ? රට බංකොලොත් වෙනකන්ම පින් පති සහ ගොලොයෝ ටිකයි එකේ වැරද්දක් දක්කෙ නැහැ ,යහපාලන කාලේ මෙහෙම දෙයක් කියනව කාටවත් ඇහුනද ?

:       3       25

wedage Friday, 12 May 2023 03:12 PM

පනින්න වගේ හදන්නෙ මහබැංකු හොරා

:       3       27

පොඩි.විජේ Friday, 12 May 2023 03:18 PM

අම්මෝ රටට තියෙන ආදරේ. සල්ලි සතයක්වත් වංචා නොකරපු මිනිහෙක් නම් තව කිව්වත් කමක්නෑ

:       3       27

Sunil Friday, 12 May 2023 03:31 PM

මහබැංකුව කොල්ලකෑවොත් නම් රජයේ සේවකයින්ට ඕනෙතරම් මුදල් සොයාගත හැකියි.

:       0       13

චන්දන Friday, 12 May 2023 03:38 PM

මැති ඇමතිවරු නම් වැඩ නේද? අය වැයෙන් භාගයක් ඔවුන්ගේ සාක්කුවල... වත්කම්, බැරකම් පරික්ෂාවක් කළා නම් වැඩකරන හැටි බලාගන්න තිබුණා. මොවුන්ගේ වැඩකිඩ පහුගිය දවස්වල පෙන්නුවානේ... ඕමාන් කාරයාටත් වැඩක් දුන්නේ...!

:       0       8

Vipa Friday, 12 May 2023 03:43 PM

කතාව 200%ක් ඇත්ත... නමුත් කියපු මෑන් තමයි අප්සට් මොකද මෑන් නීලකාදී හොරෙක්...

:       2       8

de silva Friday, 12 May 2023 04:06 PM

හොරා වුණත් කියන්නේ ඇත්ත, රජයේ සේවකයන් 50% අඩු කළ යුතුය. රජයේ සේවකයින්ට ඉලක්ක දෙන්න ඕකේ.

:       2       15

කලුතර මහකරූ Friday, 12 May 2023 04:40 PM

මේ අයගෙන් රටට වැඩක් තියෙනවද? මෙයාව නඩත්තු කරන්න කොච්චර වැයවෙන්න ඇත්ද?

:       0       8

විජේ Friday, 12 May 2023 04:43 PM

"ගත දැවටෙන මේ සීත පවන් රැලි අහෝ සැපයි කීවාලූ// අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම ආශාවක් රවියනි ලැබේද ඉන් සැනසීමක්"

:       1       7

විසිල් Friday, 12 May 2023 05:56 PM

පාර්ලිමේන්තුව ගැනත් කියන්න රවී කරුණානායක. ගොබ්බ දේශපාලකයින්ට සැපගන්න වියදම් වෙච්චි ගාණයි, ඒ ගාන ගොබ්බ දේශපාලකයින් ගණනින් බෙදලා ඒකත් කියන්න. ඒ ඉලක්කම ඔය ඔක්කොටෝම උඩින් ඇති. එක අතකට ඔය කියන ට්‍රිලියන ගාණ රජයේ සේවකයින් අතට ගිය එක හොඳායි. නැත්නම් ඒකත් හොරකම් කරනවා...

:       0       9

ගමේ එකාලා Friday, 12 May 2023 07:12 PM

සියලුම වරප්‍රසාද භුක්ති විඳගෙන ඉන්න දූෂිත දේශපාලුවන් මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ නාස්තිය හැරුණුවිට කරපු වැඩක් නැහැ. කෙරුවේ නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරපු එකයි, රටම කාබාසීනියා කරපු එකයි, හිඟාකන ජාතියක් බවට පත්කරපු එක මිස වෙන මොනවාද? මහ බැංකු බැඳුම්කර හොරාකරපු දේවල් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       0       6

චින්තක Friday, 12 May 2023 07:32 PM

මෙතුමා කියනදේ සහතික ඇත්ත ඒත් රජයේ සේවකයින් ගන්න පඩියට වැඩ නැතිබව දැන දැනම මුදල් ඇමැතිවරයා ලෙසට ඒ වනවිට රජයේ සේවකයින් ලැබූ වැටුප් අවම දහදාහකින් කියලා ලොක්කන්ට නැත්නම් දීප ව්‍යාප්ත සේවාවන් සඳහා දෙගුණයකින් පමණද අනෙක් අයට එයට ආසන්නවද වැටුප් වැඩිකළේ මොකටද කියලා කියන්න මහත්තයෝ...?

:       0       2

Mahasen Friday, 12 May 2023 10:03 PM

මිස්ටර් කිලිනොච්චි නෝද මේ. කියන්නේ කටින්ද මේක කීවේ.

:       0       0

perera Saturday, 13 May 2023 06:25 AM

මහබැංකුව.......................

:       0       0

perera Saturday, 13 May 2023 06:26 AM

හොරුන් තමයි...

:       0       0

විජේ Saturday, 13 May 2023 09:55 AM

විපරීත කාලේ කෙලින්ම හොරාමයි පේන්න කියන්නේ, කොහොමද ටිකිරි මොලේ...?

:       0       1

prasanna Saturday, 13 May 2023 01:37 PM

රජයේ ඉන්නේ දේශපාලන පත්වීම් ලබාගත් අය, මොවුන් ඔක්කොගේම තියෙන්නේ එකම දේ...

:       0       0

රන්මුතුගල Saturday, 13 May 2023 02:03 PM

මරු කියවන්නේ නැතිව ඉන්න... ඇමැතිවෙලා ඉන්න කාලේ ඕවා ගැන මොකුත් කීවේ නෑ නේද? දැන් කිඹුල් කඳුළු හෙලන්නේ... රට හිඟන තත්වෙට වැට්ටුව උන් නඩත්තු කෙරුවෙත් බදු මුදලින් කියලා අමතක වුණාද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 293 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 225 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 79 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 523 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 716 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site