(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් අතට පත්ව ඇතැයි මව්පියෝ පිරිසක් චෝදනා කරති.
ප්‍රශ්න පත්‍ර පිටවමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් පවත්වන පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට උපදෙස් දුන් බව උතුරු මැද ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා ඊයේ(09)
දින පැවසිය. උතුරු මැද පාසල්වල 10 වන ශ්‍රේණියේ සිසුන් සදහා පෙරේදා(08)දින විද්‍යා විෂය සදහා පාසල් වාර විභාගය පැවති අතර ඊයේ
(09)දින තොරතුරු හා සංනිවේදන විභාගය පැවැත්වුණි. එහෙත් මෙම විභාගය පැවැත්විමට පෙර ඉහත ප්‍රශ්න පත්‍ර දෙකම පොළොන්නරුව හා හිගුරක්ගොඩ යන ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වන ගුරුවරු විසින් එම ගුරුවරු තමන්ගේ උපකාරක පන්ති සදහා සහභාගි වන සිසුන්ට ලබාදි ඒවාට පිළිතුරු ලියවා ඇති බවට දෙමාපියෝ චෝදනා කරති.
මෙම ප්‍රශ්න පත්‍ර දෙක විභාගයට ප්‍රථම උපකාරක පංති පවත්වන ගුරුවරුන් අතට පත්ව තිබු බව තමන්ටද ලද තොරතුරුවලින් තහවුරුවු බව මේ සම්බන්ධයෙන් සිදුකළ විමසුමේදි ලංකා ගුරැ සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසිය.
මේ සම්බන්ධයෙන් තමන් සාක්සි සහිතව උතුරැ මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විභාග අධ්‍යක්ෂකවරයාට ඊයේ(09)
දින පැමිණිලි කළ බවත් හෙතෙම පැවසිය.
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?