IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


රජයේ හෙද නිලධාරීහු අඩ පැයක් සේවයෙන් ඉවත් වෙති

(අංජුල මහික වීරරත්න)

රටේ දුක් විඳින අහිංසක ජනතාව වෙනුවෙන් හරියට ප්‍රතිකාර කිරීම සඳහා පහසුකම් දෙන්නැයි ඉල්ලමින් අද (3) දහවල් 12 සිට 12:30 දක්වා සේවයෙන් බැහැර වී සියලු රෝහල් වල නිහඬ උද්ඝෝෂණයක් කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති විසිහතරක් මෙම විරෝධතාවයට එක් වන බව කී රත්නප්‍රිය මහතා මීට සමගාමීව දිවයිනේ ⁣රෝහල් නවයක හෙට පෙරවරු 7 සිට දහවල් 12 දක්වා පැය පහක් සේවයෙන් බැහැර වී විරෝධය පළ කරන බව ද සඳහන් කළේය.⁣ කෙසේ වෙතත් මෙම විරෝධතාවයේදී කොරෝනා වාට්ටුවල ප්‍රතිකාර කටයුතු වලින් ඉවත් වීමක් සිදු නොවන බව ද රත්නප්‍රිය මහතා කියයි.

කොළඹ ජාතික රෝහල, මහනුවර රෝහල, පේරාදෙණිය, අනුරාධපුර ,කරාපිටිය, යාපනය, මඩකලපුව ,කලුබෝවිල සහ රත්නපුර රෝහල්වල පෙරවරු හතේ සිට දහවල් 12 දක්වා පැය පහක් සේවයෙන් බැහැර වී සිටීමෙි විරෝධතාවයක් පවත්වන බව කී රත්නප්‍රිය මහතා සෞඛ්‍ය සේවකයන් ඉල්ලා සිටින්නේ ගෙදර ඉන්න අවස්ථාවක් නොව වැඩ කරන්න අවස්ථාවක් යැයිද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට N 95 මාක්ස් එකක්වත් දෙන්නට ආණ්ඩුව අසමත් වී ඇතැයි ද පැවසීය.

 



අදහස් (7)

රජයේ හෙද නිලධාරීහු අඩ පැයක් සේවයෙන් ඉවත් වෙති

යාපා Thursday, 03 June 2021 04:26 AM

මේ අර මාස 5ට යහපාලනෙන් පාර්ලිමෙන්තු ගිහින් කෝටි ගණන්වල සියලුම වරප්‍රසාද ගත්ත කෙනා නේද? රෝහල් 7යි නේද එකතු කරගන්න පුලුවන් වුනේ...?

:       0       0

JAYATH Thursday, 03 June 2021 07:03 AM

ඔව් ගොන්නුන්ට මීහරකුනට කතාකරන්න ඕන උන්ට තේරෙන භාෂාවෙන් හැබැයි ඉස්සර අර ගොම සංගමය වගේ අහිංසක රෝගී ජීවිත බිල්ලට නොගෙන කරනදෙයක් කරලා " මම තමයි පොර " කියන මානසිකත්වය නැතිකරලා රටට වැඩක් කරන තැනකට මේ ආණ්ඩුව සහ එකේ නායකයින් දක්කාගෙන යන්න ඕන . නත්නම් මේ විදියට ගියොත් මහත් මිනිස් සංහාරයක් වේවි ( දැනටමත් පැයකට එක්කෙනෙක් මැරෙනවා ( උපුටනය : සන්ඩේ ටයිම්ස් පත්‍රය )

:       19       9

Sri Lanka Thursday, 03 June 2021 07:27 AM

කොහොමත් රජයේ අය වැඩ කරන්නේ දවසින් බාගයයි

:       0       0

මැක්ස් Thursday, 03 June 2021 09:59 AM

දවස් 2-3ක් පර්ලිමේන්තු ගිහින් v8 එකක් ගත්ත කුප්‍රකට ඇන්ජීඕ කාරයකු ප්‍රමුකව කරන ඉල්ලීම් එතරම් ගණනකට ගත යුතු නොවේ.

:       5       29

මාතර සත්‍යපාල Thursday, 03 June 2021 03:26 PM

අනේ බයිලා නොගහ ඉන්න මහත්තයා. ඔයා තමයි නියම පොර. මතක් වෙනකොට ඔක්කාරයට එනවා. චික් විතරක්... මහජන බදු මුදලින් කෝටි ගාණක වාහනයක් අරන් පොරක් වෙන්න හදනවා. ලැජ්ජා නැද්ද හලෝ...?

:       0       1

nanda Thursday, 03 June 2021 08:01 PM

අතීතය අමතක වෙච්ච ආත්මාර්තකාමියෙක් නේ...!!!

:       0       1

දිලාන් Thursday, 03 June 2021 08:23 PM

මේවගේ බංකොලොත් දේශපාලන පක්ෂෙක, බංකොලොත් මන්ත්‍රී කට්ටෙක් මහා පුටුවේ ඉඳගෙන, රටම කෝවිඩ් වසංගතයෙන් බැට කන මොහොතක මේ විදියට පාරවල්වල පිස්සු නටලා අර උතුම් "නයිටින්ගේල්" නාමයටත් අපහාස කරන්න එපා..

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 282 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 556 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1328 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 1888 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 446 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 374 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 38 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 435 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1362 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site