IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


රටට ගැලපෙන ගමනක් ගැන පාඨලී කියයි

(ඩයනා උදයංගනී)

සියලු දේශපාලන පක්‍ෂවල සහයෝගය ඇතිව ඉදිරියේදී නව දේශපාලන බලවේගයක් නිර්මාණය කරන බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඉදිරියේදී රටට ගැලපෙන, මධ්‍යස්ථ, ප්‍රායෝගික, මධ්‍යස්ථ මෙන්ම රටේ තරුණ පරපුරේ සහ වෘත්තිකයන්ගේ විශ්වාසය දිනාගත හැකි දේශපාලන පක්ෂයක් රටට හඳුන්වා දිය යුතු බව පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

සමඟි ජන බලවේගයේ පිරිසක් ද ඒ හා සම්බන්ධ වනු ඇතැයි තමන් විශ්වාස කරන බව මන්ත්‍රීවරයා කීය.

පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ බදුල්ලේ දී ඊයේ (17) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

මැතිවරණයකින් තොරව මහජන මතය පාර්ලිමේන්තුව තුළ නිරූපණය කළ හැකි බලවේගයක් පළමුව බිහිකළ යුතු බව කී මන්ත්‍රීවරයා දැනට පාර්ලිමේන්තුවේ 108ක් වන විපක්‍ෂ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 113ක් බවට පත්කරගත යුතු බව ද කීවේය.

එවිට රාජපක්‍ෂවරුන්ගේ හිරකරුවන් නොවී වැදගත් ගමනක් යාමට අවස්ථාව ලැබෙන බව ද පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

 



අදහස් (13)

රටට ගැලපෙන ගමනක් ගැන පාඨලී කියයි

pakeer Sunday, 18 September 2022 04:59 PM

නිෂ්පාදනයට සහ කෘෂිකර්මාන්තයට හරියන විදිහේ එකක් හදන්න. පුටු රත්කරන අයට නෙමෙයි. ඇඟ මහන්සි කරන අයට හරියන විදිහේ එකක් හදන්න.

:       0       0

යෝගා Sunday, 18 September 2022 05:36 PM

ඔයා තවදුරටත් ඔය සිහිනය බල බල ඉන්න. ජනතාව නම් නින්දෙන් ඇහැරිලා ගොඩක් කල්.

:       5       27

sena Sunday, 18 September 2022 05:48 PM

ඔය ඔලුගෙඩි මාරුවෙන් වෙන්නේ ඔයාගේ දැනට තියන පිලිගැනීම නැති වෙන එක. දෙවනි තකාරනේ රාජ පක්ෂලාට විපක්සෙ වාඩිවෙලා තමුන්නාන්සලොගේ ආණ්ඩුව පතුරු ගහලා තවත් අවුරුදු දෙකහමාරකින් බලයට එන එක. රට මීටත් වඩා පහළට යනවා.

:       3       26

ranjith Sunday, 18 September 2022 09:20 PM

ඔක්කොම බලන් ඉන්නේ රටේ නායකයා වෙන්න... මේ වගේ බලතණ්හා කාරයින් ප්‍රධාන පක්ෂවලින් හැලෙන එකත් හොඳයි.

:       0       0

කෞටිල්‍ය Sunday, 18 September 2022 10:17 PM

මෙයා කුටිටමෙි කොල කීයක් දැන් ගැහුවද? ශාස්ත්‍රීයමය සුදුසුකම ඉහලින්ම තිබුණට මදි ලොක්කා, ඔයයි සජිතුයි දෙන්නම තාම ඉන්නෙ හබල අඩපණ බෝටිටුවෙ, අරමුණට ළගාවෙන්න විෂන්, මිෂන් හොදට ෂාප් වෙන්න ඔිනි. තව මයිල ගණනාවක් යන්න වෙයි.

:       0       0

චතුරි Monday, 19 September 2022 01:40 AM

මිට වැඩිය ලොකු ගමනක් යන්න පුලුවන්. මට. බාර ගන්න පුලුවන් වුනානම්. මොලයක් නැති තක්කඩි. දැන් රට ගොඩගන්න නිතරම. රට පෙරලන හැටි කිය කිය ඉන්නවා. අද පොල් ගනන්. නිසා ඉන්නවා නැතිනම් උබලා රට හොන්දට තියෙන කාලෙ කෙරුවෙම. පොල් ගහන එක. කොහෙවත් යන කපුවෙක් ලගට ගිහින්. උබලා ඉන්නකම් මෙ රට ගොඩ ගන්න බැහැ. ඔරිජිනල් ත්‍ර්ස්තවදි ඉන්නෙ පාර්ලිමෙන්තුවේ උන්ව කුඩුකරලා වරදට දඩුවම් දෙනකම්. ඔය රට ඔය විදියයි. 250 ඇතුල යවලා. අද වෙනතුරු කරපුහොර වැඩ. මිනිමැරුම් ඒවාට වන්දි ගන්න ඔන. මිලියන ගනනින්. රට්ටකරපු අපරාදෙට. කුඩුවෙන් එලියට එන්න නම්. වන්දි මුදල් දෙන්න. ඕන. හිරෙ ඉන්නකම් පිනට කන්න දෙන්නෙත් නැහැ. මාසෙට ලක්ශ 5 ගානේ දෙන්න ඕන එකෙක්. රට නිකම්ම ගොඩ. මට ජනාදිපති කමවත්. අගමැති කමවත්. එපා මුන්ව කුඩුවට දමන්න පුලුවන් තනතුරක් ලැබුනොත් ඇතී. නිතියට වැඩ කරන. හැටි මම පෙන්වන්නම්

:       0       0

rnajith Monday, 19 September 2022 06:57 AM

තණ්හාය ජායතී සෝකෝ... අවසානයේ ඕක තමයි.

:       0       0

Bamunuarachchi Monday, 19 September 2022 07:02 AM

ඔය හදන්නේ ආඬි හත්දෙනාගේ කැඳ හැලිය කොරන්න. දැන් පෙනෙනවානේද මොකද වෙලා තිබෙන්නේ කියලා. ගීතාකු මාර සින්හත් ජනාධිපති වෙනුවට වැඩ බලනවා. ඔය කැඳ හැලිය හදනවාට වඩා හොඳයි ජෙප්පන්ට රට දෙන එක. එක්කෝ හැදෙයි නැතිනම් නැත්තටම නැතිවේවි. අපිට කමක් නැහැ අපේ ළමයි පිටරට පදිංචි උනා.

:       0       0

ruwan Monday, 19 September 2022 08:56 AM

ඔයාගේ ගමන ගැන අර හප්පපු ළමයාගෙන් තමයි අහන්න ඕනෑ.

:       0       0

හෙට්ටිකුමාර Monday, 19 September 2022 12:03 PM

රාජපක්ෂවරුන් කොල්ලකමින්, හපයක් කරමින් තිබූ රට රාජපක්ෂලාගෙන් බේරාගැනීමේ ප්‍රමුඛයන් මෙතුමා නායකත්වය දරන 43 සේනාංකය බව මගේ දැඩි විස්වාසයයි. මෙතුමන්ලා එය ප්‍රකාශ නොකලත් ඒ සදහා බොහෝ සාක්ෂි මා සතුයි. අද රාජපක්ෂලට ඍජුව මංකොල්ල කෑමේ අවස්ථාව අහිමිව ඇති අතර ඒජන්තයන් මාර්ගයෙන් තවදුරටත් මංකොල්ලය සිදුවෙමින් පැවති. ඒ සජිත්ගෙ හා jvpයෙ රාජපක්ෂ ගැතිබාවය නිසා ඇති උවකි. මේ ගැති බාවය නිසාම ජනාධිපතිකම මොවුන් දෙදෙනාගෙන්ම ගිලිහි ගියේ මුලු මහත් රටක් නැවතත් රාජපක්ෂ ඔඩොක්කුවට යවමින්. කොටි ත්‍රස්තවාදය පරාජය කල රනිල්, මහින්ද, චන්දිකා, සිරිසේනගෙ නොමනා ක්‍රියාකාරකම් මර්දනය කල මෙතුමාට විපක්ෂයකල එතිහාසික වැරැද්ද නිවැරදි කර, රාජපක්ෂ මංකොල්ලය අවම කල හැකි රජයක් නිර්මාණය කිරීම මොහුට කල හැකි බව මගේ විස්වාසයක්‌. කණගාටුවට කරුණ සජබෙ සාමාජිකයෙක් ජනාධිපති පන්නා දැමූ අතර ජනාධිපතිකම ගැනීමට එහි නායකයාට නොහැකි වීම හා එය පිලිබඳව ඔහු හීනෙන්වත් නොදැනීම. අරගලය ගෙනයාමට ෆොන්සේකා, පෙරටුගමින්ජ,වීපෙ කණ්ඩායම්වලට පහුගිය 9 වෙනිදා නොහැකි වුයේ එය ඔවුන්ගේ පාලනේ නොතිබුන නිසායි. අවම තරමේ එක් අයෙක්වත් සභාගි උනේ නැහැ.

:       0       0

Rata Perata Monday, 19 September 2022 12:45 PM

මේක තමයි කරන්න තියෙන එකම දේ.. රාජපක්ෂගෙන් තොර ලංකාවක්...

:       0       1

BamunuarachchiTuesday, 20 September 2022 06:48 AM

එහෙනම් සයිවර් කඩේට එන දෙමල කොල්ලෝ උන්කාලා ඉතුරුරුවෙච්ච කෙහෙල් කොලේ පෙන්නලා පොරෝට අයියා මේ වාලඉලේ වාලියට දාපන්, කෙහෙල්කොලේ බාල්දිය දාපන් කියයි. මොකද ඔහෙලාව ප්‍රබාකරන් සයිවර් කඩවල තොසේ බෙදන්න අරන්. සයිවර් කඩවල හිටි දෙමල්ලු 1956 ට කලින් වගේ රජයේ කාර්යාලාවක ලියන මහත්ත්වරු, අංශ ප්‍රධානින්. රට පෙරට ගියේ රාජපක්ෂලා හින්ඳ නැතිනම් ඔහෙලව පාමංකඩ කියලා ප්‍රබාකරන් එක්ක යන්නේ අලිමංකඩ වැඩට.

:       0       0

Surain Monday, 19 September 2022 01:22 PM

ඔයාගේ රනිල්ද? ඔයාට අලුත්ම ලණුව දුන්නේ ලණු... ලණු කකා ඉන්නකෝ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දුම්රිය
2024 නොවැම්බර් මස 17 0 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 214 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 121 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 543 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 178 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 1492 2

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 341 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site