IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


රජරට ශ්‍රී විභූතිය ලොවට කියන්න දුන් ලක්ෂ 160ක් බහිරවයාට

(දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පළා‍තේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණින් වෙබ් අඩවියක් නිර්මාණය කිරිම සදහා ලබාදුන් රුපියල් ලක්ෂ 160 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ප්‍රධාන අමාත්‍යශයේ ලේකම්වරයාට නියම කළේය.
උතුරු මැද පළාතේ සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරිම සදහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීමටත්,  උතුරු මැද පළාතේ සංචාරක තොරතුරු ඇතුලත් සීඩි පටයක් සහ ජාත්‍යාන්තර මට්ටමේ ග්‍රන්ථයක් සැකසීම සදහාත් මෙම මුදල 2016 වසරේදි කොන්ත්‍රාත්කරකුට ලබාදි තිබුණි.
මේ සම්බන්ධයෙන් එම කොන්ත්‍රාත්කරුවා සමග ගිවිසුම් ගතව තිබුණද මෙතෙක් එම කාර්ය ඉටුවී නැති බවද එම මුදලට සිදුවු දෙයක් නොමැති බව ද මෙහිදි අනාවරණය විය.
ඒ අනුව එම කාර්ය ඉටු නොකර  මුදල් වංචාවක් සිදුකර ඇති බැවින් ඒ පිළිබදව වහාම නීති මගින් කටයුතු කරන ලෙසත් ඊට අමතරව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  පැමිණිලි කර එම වංචාව සිදු කළ අයට විරුද්ධව කටයුතු කරන ලෙසත් ආණ්ඩුකාරවරයා මෙහිදි නියම කළේය.

 



අදහස් (4)

රජරට ශ්‍රී විභූතිය ලොවට කියන්න දුන් ලක්ෂ 160ක් බහිරවයාට

fairoos Tuesday, 06 April 2021 08:33 AM

වැඩේ වෙන්න ඉස්සෙලා මුළු මුදලම දිලා ද? එහෙනම් හොඳ කොමිස් එකක් ලැබෙන්න ඇති.

:       0       3

Kule Tuesday, 06 April 2021 10:06 AM

2016 ද, එහෙනම් අහන්න දෙයක් නැහැ. බැංකු හොරුන්ගේ කාලෙනේ..

:       0       1

සෙනෙවිරත්න Tuesday, 06 April 2021 12:10 PM

මධ්‍යම ආණ්ඩුවේ බලය තිබුණේ අලුත් හොරු කල්ලියට, වුණාට පළාත් සභාවේ බලය තිබුනේ අනිත් හොරු කල්ලියට..

:       0       1

Hafeel Tuesday, 06 April 2021 02:22 PM

ඉක්මන් වුණා. මේ ගනුදෙණු වෙලා තියෙන්නේ පළාත් සභාවෙන්. හරි හරි ඉතින් දෙගොල්ලන්ම හොරු...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 3 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
2024 නොවැම්බර් මස 05 20 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ


ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 225 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එයි
2024 නොවැම්බර් මස 05 272 0

විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .


ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි
2024 නොවැම්බර් මස 05 39 0

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල


රනිල් ගෙන් ජනපතිට අභියෝගයක්
2024 නොවැම්බර් මස 05 810 3

තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 402 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1306 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site