(චාපා මධුභාෂිණී)
පොලොන්නරුව ජාතික වකුගඩු රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට ප්‍රමාණවත් තරම් ඖෂධ නොමැතිකමින් තමන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි වකුගඩු රෝගීහු පවසති.
මෙම රෝහලේන් නේවාසික ප්‍රතිකාර මෙන්ම දෛනිකව සායනික රෝගීන්හු විශාල ප්‍රමාණයක් පැමිණෙති. නේවාසික රෝගීන්ට මෙන්ම බාහිර ප්‍රතිකාර ගැනීමට එන ප්‍රමාණවත් තරම් ඖෂධ නොමැතිකමින් ඔවුහු දැඩි පීඩාවකට පත්වෙති.
මෙම රෝහලේ වකුගඩු රෝගීන් 100කගේ පමණ ඒකවර රුධිර කාන්දුකරණයට යොමු කළ පරිදි පහසුකම් සලසා ඇතත් ඖෂධ හිඟය නිසා දැනට දිනකට අධියර 2 ක් යටතේ රෝගීන් 100කට පමණ රුධිර කාන්දුකරණය සිදු කරනු ලබයි.
පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ රුධිර කාන්දුකරණයට රෝගීන් 150 පමණ දිනකට යොමුවන අතර ඉන් වැඩි පිරිසක් යොමු වන්නේ පොලොන්නරුව වකුගඩු රෝහලටයි. ඉතා සුළු පිරිසක් මැදිරිගිරිය මූලික රෝහලට සහ හිගුරක්ගොඩ රෝහල වෙත යොමු වෙති.
වකුගඩු රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන බාහිර රෝගීන්ට සේම නේවාසික රෝගීන්ට ප්‍රමාණවත් තරම් ඖෂධ නොමැතිකම හේතුවෙන් රෝගීන්ට සිදුව ඇත්තේ වැඩිමිලට පෞද්ගලික ඖෂධාගාරවලින් මිලදී ගැනීමට බව රෝගීහු පවසති.
මෙම රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීයකු අප වෙත කියා සිටියේ මසකට වකුගඩු දීමනාව ලෙස රුපියල් 5000 මුදලක් ලැබුනද ඒය ඖෂධ ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවන බවයි.
වකුගඩු දීමනාව ද මාස දෙකකින තමන්ට නොලැබුන බවත් මෙවර සායනයෙන් පිට ඖෂධහල්වලින් ලබා දුන් ඖෂධ මිලදී ගැනීමට ප්‍රමාණවත් මුදල් නොමැතිකම නිසා වචනෙන් කිව නොහැකි අසරණකමක් දැනුන බව කදුළු පිරි දෙනෙතින් යුතුව අපවෙත කියන්නට විය.
රෝගීන්ට පිටතින් මිලදී ගැනීමට ලියන ලද ඖෂධවල මිල සම්බන්ධව පොලොන්නරුව දිස්ත්‍රීක් ඖෂධහල් හිමියන්ගේ සංගමයේ සභාපති සුජීව ගුණතිලක මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු කිය.
වෛද්‍යවරුන් නිර්දේශ අනුව රෝගීන් විශාල පිරිසකට ඖෂධ මිලදී ගැනීමට පැමිණෙනවා. එහෙම එන අය අතේ තියන මුදලට දින කීපයකට ඖෂධ අරන් යනව. නැවත බෙහෙත් ගන්න එන්නේ නෑ. එහෙම එන අවස්ථාව ඉතාම අඩුයි
රජය ඖෂධ වර්ගවල මිල ගණන් 16% අඩු කළා. නමුත් එම මිල 50% අඩු කිරීමට රජයට හැකියාවක් තියෙනවා. රටට ඖෂධ වර්ග ආනයනය කරනා මහා පරිමාණ සැපයුම්කරුවන් අධික ලාභයක් මේ තුළින් ලබනවා. ඒම මාපියාව නතර කරනවා නම් ඒ්ක රෝගීන්ට දැඩි අත්වැසිල්ලක්.
ඖෂධ අලෙවි කිරීම තුලින් අපිට තියෙන්නේ 10% ලාභයක් මසකට විදුලි බිල පමණක් රුපියල් 85 000 පමණ වෙනවා. ඖෂධ මිල අඩු කළොත් අපිටත් සහනදායී ලෙස ඖෂධ ලබා දිය හැකි බව ඒ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජරට වකුගඩු රෝහලට අසාධ්‍යයයි
සල්ලි Tuesday, 13 June 2023 06:52 AM
සිරිසේන ඔයාට පුලුවන් ඔයාගේ කොළඹ ගෙදර විකුනලා සල්ලි අරන් දෙන්න , නියම නායකයෝ එහෙමයි. තමන්ගේ වස්තුව දන් දුන්නා ජනතාව වෙනුවෙන් , ඔයා ලෑස්තිද?