IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


රජ්‍ය ආයතන වල සැප වාහන ඉවත් කරන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය ආයතන වලට විශාල වැය බරක් වන අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව අපහරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රාජ්‍ය ආයතන වල භාවිත වන ඇතැම් අධි සුඛෝපභෝගී වාහන වල නඩත්තු හා ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැය සැලකිල්ලට ගෙන, එවැනි අධි සුඛෝපභෝගී වාහන අපහරණය කිරීම ආර්ථිකව වඩාත් ඵලදායි වන බව පෙනී ගොස් ඇත.

ඒ අනුව, සියලුම රාජ්‍ය ආයතන වල පවතින වාහන පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සිදු කර, රේගු සංකේතාංක 87.03 යටතට ගැනෙන පෙට්‍රල් එන්ජින් ධාරිතාව 1800ccට වැඩි වාහන සහ ඩීසල් එන්ජින් ධාරිතාව 2300ට වැඩි වාහන (ඩබල් කැබ් / සිංගල් කැබ්/ වෑන් රථ / බස් රථ හැර) නියමිත ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් 2025-03-01 දිනට පෙර අදාළ ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් විසින් අපහරණය කිරීමටත්, ඒ අනුව කටයුතු කර මහා භාණ්ඩාගාරයේ කොස්ට්‍රෝලර් ජනරාල් වෙත වාර්තා කිරීම සඳහා අදාළ වක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස භාණ්ඩාගාරයේ ලේකම් වෙත බලය පැවරීමටත්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

රජ්‍ය ආයතන වල සැප වාහන ඉවත් කරන්න කැබිනට් අනුමැතිය

don Tuesday, 03 December 2024 06:06 PM

නියමයි... ඔය ආයතන වල ජනතාවට සේවය සපයන්න එන ලොක්කා එන්නේ වී 8 එකේ.. සල්ලි ගෙවලා වැඩේ කරගන්න එන මනුස්සයා ඉන්නේ බස් එකේ... ඉතින් බස් එකේ ඇවිත් සල්ලි ගෙන්නුවත් වී 8 එකෙන් එන ලොක්කා අර මනුස්සයාව ගනන් ගන්නේ නෑ... සළකන්නේ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


අත්නොමතික මාරු කිරීම් සොයන්න සජබෙන් විශේෂ ඒකකයක්
2024 දෙසැම්බර් මස 26 249 0

රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතිකව සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් සිඟිත්තිය මරුට
2024 දෙසැම්බර් මස 26 183 0

යාපනය නුවර එ නවය මාර්ගයේ කිලිනොච්චිය නගරයේදී ටිපර් රථයක් යතුරු පැදියක ගැටී ඊයේ (25) සිදුවූ අනතුරකින් වයස අවුරුදු දෙකක කුඩා දැරියක මියගොස් අ‍ැගේ මව, පි


අඩු ආදායම් ලාභීන්ට නිවාස දෙන්න චීනයෙන් කෝටි 2,200ක්
2024 දෙසැම්බර් මස 26 211 0

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට බෙදාදීමට නිවාස ඒකක 1,888 සහ ප්‍රවිණ කලාකරුවන් සඳහා නිවාස ඒකක 108 ක් ඉදිකිරීමට චීන ආණ්ඩුව යුවාන් මිලියන 552 ක් හෙවත් රුපියල් කෝ


’’බැංකුව අයකරන බද්ද නැවත දෙන ක්‍රමයක් නෑ’’
2024 දෙසැම්බර් මස 26 1023 0

අඩු ආදායම් ලාභීන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් ආදායම පෙන්වා බදු නිදහස හිමිකරගන්නා තෙක් බැංකු පොලියෙන් අය කරන සියයට 10 ක බද්ද නැවත ජනතාවට දීමේ ක්‍


ශ්‍රී ලංකාවේ හැඩය ගත් නිල් මැණිකක්
2024 දෙසැම්බර් මස 26 930 0

ශ්‍රී ලංකාව හැඩය ඇති දුර්ලභ ස්වභාවික නිල් මැණිකක් තමන් මිලදී ගත් බව රත්නපුර නිවිතිගල මැණික් ව්‍යාපාරිකයෙක් අද( 26) පැවසුවේය.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 113 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 109 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 80 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site