IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම් දෙති

කැබිනට් නොවන අමාත්‍යවරු  තිදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 17 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 07 දෙනෙක් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
 

කැබිනට් නොවන අමාත්‍යවරු 

01- හර්ෂ ද සිල්වා මහතා  - පොදු සැපයීම් හා ආර්ථීක ප්‍රතිසංස්කරණ   අමාත්‍ය

02- අජිත් පී. පෙරේරා මහතා - ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය

03- සුජීව සේනසිංහ මහාතා - විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය 

 

රාජ්‍ය අමාත්‍යවරු

04- රන්ජන් රාමනායක මහතා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

05- විජයකලා මහේෂ්වරන් මහත්මිය - අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

06- ජේ.සී. අලවතුවල මහතා - අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා
හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

07- ඉරාන් විරක්‍රමරත්න මහතා - මුදල් රාජ්‍ය අමාත්‍ය

08 රංජිත් අලූවිහාරේ මහතා - සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 

09- වසන්ත අලූවිහාරේ මහතා - කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය

10- ලකී ජයවර්ධන මහතා නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය

11- නිරෝෂන් පෙරේරා මහතා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය

12- රුවන් විජයවර්ධන මහතා - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

13- චම්පිකා ප්‍රේමදාස මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය

14- අශෝක අබේසිංහ මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය

15 ෆයිසාල් කාසීම් මහතා - සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය

16- එච්.එම්.එම්. හාරීස් මහතා - පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

17- අමීර් අලී මහතා - කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය

 

18- දිල්ප් වෙදආරච්චි මහතා - ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

19- ඒ. ඉසෙඩ්.එම්. සෙයිඩ් මහතා - සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය

20- වඩිවෙල් සුරේෂ් මහතා -  වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය 

 
නියෝජ්‍ය අමාත්‍යවරු 

21 අනෝමා ගමගේ මහත්මිය - ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

22- එඩ්වඩ් ගුණසේකර මහතා - ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු , නියෝජ්‍ය අමාත්‍ය 

23- නලින් බණ්ඩාර ජයමහා මහතා - සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය

24- අජිත් මාන්ප්පෙරුම මහතා - පරිසර නියෝජ්‍ය අමාත්‍ය

25- කරුණාරත්න පරණවිතාන මහතා - නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය

26- බුද්ධික පතිරණ මහතා - කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු නියෝජ්‍ය

27- පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා - සමාජ සවිබල ගැන්වීම නියෝජ්‍ය අමාත්‍ය



අදහස් (32)

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම් දෙති

Hafeel Friday, 21 December 2018 01:37 PM

විජයකළා, රවී කරුණානායක ආපහු ඇමති වුණා. දැන් මේ ආණ්ඩුවට විජේදාස පමණයි අඩු. ඇයි ඔවුන්ට ඉල්ලා අස්වෙන්න කියලා, ඔවුන්ව චාටර් කළේ?

:       63       255

sirimal Friday, 21 December 2018 01:46 PM

පහුගිය සැරේ වගේ දවසට එක්කෙනා ගානේ නෙවේද?

:       2       125

Sanath KandyFriday, 21 December 2018 07:42 PM

කෝ මේ වසන්ත සේනානායක?

:       0       0

Hafeel Friday, 21 December 2018 01:50 PM

කෙසේවෙතත් මේ ජනාධිපති වාර්තා ගණනාවට හිමිකම් වුණා. වැඩිම අගමැති, ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමතිලා දිවුරුම් දීලා තියන්නේ මෙයාගේ ඉදිරියෙන්. ඒ වගේම ගැසට් පත්‍ර ගණනාවක් නිකුත් කළා...

:       8       178

sandy123Saturday, 22 December 2018 02:15 PM

ඒ දවස් වල සින්දු කැසට් වගේ දැන් පාර්ලිමේන්තු ගැසට්.... නහයෙන් අඩන ගායකයා සිරිසේන.

:       0       0

ගල්කටස් Friday, 21 December 2018 01:58 PM

වන්ෂොට් අයියට දෙන්න තිබුණේ අධිකරණ අැමතිකම... දූෂණය නැති කරන්නයි, කලින්ම නඩු තීන්දු දෙන්නයි එයා හරි දක්ෂයෙක්.. .

:       727       588

sandy123 Friday, 21 December 2018 02:26 PM

දැන් මේ සෙල්ලම එපා වෙලා. මොකද මේ අලුතෙන් පටන් අරන් තියෙන රාජ්‍ය ඇමති පට්ටම. ඉස්සර ඇමතිවරු සොච්චමක් සහ නියෝජ්‍ය ඇමතිවරු සොච්චමක් හිටියේ රට පාලනය කරන්න. දැන් එකට මොන පක්ෂේ දිනුවත් ඔක්කොම ඇමතිවරු... හරියට ඉන්දියාවේ උපාධිදාරියෝ වගේ. පඳුරකට ගැහුවත් සූ ගාලා විසිවෙන්න තරම් ලංකාවේ ඇමතිවරු. කාගේ සල්ලිද? මේ ඔක්කොම නඩත්තු කරන්න යන්නේ? JVP වහාම මේකට මැදිහත් වෙන්න...

:       63       596

NishanthaFriday, 21 December 2018 04:29 PM

ජේවීපී ආණ්ඩුවක් පත් කරනම් ඉවරයිනේ. එතකොට මැදිහත් වෙන්න ඕනේ නැහැනේ...

:       0       0

nuwanFriday, 21 December 2018 07:08 PM

හාමුට රිදෙන්නේ නැත්නම් මැදිහත් වෙයි. හාමුගෙන් අහලා කියන්නම්.

:       0       0

samanFriday, 21 December 2018 09:29 PM

මේ ඇමති පට්ටමක් කියන්නේ තනතුර විතරක්ම නෙමෙයි. වෙනම කාර්ය මණ්ඩලයක්, වෙනම වැටුපක්, යානවාහන ආදී විශාල මුදල් කන්දරාවක්. මේ සේරම වවාගෙන කන්නේ ජනතාවගේ බදු මුදල්. පසුගිය අවුරුදු තුනේම ඔය තනතුරු දීල භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කලත් රටට කරපු වැඩක් නැහැ. ඒ සේරම මුදල් මේ අය හේ සැප සම්පත් වෙනුවෙන්ම වියදම් කලා. දැන් මේ රට වැටිලා ඉදිද්දීත් තවත් රාජ්‍ය ඇමති තනතුරු දීල කරන්නේ රටේ භාණ්ඩාගාරයට තවත් විදින එකයි. මේ තනතුරු දෙන්නේ ලොක්කට එහෙයි කියන්න කප්පමක් විදියට. නැතුව රටට වැඩක් ඇතුව නෙමෙයි. මේ සේරම කරද්දීත් අපේ මෝඩ මිනිස්සු තවත් මුන් පස්සේ යමින් හුරේ දාන එක දකිනකොට හිතෙන්නේ ඔන්න ඔහේ වෙන දෙයක් වෙන්න ඇරලා අපිත් රට ඇත ඇරලා ගියානම් හොඳයි කියලයි.

:       0       0

Dilan Saturday, 22 December 2018 02:25 AM

ජේවීපී එක මදිහත් වෙලා තමයි මේක කළේ.

:       0       0

NishanathSaturday, 22 December 2018 07:20 AM

රටේ බහුතරය හැම ප්‍රශ්නයකටම ජවිපයට මැදිහත් වෙන්න කියනවා.. ඡන්දෙ දෙන්නේ නෑ හරි පුදුම රටක් මේක...

:       1       134

lakmalSaturday, 22 December 2018 11:18 AM

මම නම් හිතන්නේ නැහැ රටේ බහුතරය ජවිපයට හැම ප්‍රශ්නයකටම මැදිහත් වෙන්නට කියනවා කියා.

:       2       25

sandy123Saturday, 22 December 2018 12:22 PM

නිශාන්ත - ඔබේ ප්‍රතිචාරයට ඔබට තුති! අපි වෙනස් කරමු ඒ ක්‍රමය... මෙවර ඡන්දය දෙමු ජනතා විමුක්ති පෙරමුණට. ඔබ එකඟද?

:       136       106

sanath w.aSaturday, 22 December 2018 01:21 PM

නිශාන්ත මහතා සතුටුයි JVP එක මතක් වුණාට.. පක්ෂය තේරුම් අරගෙන පක්ෂය ඡන්දය පාවිච්චි කරන්න බොරු ප්‍රචාරයන් වලට රැවටෙන්න එපා ඔබ නොකීවත් එය කතාකරාවි.

:       0       0

shehan yapaMonday, 24 December 2018 05:06 AM

ජෙඑවීපී 1 ට දුන්නත් යූඑන්පී 1 ට දුන්නත් එකයි. හාමු බේරන්න සැදී පැහැදී ඉන්නේ.

:       0       0

lankmal Friday, 21 December 2018 05:05 PM

දැන් මේ ඇමතිලා, නියෝජ්‍ය ඇමතිලා, රාජ්‍ය ඇමතිලා පත් වුනහම රට කිරි පැණියෙන් උතුරලා යයි. රටේ මිනිසුන්ට තුන්වේල හරියට කන්ට නැති උනත්, මේ නඩේව නඩත්තු කරන්ට බදු ගෙවන්ට ඕනේ. ලංකාවේ ඡන්දදායකයින්ට මේවා කවදා වැටහෙයිද?

:       0       0

rohana kumara mendis Friday, 21 December 2018 06:10 PM

අනේද කියන්නේ සුද්දා එකම එක අග්‍රාන්ඩුකාරයෙක් දම්මලා කරපු රටට අද ඉන්න කට්ටිය පාලනය කරන්න කෝ එත් තාමත් රට එතනමයි නේ

:       0       0

රවනි Friday, 21 December 2018 06:44 PM

හරිම අසාධාරණයි. ජනරාල් සරත් ෆොන්සේකා මැති තුමා ට, රට වෙනුවෙන් කල සේවය ,පක්ෂය වෙනුවෙන් කල සේවය සලකා වහාම ඇමති තනතුර දෙන්න

:       0       0

tharindu Friday, 21 December 2018 06:50 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගමැතිවරයා නමින් ඉදිරිපත්කල අය පත්නොකලේ මන්ද ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ජනාධිපති එයාට ඇමතිකම් කීපයක් දරන්න පුළුවන්. අනිත් අයට ඇයි මේ. අනිත් කාරනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නායකයා රජයේ නායකයා වේ ඒවගේම ඇමතිකමුත් දරද්දී .... කොහොමද එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂව විරුද්ධ පක්ෂයේ නායකයා වෙන්නේ ශ්‍රී ලංකාවේ වර්තමාන විධායකයාගේ නීතිය මොන්ටසොරි ළමයිනුත් සිනාසේ

:       0       0

kamil Friday, 21 December 2018 06:58 PM

විවස්තා දායකයාගේ බලය විධායකයා උල්ලංගනය කරලා අගමැති නම්කරපු නම් කපන්නේ කොහොමද අධිකරණයෙන් ඉක්මනින් මතය විමසිය යුතුයි .

:       0       0

chanak los angeles Friday, 21 December 2018 10:58 PM

අර දෙපැත්ත කකා ඉන්න සරත් අමුණුගම විසිවෙලා වගේ

:       0       0

smn Saturday, 22 December 2018 12:25 AM

මේ විසි හත් දෙනාටත් අපේ සුභ පැතුම්!

:       0       0

Soma dubayi Saturday, 22 December 2018 01:18 AM

සුබ පැතුම්, යහපාලන ඉලක්ක ජය ගනිමින් 2020 දී සංවර්ධිත රටක් බවට පත් කිරීමට හැකියාව ලැබේවා.!

:       0       0

ජාලිය Saturday, 22 December 2018 02:17 AM

දින 52කින් විජයකලාට ඉසෙල්ලා තිබිණු ඇමතිකම නැතිකරපු හේතුව දැන් ලංකාවේ හැමෝටෝම අමතක වෙලා ඇති කියලද මේ ඔක්කොම හිතන් ඉන්නේ ?

:       0       0

දිලුම් Saturday, 22 December 2018 02:37 AM

එතකොට අර ව්‍යවස්ථාවේ තියන ඇමතිහොරු 30ට රාජ්‍ය ඇමතිවරු හා කැබිනට් නොවන කියන අය ඇතුලත් නැද්ද. ඒ අය වෙනම ජාතියක්ද.

:       0       0

nilantha Saturday, 22 December 2018 03:52 AM

තේරුමක් නැති ඇමති පට්ටම්. රට ගැන හිතනවට වඩා, තරහ කරගන්න බැරි කමට ඇමති පට්ටම් හදලා රටක් ගොඩ ගන්න බෑ. මම හිතන්නේ දැන්වත් ජවිපෙ වගේ පක්ෂෙකට ඡන්දෙ දීල බලන්න වෙනවා, මේ පක්ෂ දෙකම අපේ රට ආපස්සට දාපු එකමයි කරලා තියෙන්නේ, දැන්වත් වෙනස්වෙන්න එක වතාවක් ජවිපෙට ඡන්දෙ දීලා බලන්න.

:       0       0

Raveendra Saturday, 22 December 2018 03:53 AM

මේ හිගන මහජන නියෝජිතයන්ටත් මහජන මුදල් වලින් හැකි ඉක්මනින් උපරිම පහසුකම් දෙමු නේද ? නැත්නම් හැම වෙලාවේම අඩාගත්ත ගමන්මයි ඉන්නේ මට අරක නැහැ මට මේක නැහැ මුළු රටම මස්තබාල්දු වෙනවා 225 ම අදෝනාව නිසා.

:       0       0

d.upul Saturday, 22 December 2018 05:24 AM

මේ කාටවත් ඇමති පට්ටම් නැතිව වැජබෙන්න අමාරුයි. දැන්වත් අපි විකල්පයක් ගැන හිතමු.

:       0       0

rama Saturday, 22 December 2018 08:25 AM

J.V.P. එක මැදිහත් වෙලා තමයි විසිරවපු ආණ්ඩුව අමාරුවෙන් ආයේ හදලා දුන්නේ රනිල්ට.

:       0       0

lanka Saturday, 22 December 2018 10:04 AM

අලුත් සෙට් එකක් ඇවිල්ලා හොඳට හම්බ කරගෙන යයි. හැබැයි ඉතින් මේ අයට ඡන්දෙ දෙන අය නම් හැමදාම එකතැන.

:       0       5

Ashan Saturday, 22 December 2018 01:45 PM

නොදන්න නිසයි අහන්නෙ රාජ්‍ය ඇමති කියන්නෙ කවුද? ඔවුන්ගේ රාජකාරිය මොකක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පසුගිය මාස 4ට වෙඩි තැබීම් 37ක්: 26ක් මරුට
2025 අප්‍රේල් මස 23 122 1

මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.


ප්‍රහාරයේ වගකීම බාර ගනී
2025 අප්‍රේල් මස 23 565 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන


’’ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න ජනතාව බලා ඉන්නවා’’
2025 අප්‍රේල් මස 23 291 3

බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ඩෑන් ප්‍රියසාද් ඝාතනය සිද්ධියට පිය - පුත් දෙපළකට විදෙස් තහනමක්
2025 අප්‍රේල් මස 23 1458 1

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්


ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්
2025 අප්‍රේල් මස 23 302 1

නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.


ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනියි
2025 අප්‍රේල් මස 23 302 0

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 636 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 323 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 472 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site