IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


’’රාජ්‍ය සේවය අපට බරක් ’’

(සුජිත් හේවාජුලිගේ )

රාජ්‍ය සේවකයින් සඳහා තව වර්ෂයක් යනතුරු  රජයට  තවදුරටත් මුදල් වැයකිරීමේ හැකියාවක් නොමැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ  2022 අයවැය යෝජනා සමාලෝචනය කිරීම සඳහා අද (13) පැවති මාධ්‍ය හමුවකදීය.

ඔහු එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙසේද සඳහන් කළේය.

"මං හිතන්නේ තව දුරටත් අපි ලොසිංජර දෙන්න අවශ්‍ය නැහැ .අපි අවංකවම පිළිගන්න ඕන මේ රාජ්‍ය සේවය අපට බරක්.මොනම ආකාරයකින්වත් තවත් වර්ෂයක් යනකම් රාජ්‍ය සේවය වෙනුවෙන් මුදල් වැය කිරීමට හැකියාවක් නැහැ.වගකීමෙන් කියනවා නම් රාජ්‍ය  සේවකයන්ගේ සංඛ්‍යාව පුළුල් කරන්නත් අපිට හැකියාවක් නැහැ .නමුත් වාර්ෂිකව විශ්‍රාම යන සංඛ්‍යාව අනුව තරුණ පිරිස ඇතුළු කර ගැනීමට අපි කටයුතු කරනවා" 



අදහස් (24)

’’රාජ්‍ය සේවය අපට බරක් ’’

Bandula Saturday, 13 November 2021 02:59 PM

විශ්‍රාම ගන්වන වයස් සීමාව 65 කළාම බර අඩුවෙයි...

:       0       51

යෝගා Saturday, 13 November 2021 03:04 PM

ඩිජිටල්කරණය තුළින් රජයේ සේවක සංඛ්‍යාව විශාල වශයෙන් අඩු කළ හැකියි. කොහොමත් වැඩි දෙනෙක් අයිස් කඳන්..

:       0       76

MO77Saturday, 13 November 2021 08:29 PM

ප්‍රශ්නය තමයි වැඩි පිරිසක් සිටීම සහ අලුත් වැඩ කිසිවක් නැතිවීම...

:       0       2

ජන හඩ Saturday, 13 November 2021 03:46 PM

අත්‍යාවශ්‍යම සේවා සඳහා සුදුසුම කිහිප දෙනා යොදවා දැනට කාර්යක්ෂම භාවය නොමැති තනතුරු ඉවත් කිරීමේ වරදක් නැත. මෙම ඉවත් කිරීම් සම්බන්ධයෙන් පිළිගත හැකි හේතු ඉදිරිපත් කළ යුතුයි. මෙයට විශේෂ අධිකරණ කටයුතු සඳහා කෙනෙකුට යොමුවීමටද පහසුකම් තිබිය යුතුයි. මොකද කිව්වොත් හැම රජයේ කාර්යාලවලම කිහිප දෙනෙක් මැරීගෙන වැඩ කරනවිට සමහර අය කෑම පාර්සලය සහ උණුවතුර බෝතල් අතැතිව බොහෝ කාලයක් මිඩංගු කරන අතර ජනතාව රස්තියාදු කිරීමට අති දක්ෂයි...

:       1       72

ramaSunday, 14 November 2021 07:30 AM

මෙ කතාව හරියටම හරි. උදාහරනයක් ලෙස කලුතර කච්චේරි ගොඩනැගිල්ලේ සේවය කරන අයව ගන්න​. දවල් 11.30 වෙන්න ඉස්සෙල්ලා කට්ටියක් පිටවෙනවා කලුතර නගරයේ පාසල්වල ප්‍රාථමික පන්තිවල ඉගෙන ගන්න දරුවන්ව ගන්න​. දවල් එක් පහුවෙනකොට තව කට්ටියක් යනවා. 1.30ට ඇරෙන දරුවන් ගන්න​. ගිහින් එක්කන් ඇවිත් දරුවන් කාර්‍යලයේ තියාගෙන වැඩ කරන්නේ. මානුෂික හේතු උඩ කමක් නෑ කියමුකෝ. නමුත් ඒ වැඩේ එතනින් නතරවෙන්නේ නෑ. ගොඩක් අය ඒ දරුවන් සමගම කලුතර නගරයේ සැරිසරලා ආපහු කාර්‍යාලයට එන්නේ. ඊගාවට​, හවස් වරුවේ සෑහෙන ප්‍රමානයක් මේසවල දරුවො වැඩ කරන්නේ. අම්මලා තාත්තලා නෙවෙයි. කලුතර ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ වැඩ කරගන්න ගිය කෙනෙක් හැටියට මේවා නිසා සෑහෙන්න රස්තියාදුවුනු කෙනෙක් හැටියට මම මේ දේවල් ඇස් දෙකෙන් දැකලා තියෙනවා. හැබැයි ඒ වගේම මහන්සිවෙලා වැඩ කරන අයත් ඉන්නවා. සමහරක් වෙලාවට ඒ අයව අර නිකම්මු සමච්චලයට භාජනය කරන හැටිත් දැකලා තියෙනවා.

:       1       5

අගුපිලගේ Saturday, 13 November 2021 03:51 PM

ඕක රනිල් කියනකොට එකඑක සංගම් ලවා විරෝධතා කෙරෙව්වේ කවුද අපි අධ්‍යාපන සුදුසුකම් නැතුව ලක්ෂයකට රැකියා දෙනවා කිව්වේ කවුද දැන් ඔය පළිගැනීම්වලට කියලා කරන්නේ මොකක්ද?

:       3       62

dhamneth Saturday, 13 November 2021 04:15 PM

රාජ්‍ය සේවයට වඩා බරක් නොවෙයිද මේ වෙනත් ආයතන හා මණ්ඩල.. රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරියෙකුට දෙන වැටුප වගේ දහගුණයකටත් වඩා වැටුපක් ගන්න සේවකයින් මේ ආයතනවල ඉන්නවා..මේ පුවතින්ම බලන්න ආයෝජන මණ්ඩලයේ 7 දෙනෙකුටය ගෙවන වැටුප කීයද කියලා..

:       3       55

swene Saturday, 13 November 2021 04:30 PM

මහා මැතිවරණය ජයග්‍රහණය කිරීමට, මතක නැද්ද රක්ෂා දහස් ගණනක් දුන්නා? පත්වීම දෙන්න කලින් ඔවුන්ට රාජකාරි තිබෙනවාද කියල බැලුවද? එමගින් තවත් බර කළා නේද?

:       0       57

සලීම්Sunday, 14 November 2021 11:47 AM

ඔයාගේ කතාව සහතික ඇත්ත. මේ පාලකයෝ තමයි රාජ්‍ය සේවය ඡන්දයක් දිනපු ගමන් හෙන්චයින්ගෙන් පුරවල පුරවල පඩි ගෙවන්න බැරිවෙන තරමට විනාස කරලා දැම්මේ. දැන් මේ බොරු බේගල් කියලා අපිව රවට්ටන්න හදනවා. මේ පාලකයෝ ඉන්නකම් අපේ රටට ගොඩ ඒමක් නැහැ.

:       0       8

Saman Saturday, 13 November 2021 04:41 PM

සහතික ඇත්ත... රාජ්‍ය සේවයේ 2/3ක් පින්පඩි කායින්.. උනන්දුවෙන් වැඩ කරන සුළු පිරිස නිසා තමයි ආයතන දුවන්නේ...

:       0       41

Sanju Saturday, 13 November 2021 05:03 PM

ඔබට සතුටුයිද දැන්? එන්න කිරිබත් කමු...

:       38       25

අප්පුහාමි Saturday, 13 November 2021 05:18 PM

රාජ්‍ය සේවය බරක් නම් සේවා කාලය 65 දක්වා වැඩිකලේ ඇයි? විශ්‍රාම යාමෙන් ඇතිවන පුරප්පාඩු පුරවනවා කිව්වට සේවා කාලය 65 කළ නිසා තවත් අවුරුදු පහකට පුරප්පාඩු ඇතිවෙන්නේ නැහැ.. වත්මනේ රැකියා අපේක්ෂා කරන තරුණයින්ට අබ සරණයි. නැවතත් තරුණ කැරලි ඇති නොවේවා.. රජයේ සේවය රටට බර වැඩිනම් කැමති කෙනෙකුට විශ්‍රාම ගන්න සලස්වන ක්‍රමයක් ඇතිකළ නොහැක්කේ ඇයි? මමත් විශ්‍රාම ගත් අයෙක්... විශ්‍රාම ගැනීමට පසුව තමා තවත් කලින් විශ්‍රාම නොගැනීමේ පාඩුව දැක්කේ. එකම දෙයකට වහල්ව නොසිටින ඕනෑම කෙනෙකුට කලින් විශ්‍රාම ගැනීම ප්‍රයෝජනයක් වෙනවා...

:       18       36

SL Saturday, 13 November 2021 05:33 PM

උපන් දා ඉඳලා රජයේ වියදමින් උගන්වලා, සරසවියටත් අරන්, ඒකෙන් අයින්වුණාම රජයේ රැකියා ඉල්ලා හිඟාකන කල්ලිය. ඡන්ද ගන්න රජයේ රැකියාවලට වැඩකට නැති පිරිසක් අැතුල් කරගන්න දේශපාලනය කරන හොරුන් රාජ්‍ය සේවයම රටට බරක් කරා. දැන් පඩි ගෙවා ගන්න බදු ගහනවා.. සල්ලි අච්චු ගහනවා...

:       2       59

ඉන්දික Saturday, 13 November 2021 05:51 PM

අල්ලපු මෙසේ තියන ෆයිල් එක ළඟ තියන මෙසේ උඩින් තියන්නත් පාගා දෙන්න සිද්ද වෙන රාජ්‍ය සේවයක් තමා මෙහෙ තියෙන්නේ... තමන්ගේ කොට්ඨාශයේ ඉන්න ඡන්දෙ දුන්නු මිනිස්සු සතුටු කරන්න රස්සා දීලා අද තෙල් සංස්ථා, වරාය, ලංගම, ප්‍රා.ලේකම් කාර්යාල, දුම්රිය, රෝහල් වගේ තැන්වල කී දෙනෙක් ඉන්නවාද කියලා බලන්න... කිසිවැඩක් නොකර පඩි ගන්න.. මේක දැන්වත් කරන එක හොඳයි. මොකද IMF ලෝන් එක ගන්න කොන්දේසියක් තමයි මේක...

:       0       58

sas Saturday, 13 November 2021 07:22 PM

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මිනිසුන්ගේ වැටුප් බලන්න. ඔවුන්ගේ වැටුප් දැකීමෙන් මුළු රටම පුදුමයට පත්වනු ඇත. සාමාන්‍යයෙන් එක් අයෙකු මාසික දීමනා වශයෙන් රුපියල් 250,000ක් පමණ උපයයි..! එය රජයේ මාසික වැටුපට සහ සාමාන්‍ය ජීවන වියදම් දීමනාවලට අමතරවයි...

:       0       2

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 13 November 2021 08:49 PM

රාජ්‍ය සේවය බරක් නොවී තියේවිද? ඡන්දෙට වැඩකරපු හැත්ත බුරුත්ත බුරුතු පිටින් දාලා ඇඟිල්ලක් ගහන්න බැරිවෙන්න පිරෙව්වාම.. කොයි රජය කළේත් මේකම තමයි. ඒ වගේම පාර්ලිමේන්තුවත් රටට විශාල බරක්. රටේ ජනතාව හිඟාකකා දේශපාලකයින්ට සුරලෝක මවා දෙනවා...

:       0       5

අප්පු Saturday, 13 November 2021 11:07 PM

අපිට බරක් වුණේ නුඹලා 225 තමයි බං...

:       0       3

nima Sunday, 14 November 2021 01:34 AM

ඇත්ත. ලංකාවේ වගේ තරම් රාජ්‍ය සේවකයින් ඉන්න එහෙත් අකාර්යක්ෂම සේවයක් ඇති එකම රට වෙන්න ඇති. මේක ලංකාවේම ඉන්න කෙනෙකුට පේන්නේ නැහැ. මේ ක්‍රමය ඇත්තටම වෙනස් කරන්න ඕනෑ.

:       0       3

විපරමා Sunday, 14 November 2021 01:57 AM

ලෝකයේ කිසිම රටක නැති පවුලේ ආණ්ඩුවත්, මෙගා මැති ඇමති මණ්ඩලයත් රටටම බරක්?

:       0       1

ලලිත් අම්බලන්ගොඩ Sunday, 14 November 2021 05:58 AM

පළාත් සභාවයි, අසිමිත ඇමති මණ්ඩලයයි තරම් වෙන කිසිවක් බර නැහැ. ඒ වගේම පාර්ලිමේන්තු මන්තිවරුන්ගෙ මෙන්ම ඇතැම් රාජ්‍ය නිලධාරින්ගෙ පවුල් පිටින් නඩත්තු කරන්න වෙලා තියෙන්නෙත් අසරණ මහ ජනතාවට. ඉස්සෙල්ලම ඒ බර සැහැල්ලු කරන්න.

:       0       3

මසිරිපාල Sunday, 14 November 2021 06:37 AM

රජයේ සේවය රටට බරක් කියනකොට ඒ සමගම අනවශ්‍ය වියදම් කිරීමද පෙන්නන්න පුළුවන් ඇත්තටම ළමා නිවාස වැඩිහිටි නිවාස විවිධ පුද්ගලයින් ආරම්භ කරන්නෙ පුන්‍ය කටයුතු කියලා වුනත් පරමාර්ථය ආදායම් ලැබීම ඉතින් මේවා අධීක්ෂණය වරදක් නැතත් ඒවා නඩත්තු කිරීමට රජය වැය කරන්නෙ ඇයි. ළමයින් හෝ වැඩිහිටියන් හතර පස්දෙනෙකු සිටියත් රජයේ වාහන කීපයක් යොදාගෙන නිළධාරින් හතක් අටක් නිවාඩු දිනවල කරන අධීක්ෂණ මොනවාද දින වැටුප් අතිකාල ගමන් වියදම් ඉන්ධන කොපමණ වැය වෙනවාද මේවත් රටට බරක් නැද්ද මේවා පළාත් සභා නිසා ඇතිවුණු අනවශ්‍ය වියදම්.

:       0       3

Rocky Sunday, 14 November 2021 06:44 AM

ආයෝජන මණ්ඩලේ මිලියන ගණන් වලින් වැටුප් ලබන හෙන්චයියන් ටික රටට බරක් නොවෙයිද.?

:       0       3

lalith Sunday, 14 November 2021 07:53 AM

රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැනීමේ කාලය දිගු කිරීම දෙආකාරයක ආර්ථිකමය ප්‍රති විපාක ගෙන දෙන්නක්. අවුරුදු 25ක් වයසකින් සේවයට එන අයකු පාලම් වසර කිහිපය තම සේවාවට හුරු වීමට ගත කල පසු වසර 20-30 සේවයකින් පසු විශ්‍රාම ගනී. දැනට ලංකාවේ සාමාන්‍ය ආයු කාලය වසර 87 කි. ඒ අනුව වසර 25-30ක් සේවය වෙනුවෙන්, එම පුද්ගලයා විශ්‍රාම ගිය පසු, සිය දක්ෂතාවයෙන් තොර, බදු මුදල ගෙවන්නගේ අනුග්‍රහයෙන් තවත් අවුරුදු 30-40 වැටුපක් ලබයි. අඩුම තරමින්, ඔහුනට වැඩකළ හැකි වයස 60-65 දක්වා හෝ සේවය ලබා ගන්නේනම්, එම පිරිවැය දරා, ඔහුන්ගේ සේවය ලබා ගත හැකියි.

:       0       2

ලක්මාල් Sunday, 14 November 2021 11:30 AM

රජයේ සේවකයො කියන්නෙ තනිකරම පිං පඩි කාරයො.. වැඩක් කරගන්න ගියාම ගෑස් බලන්න ඕනේ. පැය ගනන් රස්තියාදු කරවලා තමා අපේ වැඩේ කරලා දෙන්නෙ. එහෙමත් නැත්තං එක වැඩේට දවස් තුන හතරක් යන්න ඕනේ. මම නම් කියන්නෙ ඔය තියෙන වරප්‍රසාද , දීමනා හැම දෙයක්ම කපන්න ඔනේ... පෙන්ශන් එකත් නැති කරන්න ඕනේ. වැඩ වේලාව උදේ 7.30 - හවස 6.30වත් කරන්න ඕනේ.

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 223 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 292 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 345 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 270 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 313 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 3045 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25025 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18849 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 367 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1839 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site