(යොහාන් භාසුර)
ලාෆ් සහ ලිට්රෝ ගෘහස්ථ ගෑස් වර්ග දෙකම වෙළෙඳපොල තුළ දැඩි හිඟයක් ඇති වී තිබේ.
ගෑස් වර්ග දෙකෙන් එකක්වත් මිලදී ගැනීමට නොහැකි වීමෙන් ගෑස් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.
‘ලාෆ්’ ගෑස් සමාගමේ සභාපති ඩව්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතාගෙන් මේ පිළිබඳව අද (1) පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ ඩොලර් හිඟය හේතුවෙන් ලාෆ් ගෑස් හිඟයක් ඇති වී ඇති බවත් එසේ වුවද දෛනිකව ගෑස් ටොන් 300 ත් 400 ත් ප්‍රමාණයක් වෙළෙඳපොලට සපයන බවත්ය.
බැංකුවලින් ඩොලර් නොලැබීම නිසා ගෑස් ආනයනය කළ නොහැකි තත්වයක් ඇති වී තිබෙන බව කී වෑගපිටිය මහතා ණයවර ලිපියක් විවෘත කිරීමට බැංකුවට වැදීමට සිදුවී ඇති බව ද සඳහන් කළේය.
ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසුවේ එම සමාගම සාමාන්‍ය පරිදි ගෑස් සැපයුම පවත්වාගෙන යන බවත් ‘ලාෆ්’ ගෑස් හිඟයත් සමඟ ලිට්රෝ ගෑස් ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රටපුරා නැවතත් ගෑස් හිඟයක්
Sunil Monday, 01 November 2021 01:51 PM
ලාෆ් ගෑස් හිඟවුණාම ලිට්රෝ ගෑස් හිඟ වෙන්නේ කොහොමද? ලාෆ් ගෑස් සිලින්ඩර් වලට ලිට්රෝ ගෑස් දෙනවද? විකාර කතා...
fairoos Monday, 01 November 2021 05:26 PM
දෙයියෝ සාක්කි... රට හැමදාම වලපල්ලට තමයි.. සර් ෆේල්...!
ranjan Monday, 01 November 2021 05:34 PM
තවපාරක් මිල වැඩි කිරීමේ ප්‍රෝඩාවක්ද? මිනිස්සු නොමරා මැරීමක් වගේ අතට එන මුදලින් මාසේ ගැටගහගන්නේ කොහොමද?
සෙනෙවිරත්න Monday, 01 November 2021 09:02 PM
වගේ වගක් නැතුව ලෝකෙ පුරා බයිලා කියකිය යනවා...
ධම්මික Monday, 01 November 2021 09:23 PM
ලාෆ් ගෑස් තියෙනවා කිව්වට මේ අවුරුද්දෙම වාගේ නොතිබුණු බව කියන්න වෙනවා..
Perera Tuesday, 02 November 2021 12:04 AM
හොරා කෑම ඇරෙන්න අනිත් හැම දෙයක්ම ලංකාවේ හිඟයි වගේ